:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Thursday, June 25, 2015



හරි අදත් ගෙනාවා අලුත් සිස්ටම් එකක්. මේක නම බයිනරි ඇල්පා.. මේක හදුන්වලා දෙන්නෙ අපේ අස්සියානු ආසන්නම රකට තරුනයක්. නම Kazi Noor බංගලාදේශයේ ඉන්නෙ. මේක එක විදියක ගනිත ක්‍රමයකට හැදුව සිස්ටම් එකක්. මට මේක ලියන්න හිතුනේ තව වැඩි පුර මට පහසුවක් වෙන්න සහ නොතේරෙන අයට පහසුවෙන් ලේසියෙන් කියලා දෙන්න ඕන නිසයි. මොකද  Kazi පාඩම් කියලා දෙන්නෙ කඩ්ඩෙන්.. (මටනම් කඩ්ඩ බෑ ඔන්න)


මෙයා මේකෙත් ලොජික් (ගනිත ක්‍රම) 7ක් කියලා දෙනවා. ඒවා ඉන්ග්‍රීසියෙන්ම මෙහෙම දාන්නම්

Binary ALPHA is break down to 7 logic but some of the logic have invalid variation, but before that lets see what are the logic below :
= Look For a break KAZi HL Brake Line with trend

1. 3 Bonus – STOP or GO

2. After Break Recover in any end – STOP!

3. After 2 Bonus and Recover any end = STOP!

4. After 1 Bonus and Recover any end = STOP!

5 .Break Entry Break Deny Trend Change (if you go for put go for call in next candle / if you go for call go for put in next candle)  *Do not change trend after 3 candle

6. After 4th Level – No Recovery – Don’t try to Over Size recovery

7. Bounce Back Handel By Current Market Judgment!

හරි දැන් ඔයා බලනවා ඇති මොකද්ද මේ Break එක සහ මොකද්ද මේ Stop එක කියාල. ප්‍රශ්නයක් කරගන්න එපා අපි ඒවා හෙමීට බලමු. මේ ක්‍රමය 99% සාර්තකයි. මේක එයා ආවට ගියාට කියන දෙයක් නෙමේ. අවුරුදු 3ක විතර REAL  TRADING කරලයි මේ ක්‍රමය අපිට ඉදිරිපත් කරන්නෙ. 



Binary Alpha Basic 


මෙම ස්ටෙප් 7ම මුලින්ම ඩෙමෝ (ප්‍රැක්ටිස්) කරලා පස්සෙ හොද උනොත් විතරක් ඔයාලගේ රියල් ට්‍රේඩින්ග් වලට යොදාගන්න..!! ඒක තරයේම මතක් කරන්න ඕන. වැඩේට බහිමු එහෙනම්.. 



මේ පලවෙනි චාර්ට් එකෙන් ඔයාලට දකින්න පුලුවන් රතු සහ කොල ලයින් 2ක්. ඒක තමයි Kazi High Low Break indication එක.  තව ඔයාට දකින්න පුලුවන් නිල් පාට ලොකු ලයින් එකක්. ඒ තමයි ප්‍රෙදාන වෙලද නැබුරුතව පෙන්නන ලයින් එක (සුද්ද සින්හල තේරුම් ගන්න අමාරුයි නේද? Main Trend Line එක කියන්නෙ ඒකට. ඒ කියන්නෙ සමස්තයක් විදියට දැනට මාර්කට් එක යන හැටි තමයි මේකෙන් කියන්නෙ. මේ නිල් ලයින් එකෙන් උඩ මාර්කට් එකේ අගයන් තියෙනවනම් Main Trend එක "UP"
නිල් ලයින් එකෙන් පහල තියෙනවනම් Main Trend එක "DOWN" 

හරි දැන් අපි බලමු මූලික සිද්දාන්තය මං මේ පහලින් දාන පින්තූරේ දිහා බලන්න. 




