:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Tuesday, July 21, 2015



ආ කස්ටිය කොහොමද? ආයෙම වතාවක් බ්ලොග් එක අලුත් කරන්න හිතුනා. මොකද මේ දවස් වල ලංකාවේ විශාල සහ ප්‍රෙසිද්ද වෙබ් අඩවියකට පෝස්ට් ලියන්න අවස්තාවක් හම්බ උනා  ඒ කික් එකටත් එක්ක ඔන්න මං අද කනෙඩ්ල් ස්ටික් පැටර්න් වලින් පටන් අරන් චාර්ට් පැටර්න් වෙනකම් ලිපියක් ලියන්නයි යන්නෙ ආ...
එහෙනම් වැඩේට බහිමු 



මොනවද  Candlestick කියන්නේ ?

මේ Technique එක බිහිඋනේ Japan වල. Steve Nison කියන කෙනා මේ ගැන Research කරලා තමයි මේක ලෝකෙට හදුන්ව දුන්නේ. අපිට ඉතින් එකෙන් වැඩක් නැහැනේ . එක නිසා අපි බලමු මේ Technique එක ගැන.


Candlestick එකකින් නිරුපනය වෙන්නේ ඕනෑම  Time Frame එකක අදාල කාල සිමාව තුල Price එක චලනය උන විදිය. 
Ex:  M1 time frame එකේදී , " එක  Candlestick එකක් කියන්නේ එක මිනිත්තුවක් ".  එ විනාඩිය ඇතුලත උන  Price changing වලට අනුව තමයි  Candlestick එක  නිර්මාණය වෙන්නෙ.

Candlestick එකක් අදින්න Parameters (සාදක)  4  ක් ඕන.

1. Open Price- Candlestick එක අදින්න පටන් ගන්න Price එක.(M1 Chart එකක මිනිත්තුව පටන් ගන්න කොටම Market එකේ තියෙන Price එක)

2. Close Price- අදාල කාල සිමාව ඉවර වෙනකොට Price එක තිබුන තැන.(M1 Chart එකකනම් 59 Sec එක වෙන්න පුළුවන්)

3. High- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය ඉහලම මිල

4. Low- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය අඩුම මිල

ඉහත පින්තුරේ  Real Body එක තියෙන්නේ Open - Close Price අතර.  Real Body එකෙන් එහාට ගිය ඒවාට කියනවා Shadows කියල. 

උදාහරණයක් බලමුකෝ අපි.. 

M1 Time Frame
Bull Trend
Time = 12.05.00 H
Open Price = 1.2300


Bull Trend ( මාකට් එක ඉහල යන කැන්ඩ්ල් වලට අපි කියන්නෙ බුල් කැන්ඩ්ල් කියලා. එහෙනම් ඉහල යන අවස්තාවකට කියන්නෙ බුල් ත්‍රෙන්ඩ් කියලා. මේ වචන පොඩ්ඩක් නුහුරු උනාට ඉස්සරහට පුරුදු වෙයි. ) එකක් නිසා අපි හිතමු 12.04.59 H (එ කිව්වේ වෙලාව 12. විනාඩි 4යි තත්පර 59යි)  වලදී Price එක තිබුනේ 1.2299 කියල.

12.05.00 පටන් ගත්තේ Price එක 1.2300 (Open Price උඩ තියෙන කැන්ඩ්ල් එකේ විදියට ඒකත් බලන්න මේ කියවන ගමන් එතකොට තේරෙයි).

එහෙනම් 1.2300 ඉදන් තමයි Candlestick එක ඇදෙන්නේ.
වෙලාව 12.05.10 දී (12.05. තත්පර 10දී) Price එක අඩු උනා 1.2275 ට
වෙලාව 12.05.30 දි (12.05. තත්පර 30දී) Price එක වැඩි උනා 1.2367 ට
වෙලාව 12.05.59 දි (12.05. තත්පර 59දී) Price එක 1.2355 න් 12.05 මිනිත්තුවේ Candlestick එක Close උනා.

මම කලින් කිව්ව වගේ Real Body එක තියෙන්නේ Open-Close Price අතර. ඉන් එහාට ගිය ඒවා Shadows. Open Price එකට වඩා Close Price එක වැඩි නිසා මේක Bull Candle එකක්.

