:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Master the art of options trading and profit from any market condition. and also Learn how to trade options using the various option trading strategies.

Sunday, April 9, 2017

ඔන්න එහෙම නම් කාලෙකට පස්සෙ බ්ලොග් එකට අලුත් දෙයක් අරගෙන අවා.ඊට කලින් කියන්න දෙවල් ටිකක් තියෙනවා ඒව කියල පටන් ගන්න එක වටිනවා.පලවෙනි කාරනේ තමයි සිහින අනුහස් අය්යා තව දුරටත් මේ බ්ලොග් එක කරන්නෙ නෑ.වෙන මොකුත් නිසා නෙමේ එයගේ පුද්ගලික වැඩ කටයුතු එක්ක මේක කරන්න වෙලාවක් නැති හන්දා ඉතින් අයෙමත් එයාට මේක කරන්න වෙලාවක් එනකන් මම තමයි මේ බ්ලොග් එක කරන්නේ.
                                එතකොට මම කවුද එක තමයි දෙවනි කාරනේ.මම සමීර මේ තියන්නේ මාව හොයගන්න පුලුවන් තැන් ටික.
                                        මම ගැන කිව්වොත් කොලඹ කැම්පස් එකේ ඉන්නේ.මේ ෆීල්ඩ් එකට අවේ සරුසාර වෙබ් පේජ් එක නිසා අපි මුල අමතක කරන්න හොද නෑනෙ.ඉතින් මේ ගමනෙදි ගොඩක් අලුත් යලූවො අදුරගෙන ගත්තා.ගොඩාක් හොද මිනිස්සු වගෙම හිතේ කිසි කහටක් නැතුව ඔනි කෙනෙක් උදවු කරන්න කැමති මිනිස්සු.නම් වශයෙන් කියන්න අමරුයි. උනට මෙ බ්ලොග් එක ඇතුලේ මම ලියන දෙවල් වලට ගැලපෙන විදිහට අවස්තානුකූලව මම එයලා අදුන්වලා දෙන්නම්.
                                                                                          හරි එහෙම නම් අපි යමු අද Topic එකට.අද අරගෙන අවෙත් මෙ බ්ලොග් එකේ උඩ තියෙනවා වගෙම Strategy එකක් නම තමයි Trend Friend.ඉතින් මේක හොයාගත්තේ ලංකාවේ කෙනෙක්.ඇත්තටම කිව්වොත් මෙයා මේ Strategy එක Develop කරලා අපිට දුන්නා කිව්වොත් තමා හරි.මේක ඉස්සෙල්ලාම හොයගත්තේ Singh කියලා කෙනෙක් එයා ගැන මෙතනින් බලන්න පුලුවන්.
                          හරි ඊලගට මෙක අපිට ගෙනැත් දුන්න කෙනා ගැන කීවොත් මෙයා ලංකාවේ මේ ෆීල්ඩ් එකේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්.අවුරුදු කීපයක experience තියෙන කෙනෙක් හොද Knowledge එකක් තියෙනවා. වගේම ඔනි කෙනෙක්ට උදවු කරන කෙනෙක්.මේ ෆීල්ඩ් එකෙ ගොඩක් ඉන්නේ බොරුකාරයෝ එහෙම නැත්තම් හැමදෙම සල්ලි වලට විකුනන ජාතියෙ මිනිස්සු.ඉතින් මේ වගේ අය හරි අඩුයි.මෙයා ගැන දැනගන්න්න ඔනි අයට මෙතන තියෙනවා විස්තර.

                                                                       ඕනාවට වඩා වල් පල් කියන්නත් හොද නැනෙ උනාට මේ දෙවල් කිව යුතුම දෙවල්.දැන් බලමු Strategy එක ගැන.මෙක මූලිකවම Trend following Strategy එකක්. one minute තමයි Trade කරන්නේ.Channel breakout එකකට පස්සේ එන waterfall වලදි තමයි Strategy එක එලටම වැඩ කරන්නෙ.හරියට rules fallow කරොත් Over 90% වගේ Win rate එකක් තියෙනවා.
                                                                                
Indicators ටික ගන්න පුලුවන් මේ telegram group එකෙන්.
                                                                               ඔය මොනා තිබුනත් වැඩක් නෑනෙ මෙකෙන් Entry එකක් ගන්නෙ කොහොමද දන්නෙ නැත්තම්.මෙන්න මේ youtube ලින්ක් එකේ තියෙනවා video එකක් කොහොමද මේක use කරන්නෙ කියලා.තවත් මෙ වගෙම අලුත් දෙයක් එක්ක අයෙමත් හම්බ වෙමු.ප්රශ්න තිබුනොත් පහල කරන්න. ඉතින් එහෙම නම් හැමොටම සුභ අලුත් අවුරුද්දක් කියන ගමන් මම ගියා.