මේකෙ අපිට Down Trend එකක් බලාගන්න පුලුවන්. ඒ කොහොමද? ඇයි මං කලින් කිව්වෙ නිල් පාට ලයින් එකට පහලින් තියෙනවනම් මාකට් එක ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා. හරි ඒ එක්කම මේකෙ Break candle එකක් ලකුනු කරලා තියෙනවා. Break candle කියන්නෙ Kazi High Low Break Line එක ක්‍රොස් (කපාගෙන) පහල හෝ ඉහල යන කැන්ඩ්ල් එකට. මේකෙ පේනවා නේද ඩවුන් ට්‍රෙන්ඩ් එකේදි කොල පාට ලයින් කපාගෙන පහල ගිහින් තියෙන අවස්තා? ඒවා නම් කරන්නෙ අපි Flag (කොඩියක්) විදියට. හොදට තේරුම් ගන්න. කලින් වතාවක ඇදෙන Kazi High Low Line එක කපාගෙන කැන්ඩ්ල් එකක් පහල යනවනම් ඒක තමයි අපේ Break Candle එක. ඒක අපි ඊට පස්සෙ නම් කරන්නෙ ෆෑලෑග් එකක් (කොඩිය විදියට). ඕක අප් ට්‍රෙන්ඩ් එකකත් බලාගන්නෙ එහෙමයි. 


බලන්න මේකෙ අප් ට්‍රෙන්ඩ් අවස්තාවෙදි Kazi High Low ලයින් එක (රතු ලයින් එක) කපාගෙන යන කැන්ඩ්ල් එක Break Candle එකක් විදියට නම් කරලා තියෙනව. ඩවුන් ට්‍රෙන්ඩ් එකක කොල පාට එක කපන් යනවා වගේ අප් ට්‍රෙන්ඩ් එකක රතු ලයින් එක කපන් යනවනම් ඒක තමයි අපේ බ්‍රීක් කැන්ඩ්ල් එක, නැත්නම් අපේ Flag එක. 


How to Tack Entry In Binary Alpha 


කොහොමද මේකේ ට්‍රේඩ් එකකට අපි එන්ටර් වෙන්නෙ කියලා දැන් බලමු.. හරි ඔයාලට මතකයි මං Flag කැන්ඩ්ල් පෙන්නපු උදාහරන දෙක. අමතකනම් ආයෙ බලන්නකෝ



මේකෙ Kazi High Low ලයින් එක කපලා යන පලවෙනි කැන්ඩ්ල් එකට (Flag) එකට පස්සෙ එන කැන්ඩ්ල් එකට තමයි අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නෙ. ඒ ට්‍රේඩ් එක තප්පර 60 එකක්.

"After you identify a proper break of a Flag candle the very next candle is your entry candle for 60 SEC in the direction of the trend." කඩ්ඩෙන් කියනවනම් ඔන්න ඔහොමයි.. 

දැන් බලන්න මේ පින්තූරෙට අනුව ඔයාගෙ එනටර් කැන්ඩ්ල් එක මොකද්ද කියලා. මෙහමයි ඒ එන්ටර් එක මොකද්ද කියලා කිව්වෙ නෑ නේ. පහලට කොල පාට එකක් ක්‍රොස් කලානම් ඊලග එකට එන්ටර් වෙන්නෙ පුට් (Put/Sell) ඕඩර් එකකට. රතු පාට එකක් හොද කැන්ඩ්ල් බොඩි එකක් එක්ක ක්‍රොස් කලානම් ඊලගට අපි එන්ටර් වෙන්නෙ කෝල් (Call/Buy) ඕඩර් එකකට. දැන් බලන්න එහෙම කලානම් කීයක් හරි යනවද කීයක් වරදිනවද කියලා. හරි යන තැන් වගේම වරදින තැනුත් තියෙනවා නේද? හරි කලබල වෙන්න එපා අපි ඉක්මනටම බලමු කොහොමද මේ ලොස් Recover (ආපහු ලාබයක්) කරගන්නෙ කොහොමද කියලා.. 