Open Price ඒකට වඩා Close Price එක අඩු උනානම් මේක Bear Candle (බිරිශ් කැන්ඩ්ල්) එකක් වෙනවා. එහෙම උනේ නෑ නේ. මේක බුල් එකක්. ඒ කිව්වෙ පටන් ගත්තු අගයට වඩා ඉහල අගයකින් අවසන් උනා. ඉතින් ඔන්න ඔහොමයි කැන්ඩ්ල් එකක් ඇදෙන්නෙ. සරලයි නේද? මහ දෙයක් නෑ. එහෙනම් අපි ඊලග
Candlestick Patterns ගැන ඉගෙනගමු


Candlestick Patterns

Candlestick වල අපි කලින් ඉගෙනගත්තු Body එක සහ Shadow (Wick - නැට්ට) එක බලලා අපිට කියන්න පුලුවන් මේ වෙලාවෙදි මාකට් එකේ Sell (Binary Option Trading වලදි නම් PUT) පවර් එකද Buy (Binary Option Trading වලදි නම් Call) පවර් එකද වැඩි කියලා දැනගන්න පුලුවන්..
එහෙනම් අපි ඒකත් ඉගෙනගමු.


  • Sexy Bodies

Long Body එකක් තියෙනවනම් එ වෙලාවේ Buying හෝ Selling Power එක වැඩියි. ඉක්මනින් Trend එක Move වෙනවා. එ කියන්නේ Active Trend එකක්. (Bull Long Candle එකක්නම් Buying Power එකත් Bear Long Candle එකක්නම් Selling Power එකත් වැඩියි ) බුල් බියර් අමතක වෙනවනම් බුල් කියන්නෙ Up බියර් Down කියලා මතක තියාගන්න. 


Short Body එකක්නම් තියෙන්නේ එ වෙලාවේ Market එක Active නැති වෙන්න පුළුවන්. Short Bull Candle එකක්නම් Buying Power එක අඩුයි. Bear Short Candle එකක්නම් Selling Power එක අඩුයි.
 මේ උඩ පින්තූරේ Long Body Candle වගේම Short Body Candle කියන දෙකම ඔන්න බලාගන්න පුලුවන්. එහෙනම් මේ වගේ කැන්ඩ්ල් දැක්ක ගමන් ඔයාටත් අනුමාන කරන්න පුලුවන් දැන් මාකට් එකේ තියෙන ත්‍රෙන්ඩ් එක. මොන පවර් එකද වැඩි. මම ඊලගට යන්න ඕන මොන ට්‍රේඩ් එකකටද කියන එක දැන් ඔයාටත් ලේසියෙන් හිතාගන්න පුලුවන්.


  • Mysterious Shadows



Long Shadows වලින් කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Power එක Release උන කියන එක. 


මේ වගේ Long shadow එකක් අවොත් Trend turn over එකක් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ තිබ්බ අප් හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එක ප්‍රතිවිරුද්ද අතට යන්න පුලුවන් මොකද තිබ්බ පවර් එක නිදහස් කලානෙ. ඊට පස්සෙ ඒකට විරුද්ද දේනේ වෙන්න ඕන. අර නිවටන් කිව්වෙ සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් තියේ කියලා. හික්.. නිවටන්ගේ කී වෙනි නියමෙද දන්නෙ නෑ බං දැන් ඔය විජ්ජා පාඩම් මට මතක නෑ.. මොකද මට භෞතික විද්‍යාව අරහන් ඈ. හෙහේ.. 

ඔන්න දැන් ඔයාල මේ වගේ ලොකු Long Shadows එහෙමත් නැත්නම් දිග නැට්ටක් එක්ක පොඩි කැන්ඩ්ල් එකක් තියෙනවා දැක්කොත් අනුමාන කරන්න ඊලගට ආපු විදිය වෙනස් වෙලා අනිත් අතට යාවි කියලා. ඔන්න දැන් ඒකත් අපි ඉගෙනගත්තා. ආ තව පොඩි දෙයක් Long Upper Shadow කියන්නෙ දිග ඉහලින් තියෙන නැට්ටට (Shadow එකට). Long Lower Shadow කියන්නෙ පහලින් තියෙන දිග නැට්ටට (Shadow එකට) මහ දෙයක් නෑ. ලේසියි නේහ්? එල. අපි යමු ඊලග එකටත් 

  • Spinning Tops



Long Upper and Lower Shadow දෙකක් එක්ක Small Body එකක් තියෙන Candlestick වලට තමයි Spinning Tops කියන්නේ. මේ ගැන වැඩි විස්තර ඉදිරියට. ඕවත් ඕන තරම් දැකලා ඇති නේද Mt4 එකේ? 