Monday, September 26, 2016




හැමෝටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 
හැමෝම හොදින් ඇති කියලා හිතනවා. මමත් දෙය්යනේ කියලා ඉතින් ඉන්නවා. මේ මගේ නිවාඩුව අවසාන වෙන දවස් ටික. මොනවම හරි වැදගත් දෙයක් දෙන්න බැරි උනොත් ඒකත් නිකම් අඩු පාඩුවක් වගේ දැනෙනවා මට.



Candlestick Pattern and Confirmation 

මුලින්ම කියන ඕනේ, මේක ගොඩක් වැදගත් පොස්ට් එකක් වෙයි. ඒ ඇයි කියලා මේකේ අවසානෙට ඔයාට තේරෙයි. අනිත් දේ දෙයක් ඉගෙනගත්තට වැඩක් නෑ ඒක එදිනෙදා පාවිච්චි කරන්න බැරිනම්, දෙයක් ඉගෙනගත්තට වැඩක් නෑ අපිට ඒ දේ තව කෙනෙක්ට කියලා දෙන්න බැරිනම්. ඉතින් ඉගෙනගන්න ඒවා යොදාගන්න, ඉගෙනගන්න ඔයා වගේම තව කෙනෙක්ට කියලා දෙන්න. එකෙන් ඉගෙනගන්නේ ඔයාමයි. මම මේ බ්ලොග් එක ලියන්න ප්‍රධාන හේතුවත් මම දෙයක් අවබෝධ කරගෙන තව අයට කියල දුන්නම එකෙන් වැඩියෙන්ම ඉගෙනගන්නේ වැඩියෙන්ම දැනුම ගන්නේ මම. ඉතින් ඔයත් එහෙම වෙන්න.   

මම මීට කලින් Candlestick Pattern කියන්නේ මොනවද ඒවායින් වෙන්නේ මොනවද, අදුනගන්නේ කොහොමද වගේ දේවල් කතා කළා. කෙනෙක් කියෙව්වේ නැත්නම් මෙන්න මේ ලින්ක් වලින් ගිහින් මුලින් ඒ ටික කියවලා එන්න, නැත්නම් මේ ටික තේරුම් ගන්න අමාරුයි. 

Candlestick Part 01
Candlestick Part 02

       මට මග ඇරුන Candlestick Pattern ටිකක් තියෙනවා මුලින් එක විතර කරලා ඉන්නම්. 


Piercing and Dark Cloud Cover Pattern 



ම්ම් මෙහෙම ෆොටෝ එකක් දැම්මොත් විතරක් තේරෙයිද? කලින් මගේ ලිපි කියෙව්ව කෙනෙක් නම් දැක්කත් අදුනගන්නවා මේකේ කොහොමද වෙන්න ඕනේ කියලා. 
මුලින් Piercing Pattern එක ගැන කතා කරමු. පැහැදිලි කිරීම් අඩුයි. 
ඒ වෙනුවට Photos ටිකක් දාන්නම් 


1. මාර්කට් එක පහලට එන අවස්තාවක් වෙන්න ඕනේ. 
2. ඊට කලින් Sell (Bearish) Candle එකක් තියෙන්න ඕනේ 
3. Buy (Bull) Candle එක යම් පරතරකින් පහල ඉදන් එන්න ඕනේ 
4. Bull Candle එක ඊට කලින් Sell (Bearish) Candle එකේ සයිස් එක වගේ බාගයක් වෙලා Bull Candle එක close (ඉවර) වෙන්න ඕනේ. 