Money management and also the logic of Binary ALPHA


ඔබේ පලමු ට්‍රේඩ් එක සදහා කීයක් යොදවනවාද? එහෙමත් නැත්නම් what will be your first trade risk size?
Your risk is your total account size / 200

mining if your account size is $1000 then 1000/200=5

So your first trade size is $5

your 2nd trade size if first one fail is $10

your 3rd trade size if 2nd one fail is $25
your 4th trade size if 3rd one fail is $100

ඔයාගෙ පලවෙනි ට්‍රේඩ් සයිස් එක 5$

ඔයාගෙ දෙවෙනි ට්‍රේඩ් සයිස් එක (පලවෙනි එක ලොස් උනොත්) 10$

ඔයාගෙ තුන්වෙනි ට්‍රේඩ් සයිස් එක (දෙවෙනි එක ලොස් උනොත්) 25$

ඔයාගෙ හතරවෙනි ට්‍රේඩ් සයිට් එක (තුන්වැනි එක ලොස් උනොත්) 100$ 

ඒකනම් මහ පිස්සු විකාරයක් නේද? its looks crazy right and you might thinking that you will lose money this way, මේ ක්‍රමෙන් අපි ලොස්ස් වෙන්න පුලුවන් නේද? 

ඒත් බය වෙන්න එපා (මම නෙමේ කියන්නෙ Kazi Noor) but i will say no 99% time you will win by 7 Key Logic of Binary ALPHA. ඔයා ඉදිරි ක්‍රම අනුගමනය කලොත් 99% වතාවක්ම මේ ක්‍රමෙන් සාර්තක වෙනවා. 


1. 3 Bonus – STOP or GO (Logic No 1) පලවෙනි සින්ඩිය 


මුලින් මේකෙ සිද්දිය වෙන හැටි සරලව කතා කලා ඊට පස්සෙ අපි මේකෙ ට්‍රේඩ් එකකට එන්ටර් එන හැටි මේකෙ ට්‍රේඩ් කරන්න කීයක් යොදවනවද, එකක් ලොස්ස් උනොත් අනිත් ට්‍රේඩ් එකට කීයක් යොදවනවද වශයෙන් බේසික් කරුනු ටික ඉගෙනගත්තා. හරි දැන් යන්නෙ Kazi ගේ ගනිතමය ක්‍රම 7 ඉගෙනගන්නයි. අර විදියට තමයි අපි ට්‍රෙඩ් වලට එනටර් වෙන්නෙ. සරලයි නේද? මහ දෙයක් නෑ. නමුත් මෙන්න දැන් ඉදන් තමයි අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය පටන් ගන්නෙ. 

මේ පලවෙනි KEY (Log/Step) එක 

ඔයාට මේකෙ යටම Main Trend එක බලාගන්න පුලුවන්. දැන් යන්නෙ අප් ට්‍රෙන්ඩ් එකක්. පේනවා නේද? ඒ නිසා අපි බලන්නෙ Call/Buy එන්ට්‍රි විතරයි. හරි දැන් ඔයාලා දන්නවා මේ KAzi High Low RED LINE එක ක්‍රොස් කලාම අපි යන්නෙ කෝල් එකකට කියලා. ඒ ලයින් එක ක්‍රොස් කරන Flag Candle එකට පස්සෙ එන පලවෙනි කැන්ඩ් එකට තමයි අපි එන්ටර් වෙන්නෙ. 

ඒක මං කලින් කිව්ව. "this position KAZi HL Break a candle is a Flag candle so in the very next candle is your 1st entry for 60 SEC and its a winner 2nd is also a winner and 3rd is also a winner. so by Key Number 1: you have to stop"