  • Mazubozu (තෙරුම නම් අහන්න එපා)




Shadows නැති Candlestick වලට තමයි ඔය නම කියන්නේ. 

එ කියන්නේ Bull Candle (Up) එකක්නම් 
Open Price = Low (පටන් ගත්තු මිල තමයි අවම අගය)
Close Price = High (අවසන් උන අගය තමයි උපරිම අගය) 

බුල් එහෙමත් නැත්නම් අප් වෙන කැන්ඩ්ල් යන්නෙ උඩට, ඒ නිසා පටන් ගත්ත අගයට වඩා වැඩි අගයකින් තමයි Close Price (අවසන් උන අගය තියෙන්න ඕන. ඒක ඕන පොඩි එකෙක්ට තේරෙනවා නේද? තාමත් බුල් කියන එක අමතක වෙන පටලගන්න අය ගැන හිතලයි වරහන් ඇතුලේ මෙහෙම ලිව්වේ හොදේ)

Bear Candle එකක්නම් (Down)
Open Price = High (පටන් ගත්තු මිල තමයි උපරිම අගය)
Close Price = Low (අවසන් උන අගය තමයි අවම අගය) 

බීයර් (බීරිශ් කියලත් කියනවා. බියර් කියන්නෙ බොන බියර් නෙමේ හොදේ හික් හික් "වලසා" කියන තේරුම. කැලේ ඉන්න වලස්සු ගැන බං කියන්නෙ. ඔව් ඔව් සිරා බොරු නෙමේ. සුද්දො ඉතින් නිකම් ඉන්න බැරි කමට දාපු නම්නේ බං මේවා. මොනා කරන්නද. එතකොට බුල් කියන්නෙ මී හරකා, ඒක දන්නවා නේද? තේරුමක් ඇතුව මේ විදියට සත්තු දෙන්නෙක්ට කැන්ඩ්ල් වර්ග දෙක නම් කරන්න ඇත්තේ. පොඩ්ඩක් හිතලා බලහන් හෙහේ. 

(ආ අමතක උනා බියර් එකක් ඩවුන් එකක් නම් යන්නෙ පහලට, ඒ නිසා පටන් ගත්තු මිලට වඩා කැන්ඩ්ල් එක අවසන් වෙනකොට අගය පටන් ගත්තු අගයට වඩා පහලින් තියෙන්න ඕන.)

Shadow නෑ ඒ නිසා මේ කැන්ඩ්ල් වල බොඩි එක පිරිලා, ගොඩක් ශක්තිමත් 

මේ විදියේ Bull Candle එකක් ආවනම් එ කියන්නේ විශාල  Buying Power එකක් තියෙනවා. මේ විදියේ  Bear Candle එකක් ආවනම් විශාල  Selling Power එකක් තියෙනවා.


  • Doji



ඇත්තටම මේ වගේ Candle එකක් ගැන මොකද හිතෙන්නේ ?

Open Price = Close Price (සමහර විට Open Price එකයි Close Price එකයි අතර ඉතාමත් පොඩි අවකාශයක් තියෙන්න පුළුවන්)

එ කියන්නේ Candle එක ඇදෙන්න පටන් ගත්ත තැනේන්මයි Candle එක ඉවර වෙලා තියෙන්නෙත්.

Long Bodies
 Mazubuzu
වගේ Candle අවසානයේ මේ වගේ Candle එකක් අවොත් එ කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Strong Trend එක පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය නැහැ . එහෙනම් Turn Over (ට්‍රෙන්ඩ් එක මාරු වෙන්න පුළුවන්) අවදානෙන් ඉන්න. 