ඒ සේරම හරි නේද? හරි ඕකෙම අනිත් පැත්ත තමයි Dark Cloud Cover එකේ වෙන්නේ. එකත් විස්තර කරන්න ඕනෙද? නෑ නෙහ්.. එකී මෙකි නොකී Candlestick Pattern තව ගොඩාක් තියෙනවා. වැදගත්ම වෙයි කියල හිතන ටික තමයි දාල තියෙන්නේ කලින්. 


Candlestick Pattern and Confirmation 

Candlestick Pattern ටිකත් ඉගෙනගත්තා කියමු. දැන් මේවා කොහොමද අපි යොදාගන්නේ? ඒ කිව්වේ Pattern එක දැක්ක ගමන් ට්‍රේඩ් කරනවද යන පැත්ත දන්න නිසා? ම්ම් ම්ම් එහෙම කරන්න නම් අමාරුයි රජෝ. එකට නියමිත ක්‍රමයක් පිළිවෙලක් තව සලකා බලන්න ඕනේ කරුණු ගොඩාක් තියෙනවා. මෙතන ඉදලා ඉස්සරහට අපි කතා කරන්නේ අන්න ඒ ගැන. මේ කොටසටත් කලින් කිව්වා වගේම Candlestick Pattern ටික දැනගෙන ඉන්න ඕනේ. 

Doji at Support and Resistance



Support, Resistance ගැන මම කලින් කිව්වද නැද්ද කියලා නම් මතක නෑ. ඒ නිසා මේකෙම කියන්නම්. Support Line එකක් කියන්නේ මාකට් එකේ පහලම ස්ථාන 2ක් යා කරලා අදින Line එකකට. Resistance කියන්නේ එකේ අනිත් පැත්ත බව තේරෙනවනේ. ඉතින් මේ Line වලින් වැදගත් කමක් තියේද? 

අනිවාර්යෙන්. මාකට් එක සමහර වෙලාවට නෙමේ බොහෝ වෙලාවට උඩ පහල යන්නේ මෙන්න මේ Support, Resistance වල තමයි. ගොඩක් වෙලාවට 1h (1 hour), 4h (4 hour), Day chart වල Support, Resistance Manual Draw කරලා තමයි ගොඩක් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය ට්‍රේඩ් කරන්නේ. පොඩ්ඩක් chart එක බැලුවොත් මේ වගේ මාකට් එක බවුන්ස් උන තැන් දකින්න ලැබෙයි. ඒ ඒ තැන වල Support හෝ  Resistance level එකක් තියෙනවා. එකයි එහෙම වෙන්නේ. ඉතින් අපි මේ ඉගෙනගත්තු Doji Candlestick Pattern එක Support හෝ  Resistance level වල ගොඩක් වෙලාවට දකින්න පුළුවන්. එකෙන් අපිට මේක Support හෝ  Resistance level එකක් කියලා තහවුරු කරගන්න පුළුවන්. 



Candlestick Pattern එකක් හැදෙන්න, එහෙම නැත්නම් ඒක හරිම එකක් කියලා නිශ්තිත කරගන්න කරුණු 2ක් බලපානවා. 


1. Candlestick Pattern හැඩය 
2. දැනට ක්‍රියාත්මක වෙන Market Trend එක. එහෙම නැත්නම් දිශාව. උඩද පහලද යන්නේ කියන එක. 



Uptrend or Downtrend එකක Doji Candlestick Pattern එකක් කියන්නේ ඊළගට වෙන්නේ බොහෝ දුරට trend එක අනිත් පැත්තට Reversal වෙන එක, නැත්නම් අපු පැත්ත මාරු වෙන එක. පින්තුරේ හැටියට මේක Uptrend එකක්. Doji Candlestick Pattern එකක් අවොත් අපි හිතනවා ඊළගට trend Reversal එකක් වෙයි කියල. 
එත් සාමානයෙන් ඉහල පහල යන, (සමාන්තර support resistance level එකක් මැද Doji Candlestick Pattern එකක් ආවා කියල අපි ඒ හැටි ඒ ගැන හිතන්නේ නෑ. ඒකෙන් trend Reversal එකක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බැරි නිසා. 