දැන් මේ පින්තූරේ හැටියට අපි පලවෙනි ට්‍රේඩ් එකත් Call එකක් දානවා. ඒක වින් කරනවා. ඒක තමයි අපේ Bonus 1 එක. අපි ඊලග එකටත් Call trade එකක් දානවා ඒකත් වින්. ඒක Bonus 2, ඊලග එකටත් අපි කෝල් එකක් දානව ඒකත් වින් Bonus 3 වෙනවා. හරි දැන් අපි මෙතනින් මේ ට්‍රේඩ් දැමිල්ල මේ අවස්තාවේ නතර කරනවා. උප්‍රඉම බෝනස් 3ක ට්‍රේඩ් එකක් දාපු ගමන් අපි ඒ අවස්තාවෙන් ඉවත් වෙනවා. ඔයාලට පේනවා ඊලග කැන්ඩ්ල් එකත් යන්නෙ Call එකක්. නමුත් අපි ඒකට එන්ටර් වෙන්නෙ නෑ.නමුත් ඔයාට මේක දිගටම කරන් යන්න පුලුවන්. ඒත් ඒකට හොද දැනුමක් ඕන වෙනවා. 

So if you get this type of setup you easily pocket 3 winner in a row. and if you start with a $1000 account size you have to start with $5 as you win the fast one your risk size is again $5 meaning you don’t have to grow your risk. ඔයා 1000$ අකවුන්ට් එකකින් පටන් ගත්තනම් පලවෙනි ට්‍රේඩ් එක 5$ පටන් ගත්තනම් (එහෙම තමයි පටන් ගන්න කියලා කිව්වෙ මතක ඇති) ඔයා කිසිම පීඩනයක් නැතුව රිස්ක් එකක් නැතුව තමන්ගේ ප්‍රෙදාන ගිනුමේ ප්‍රෙමානයට වඩා ගානක් දැන් අකවුන්ට් එකට එකතු කරන් හමාරයි.

your broker give you 70% commission you will earn total $10.5 in just 3 minute of time. Where some people stand all day long for 3 win trade inBinary Options with other strategy ! ඔයාගෙ බෝකර් සමාගම 70% Profit එකක් ඔයාට දුන්නනම් ඔයා 10.5 මිනිත්තු 3ක් තුල උපයලා තියෙනවා. 


2. After Break Recover in any end – STOP!  (Logic No 2) දෙවෙනි සින්ඩිය 


මේ වතාවෙදි මොකද්ද මේ කියන්නෙ? මෙහමයි බලන්න මේකේ රෙඩ් ලයින් එක ක්‍රොස් කලාම අපි Flag කැන්ඩ්ල් එක, ඊට පස්සෙ අපි කෙලින්ම ඊලග ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නෙ Call/Buy Oder එකකට. නමුත් මෙතන වෙල තියෙන්නෙ එක ලගම කැන්ඩ්ල් දෙකක් පහලට ඇවිත්. අපි එකක් දාල නවතින්නෙ නෑ. හරියනකම් Call ට්‍රේඩ් 2ක්ම තමයි දන්නෙ. අපි දෙකක් එක පිට ලොස් උනාම අපේ හැගීම් දුර්වල වෙලා අපි මේ ට්‍රේඩ් එකන් අයින් වෙන්න පුලුව්න. 
නමුත් එහෙම නොකර ඊලග එකටත් කෝල් එකක් දෙන්න කියලයි මේකෙදි කියන්නෙ. "But is you keep emotion less you will be a winner 99% time thats what i see for last 2 year in my real life trade history" එයා කියනවා මේක කියන්නෙ එයාගෙ අවුරුදු 2ක ක, රියල් ට්‍රේඩින් ඇත්දැකීම් වලින් කියලා.. 

ඉතින් මේකෙ මේ Call එකක් දුන්නම් අපේ Recover Candle එකෙන් අපිට වින් එකක් ගන්න පුලුවන්. පින්තූරේ ඒක ලකුනු කරලා තියෙනවා පේනවා නේද? මේ අවස්තාවෙදි හුගක් අය මේ ට්‍රේඩ් එකෙන් අයින් උනාට කලින් බ්‍රීක් කරපු රතු ලයින් එකේ පව්ර් එක මේ ට්‍රෙන්ඩ් එකේ තාමත් රදවගෙන ඉන්නවා. අන්න ඒ නිසයි 1 වෙනි ට්‍රේඩ් එකත්, දෙවෙනි ට්‍රේඩ් එකත් දෙකම ලොස් උනත් ඊලග එක හරියන්නෙ. දැන් බලමු ඒ අවස්තා 3දි අපි දෙන්න ඕන ට්‍රේඩ් සයිස් එක කොහොමද කියලා 

So if your account size is $1000 your first trade is $5 2nd $10 and 3rd $25. i will include a calculator and daily trade account file what will help you to track all of your trade.