  • Hammer & Hanging Man


Short Body එකක් සමග විශාල Down Shadow එකක් සහිත Candle වර්ග 2 ක්.

Bear Trend (down) ට්‍රෙන්ඩ් එකක මේ විදියේ  Bull Candle (Up Candle) එකක් අවොත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි. හොදට ඔලුවට, මතකෙට ගන්න, මේකෙ කිව්වෙ ඩවුන් ට්‍රෙන්ඩ් එකක මේ වගේ අප් කනෙඩ්ල් එකක් ආවොත් ට්‍රෙන්ඩ් එක මාරු වෙන්න ඉඩ වැඩියි කියලා..!

Bull Trend (up) ට්‍රෙන්ඩ්  එකක මේ විදියේ  Bull Candle එකක් අවොත් ඒත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි. මේකෙ කියන්නෙ අප් ට්‍රෙන්ඩ් එකක මේ වගේ අප් එකක්ම ආවොත් ට්‍රෙන්ඩ් එක මාරු වෙනවා කියල. 

කොහොම හරි වෙන්නෙ බොහෝ දුරට ආපු දිශාව වෙනස් වීමක් කොහේදි ආවත්. කොතන ආවත් (බොහෝ දුරට හොදේ. නැත්නම් ඔන්න දැක්ක අමන් දෙන්නම් ජම්බු කියලා දාවි ට්‍රේඩ් ලොස් වෙලා මට දෙහි කපන්නනම් එන්න එපා ඔන්න.!! වචනයක් වචනයක් ගානෙ හොදට ඔලුවට ගන්න කිව්වෙ ආන්න ඒකයි.!!!


  • Inverted Hammer & Shooting Star


මේ දෙකත් කලින් වගේම Short Body එකක් සහ Long Up Shadow තියෙන Candle වර්ග 2 ක්. කලින් එකත් එක්ක වෙනස් වෙන්නේ මේ දෙකේ Shadow තියෙන්නේ උඩින්.  කලින් වගේම Bull Trend එකක් එක්ක මේ වගේ  Bear Candle (මේක කොහොමත් ඩවුන් කැන්ඩ්ල් දෙක්ක බව පේනවනේ? ) එකක්නම් සහ  Bear Trend (Down) එකකදී මේ විදියේ  Bear Candle එකක් ආවනම් Trend එක වෙනස් වෙන්න ඉඩකඩ වැඩියි. 

හරි එහෙනම් දැනට ඔච්චරයි. ඒත් තව කොටසක් තියෙනවා හොදේ. ඒකත් ඉක්මනටම ලියන්නම් (නොදන්න අයට දැනගන්න) එහෙනම් ජය වේවා. කමෙන්ට් එකක් එහෙම දාගෙන ගියාට අවුලක් වෙන්නෙ නෑ ඈ. හෙහේ.. 
ජය වෙවා..!!


18 comments:

  1. Ela ela. wade tikak withara theruna.........

    ReplyDelete
    Replies
    1. තෙරුනානම් ඒක තමයි වෙන්න ඕනේ. :)

      Delete
  2. Ah ha... hri hri theruna... thx thx

    ReplyDelete
  3. Niymaa wadak godak dewal danagaththa.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි. කමෙන්ටුවට ස්තුතියි

      Delete
  4. ela sihina jaya wewa..............niyemeta thiyenawa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  5. Ammooo mehema sarala widiyata kiuwwama thamai therune..megena mata kalin kochchara kiyewwath therune ne..thanks

    ReplyDelete
  6. Inverted hammer and shooting eke bear trend ekakdi bulish candle (shadow eka up shadow ekak) ekak thiyeddi neada trend eka maru wenna oni..aiyage typing mistake ekakda ?nathnm man waradida kiya kiya dunnakida aiye..man okkoma kiywwa supiri aiye..

    ReplyDelete
  7. Inverted hammer and shooting eke bear trend ekakdi bulish candle (shadow eka up shadow ekak) ekak thiyeddi neada trend eka maru wenna oni..aiyage typing mistake ekakda ?nathnm man waradida kiya kiya dunnakida aiye..man okkoma kiywwa supiri aiye..

    ReplyDelete