Shadow Confirmation

ඔයාලාට මතක ඇති මම කලින් පොස්ට් වල wick (වික්) එක එහෙම නැත්නම් නැට්ට කියලා Candlestick තියෙන දෙයක් ගැන කතා කළා. දැන් කතා කරන්න හදන්නේ ඒවායින් කොහොමද ට්‍රේඩ් එකකට යන්න Confirmation එකක්, එහෙම නැත්නම් තහවුරු කිරීමක් කරගන්නේ කියලා. 
මුලින්ම හරියට wick (shadow) කියන්නේ මොකද්ද සහ upper shadow and lower shadowඅදුනගෙන ඉන්න ඕනේ. 


Shadow එක වැඩියෙන් තියෙන්නේ මොන අතටද අන්න ඒ පැත්තට තමයි මාකට් එක යන්න බලන්නේ. පහල පින්තුරෙ බලන්න. 






H = High 
L = Low 
O = Open 
C = Close

එත් Bull shadow සහ Bearish Shadow කියන්නේ වෙනම කතාවක්. පටලවෙවිද මන්දා. හොදට ඔලුවට ගන්න. ට්‍රෙන්ඩ් එකක් යන අවතාවක shadow එක තියෙන අතට මාකට් එක යනවා. ඔව් එක තමයි සම්මත නියතය. නමුත් Bull shadow සහ Bearish Shadow කියන්නේ වෙනම කතාවක්. ඒක මෙහෙමයි. ට්‍රෙන්ඩ් එක ගිහින් ට්‍රෙන්ඩ් එක රිවසල් වෙන්න හදනකොට තමයි අපිට මේ Bullish  shadow සහ Bearish Shadow හම්බ වෙන්නේ. උදාහරණ ටිකකින් පැහැදිලි කරගමු. 








දැන් ඒ දෙකම තියෙන උදාහරණක් බලමු.



shadow low උනා රිවසල් පොයින්ට් එකකින්. එක රිවසල් එකක් වෙන්නේ කොහොමද? අයි ඊට කලින් අපුව බලන්නකෝ. shadow low උනා ඊට පස්සේ bull trend එකකට මාරු උනා.

shadow high උනා රිවසල් පොයින්ට් එකකින්. එක රිවසල් එකක් වෙන්නේ කොහොමද? අයි ඊට කලින් අපුව බලන්නකෝ. shadow high උනා ඊට පස්සේ bearish trend එකකට මාරු උනා.

Hammer Confirmation

මම මිට කලින් Hammer ගැන කතා කරලා තියෙනවා. Hammer pattern එන්නෙත් ට්‍රෙන්ඩ් එක පහලට ගිහින් උඩට හැරෙන්න හදන වෙලාවල් වල බවත් ඔයා දන්නවා ඇති එහෙනම්? දන්නේ නෑ? එකනේ එනම් හරියට කියවල ඔලුවට දාගෙන නෑ. Hammer හැදෙන්නේ ට්‍රෙන්ඩ් එකේ පහල තැන වල. එහෙනම් අපිට Hammer pattern supportive level එකක් නිශ්තිව දැනගන්න පාවිච්චි කරන්න පුළුවන්. 

Resistance විදියට පාවිච්චි කරන්න පුලුවන්ද? බෑ. ඇයි බැරි? ට්‍රෙන්ඩ් එක උඩට ගියාම එන්නේ shooting star, hanging man වගේ pattern. ඒවා ගැන ඉස්සරහට කතා කරමු.



මේ වගේ Hammer pattern එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. 


Shooting Star Confirmation

Shooting Star pattern එක කියන්නේ මොකද්ද කියලා ආයේ ආයේ කතා කරන්න යන්නේ නෑ. කලින් කතා කරලා තියෙන නිසා. 


ඔන්න මං අර කලින් කිව්වා කතාව. Resistance Level වලට තමයි අපි shooting star use කරන්නේ. ඉතින් මේ වගේ අපිට යම්කිසි ස්ථානයක් නිශ්චිත හැරුම් ලක්ෂයක් විදියට අදුනගන්න පුළුවන් මේ candlestick use කලාම. 

තව Confirmation ගොඩාක් තියෙනවා. විස්තර කරන්න අවශ්‍ය නෑ වැඩිය. ඒ නිසා photos ටික හොදටම ඇති තේරුම් ගන්න.