So in this trade cycle you loss 5+10=15 and win $25 commission 70% (common in all broker for 60 sec) your profit $17.5 – $10= $2.5 and by Key Number 2 you Stop and happy!

මතකද මං කලින් කිව්ව 
""ඔයාගෙ පලවෙනි ට්‍රේඩ් සයිස් එක 5$
ඔයාගෙ දෙවෙනි ට්‍රේඩ් සයිස් එක (පලවෙනි එක ලොස් උනොත්) 10$
ඔයාගෙ තුන්වෙනි ට්‍රේඩ් සයිස් එක (දෙවෙනි එක ලොස් උනොත්) 25$
ඔයාගෙ හතරවෙනි ට්‍රේඩ් සයිට් එක (තුන්වැනි එක ලොස් උනොත්) 100$""  මෙහෙම? 

මෙතනදි ඔයාගෙ පලවෙනි ට්‍රේඩ් එක 5$, දෙවෙනි එක (පලවෙනි එක ලොස්ස් උනා නිසා Recover කරගන්න දාන ට්‍රේඩ් සයිස් එක ) 10$, තුන් වෙනි එක (දෙවෙනි එකත් ලොස් උන නිසා Recover කරගන්න දාන ට්‍රේඩ් සයිස් එක ) 25$. මෙම චක්‍රයේදි ඔයා 5+10= 15ක් ලොස්ස් උනා. නමුත් ඔයා දාපු 3න් වෙනි ට්‍රේඩ් එකේදි ඔයා වින් කලා. ඒකෙදි දම්මේ 25$, ඔයාගෙ බෝකර් 70$ Profit එකක් දුන්නනම් ඔයාට ලැබෙන ගාන $17.5 ඒකෙන් කලින් ලොස් උන 15 අඩු කලාම ඔයාගෙ ලාබය 2.5$ වෙනවා. ඔන්න ඔහොමයි දෙවෙනි ගනිත ක්‍රමයෙදි අපි වින් එකක් දිනාගන්නෙ. තේරුනාද? ඔයා එතන කලින් දෙකම ලොස් උනත් අනිතිම එකෙන් ඒක Recover කලා. ඉතින් එතනින් ඒ ට්‍රේඩ් එක ඉවර කරන්න ඕන. After Break Recover in any end – STOP! කිව්වෙ අන්න ඒක. 



3. After 2 Bonus and Recover any end = STOP!  (Logic No 3) තුනිවෙනි සින්ඩිය 



මේ වතාවේ කියන්නෙ මොකද්ද? මේන් ට්ර්න්ඩ් ලයින් එකට පහලින් තමයි මේ වෙලාවේ අපේ මාර්කට් එක යන්නෙ. ඒ නිසා ට්‍රෙන්ඩ් එක ඩවුන්. එතකොට අපි යන්නෙ මොනවටද? පුට් එන්ටි වලට පමනයි..!! (ඕවා හොදට ඔලුවට ගන්න මහත්තයෝ නැත්නම් ඉතින් සොරි.කොම්) ඒ වගේම ඔයාට පේනවා High Low Green Line එක කපන් Flag Candle එකක් එනවා. ඉතින් අපි ඊලග පලවෙනි කැන්ඩ්ල් එකට පුට් එකක් දෙනවා. 