Engulfing Confirmation






Dark Could Cover Confirmation


Dark Cloud Cover එන්නේ UPTREND එකක මුදුනේ විතරයි. ඒ නිසා අපිට ගන්න පුළුවන් Resistance level එකක් විදියට විතරයිනේ.



Piercing Pattern Confirmation

මේ පොස්ට් එකේම Piercing Pattern ගැන කතා කළා මතක ඇති. මෙන්න මේ විදියට ඒ Pattern එක යොදාගන්න පුලුවන්නම් නිකම් Pattern එක දැක්ක පලියට trade දානවට වඩා සාර්ථක වෙයි.



Harami Pattern Confirmation


Morning Star Pattern Confirmation



Evening Star Pattern Confirmation





ලිපියනම් ගොඩක් දිග උනා තමයි. එත් මේවා කියල දෙන්නත් එපාය. නැත්නම් pattern ඉගෙනගත්තා දැන් හරි ඔක්කොම සල්ලි ටිකක් දාල දෙන්නම් ජම්බු කියාගෙන ගිහින් අනාගන්න කලින් මේවත් දැනගන්න සහ විශේෂයෙන් ඉගෙනගත්තනම් පාවිච්චි කරන්න. යුද්දෙට නැති කඩුව අර මොකද්ද කොටන්නද කියල අහනවනේ. Trading ලේසි නෑ නෙහ්? පේනවනේ ඉගෙනගන්න තියෙන දේවල්, නිකම් සාගරේ වගේ. අපි එකේ නාවික සැතපුමක් වත් ගිහින් නැති ගානයි. කොයි වෙලේ හරි ගිලෙන්නත් බැරි නෑ? නෙහ්. තව හොද හොද දේවල් ඉස්සරහට. හෙමින් යමු. මගේ වටිනා වෙලාව මේවට කැප කරන්නේ කසනවට එහෙම නෙමේ ඈ. ඒ නිසා හොදට වැඩ ටික කරගෙන යන්න. ජයම හැමෝටම. මටත් ජයම වෙන්න ඕනේ ඉතින්. මෙව්වා කොටලා කොටලා ලැප් එකේ අකුරකුත් ගැලවුනා. අන්න එක අලවගන්න හොද ගම් එකක් කමෙන්ට් කරන යන්න ඒ ඇති හෙහේ.. පිස්සු නෙහ්. එහෙනම් ලගදීම තව පොස්ට් එකකින් හමුවෙමු. හැමෝටම ජය.!

අපේ Telegram Group Chat එකට එකතු වෙන්න Click Here

Monday, August 29, 2016


හලෝ කස්ටිය... 

හුග කාලෙකින් මේ පැත්තට ආවේ. කොහොමද ඉතින් ජිවිතේ? මල් 8යි ද? ඈ...
අද එහෙනම් පොඩ්ඩක් කතා කරමු තව ජනප්‍රිය සිස්ටම් එකක් ගැන. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. සමහරවිට නොදන්නවත් ඇති. Hubba Hubba's Style (5-15 mins) කියන්නේ ගොඩක් අය පාවිච්චි කරන සිස්ටම් එකක්. ලේසියි වැඩිය දේවල් නෑ, බොහෝවිට London, New York market වල හොදට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක දෙන්න ගොඩක් පරක්කු උනා කියලයි මමනම් හිතන්නේ. 100% නැතත් සැලකියයුතු මට්ටමක හොද වින් රේට් එකක් ගන්න මේ සිසිටම් එක හොදයි. 

Wednesday, August 10, 2016



හුග කාලෙකින් පොස්ට් එකක් ලිව්වෙත් නෑ, ලියන්න උනෙත් නෑ. ලංකාවේ බයිනරි කරන අය සහ ෆොරෙක්ස් කරන අය එන්න එන්න වැඩි වෙනවා. ඉතින් හැමෝටම කතා බහ කරන්න යාළුවො නැහැනේ. අපිටත් උන්නේ බොහොම පොඩ්ඩක්. ඉතින් අපි එහෙම එකතු වෙලා හදාගත්තු Skype Chat Group, Facebook Group වගේ ඒවා තියෙනවා. ඉතින් මම හිතුව Telegram Chat Group එකක් තියෙනවා මමයි තව යාලුවෝ ඉන්න. දන්න දේවල් බෙදාගන්න නොදන්නා දේවල් දැනගන්න අපි හදපු එකක්. මම ලින්ක් ඒක පහලින් දානවා. ඒක ක්ලික් කලාම ඕන කෙනෙක්ට ජෝන් වෙන්න පුළුවන්.
නීති ටිකක්නම් තියේ.! 

Telegram Windows Software https://desktop.telegram.org/ එක මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්. 


Android or Other Telegram Apps https://telegram.org/apps මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්. 


මුලින්ම Telegram එක අරන් එකේ අකවුන්ට් එකක් හදාගන්න. ඊට පස්සේ පහල තියෙන ලින්ක් එක කිල්ක් කලාම ගෘප් එකට එකතු වෙන්න පුළුවන් 

Open Link > https://telegram.me/joinchat/D5ED70EAdNyiwjJamC9V1w 
මේක ක්ලික් කලාම ගෘප් එකට ජොයින් වෙන්න පුළුවන්.

1. ස්පෑම් වැඩ වලට යොදාගන්න බෑ 
2. අනිත් අයට කරදරයක් වෙන්න බෑ 
3. එනම් මනම් දැන්වීම් දාන්න බෑ 
4. අසැබි දේවලුත් බෑ 
5. විනිසුරුගේ තීරණ අවසාන තීරණය වේ. (විනිසුරු මම හෙහේ :p )


දවසක ලස්සන වෙබ් එකක් ගහල මුල ඉදන් ට්‍රේඩින් ගැන මම දන්න දේවල් ලියන්න ආසයි. බලමු දවසක. ජය වේවා. මේ  පොස්ට්  එක දැම්මේ බයිනරි  වලට අලුත් අයට උදව්වක් වෙන්න.! 
ජය  වේවා. 

Monday, February 29, 2016

Tuesday, February 23, 2016



මම අද දාන්න හිතුව MT4 Time එක අපේ වෙලාවට හරවගන්න පොඩි indicator එකක් දෙන්න. මම කලින් මේක දැම්මා. එත් මෙහෙම පොස්ට් එකකින් දන්නා බැරි උනා.

Tuesday, February 2, 2016


ආයෙත් ආව ඔන්න තව සිස්ටම් එකක් උස්සගෙන හිහි. කොච්චර දුන්නත් මදිනේ. මොකද තමන්ට ගැලපෙන එකක් තියෙන්න එපාය නේද? ඒ නිසා නිකම් ඉන්න එකේ මේ දෙන ඒවත් කරලා බලන්නකෝ. හරි එහෙනම් බහිමු කතාවට

Wednesday, January 20, 2016


හා යාලෝ කොමද? හොදින් සිටීද? සිටි සිටි නේද? හරි එහෙනම් අද දෙන්න යන්නේ වෙනම සිස්ටම් එකක්. එක ලග සිස්ටම් ගොඩක් දානවා කියල බය වෙන්න එපා. ඔයාට ගැලපෙන එක බලලා කරගන්නයි තියෙන්නේ ගානට මිම්මට. 

Tuesday, January 19, 2016



අවුරුද්දකට විතර පස්සේ ආයෙම බ්ලොග් එකට අත ගහන්න හිතුනා හිටං. හිහි. හරි සිස්ටම් හොයන අය වෙනුවෙන් පොඩි පහේ සිස්ටම් කෑල්ලක් දෙන්නයි යන්නේ. හදුවෙනම් මම නෙමි. මම එඩිට් කළා පොඩ්ඩක් මොඩිෆයි කළා හොදේ. හරි නම තමයි  HAS_RIDIDNG_Sihina v1.0

Saturday, July 25, 2015



කලින් Post ඒකෙන් මම Candlestick වර්ග කීපයක් කියා දුන්න. අද Post ඒක කොහොමද මේ Candlestick වර්ග වලින් Trend ඒක ගැන අදහසක් ගන්නේ කියල. කලින් Post ඒක කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මුලින් ඒක කියවල ඉන්න. නැත්නම් ටිකක් අපැහැදිලි වේවි.