ඒක වින් ඒක අපේ Bonus 1, ඊලග එකටත් දෙනවා ඒකත් වින්, ඒක අපේ Bonus 2, එක වෙනවා. කලින් වතාවක මම කිව්ව මතකද මේ Break කරන් එනවා කියන්නෙ ඒක ඒ යන අතට ලොකු පවර් එකක් අරන් එන්නෙ කියලා. බලන්න අපි ඊලග එකටත් පුට් එකක් දෙනවා. ඊලග එකටත් පුට් එකක් දෙනවා. නමුත් ඒ දෙකම ලොස් වෙනවා. ඒත් 5වෙනි අවස්තාවෙදි පුට් එකක් දෙනවා. ඒක වින් කරනවා. එතනින් අපි අපේ ලොස්ස් එක කවර් කරගන්නවා. 

so what you understand with a $1000 account, our first entry was $5 its a winner earn $3.5, 2nd one is a winner start with $5 and earn $3.5 as a bonus and 3rd one start with $5 is loss 4th start with $10 loss and 5th start with $25 win $17.5 and stop.
total profit (3.5+3.5+(17.5-15))=$14.5 profit in this trade cycle!
and again by Key Number 3 we have able to control our emotion and getaway with the profit from the market. 

ඉතින් අපි තේරුම් ගන්න ඕන දේ මොකද්ද අපේ 1000$ තියෙන අකවුන්ට් එකෙ අපේ පලවෙනි ට්‍රේඩ් එක 5$, ඒක වින් කල නිසා ඊලග එකටත් අපි දෙන්නෙ 5$ එකක්. එතකොට බෝනස් අවස්තා දෙකේදි 7$ අපි වින් කලා, (70% ප්‍රොෆිට් එකක් බෝකර් දුන්නනම්) 3න් වෙනි එකටත් අපි දෙන්නෙ 5$ නමුත් ඒක ලොස්. හොදට මතකෙට ගන්න මෙන්න මේක..! 

වින් කරගෙන යනවනම් අපි එකම ට්‍රේඩ් සයිස් එකෙන් යන්නෙ. (කලින් බෝනස් අවස්තා දෙකම අපි යන්නෙ 5$ ට්‍රේඩ් සයිස් වලින්) නමුත් දැන් අපි මෙතන එකක් ලොස්ස් උනා.. ඔන්න අපි ඊලග එකේ ඉදන් Recover කරන්න පටන් ගන්නවා. 3න් වෙනි එක ලොස්. ඒ නිසා 4වෙනි එකට 10$ දාල තව පුට් එකක් දෙනවා. ඒකත් ලොස්ස්. කලින් 2කම කවර් කරගන්න ඔන්න අපි 5වෙනි වතාවට 25$ සයිස් එකේ පුට් එකක් දෙනවා. ඒකෙදි අපි වින් කරනවා. එතනින් අපි මේ cycle (චක්‍රය නවත්තනවා) 

හරි දැන් බලමු අපි වින් කලේ කීයක්ද කියලා ඒකෙන්. 3.5+3.5 (වින් කරපු බෝනස් 2ක) -15 (ඊට පස්සෙ ලොස් උන දෙකේ එකතුව) + 17.5 (Recover ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක) (3.5+3.5+(17.5-15))=$14.5
ඔයා එතනදි 14.5$ ප්‍රොෆිට් අරන් තියෙනවා. ඔයා යන්න ගියේ ලොස් එකකට. 

නමුත් ඔයා After 2 Bonus and Recover any end = STOP! බෝනස් දෙකෙන් පස්සෙ ලොස්ස් වෙලා ඒක රිකවරි කරන් නවත්තපු නිසා ඔයා වින් කලා.!! WoW some people will get confused in this position and over trade and give the profit to the market if they don’t know this trick Right! ගොඩක් අය මේ අවස්තාවෙදි මනස අවුල් වෙලා ට්‍රේඩ් එක නැවැත්තුවත් ඔයා දන්නවා ලොස් එකෙනුත් ප්‍රොෆිට් ගන්න විදිය. 



4. After 1 Bonus and Recover any end = STOP! (Logic No 4) හතරවෙනි සින්ඩිය


Main  Trend ලයින් එක යට මාර්කට් එක උඩ. එහෙනම් මේක UP Trend එකක්. ඒ නිසා අපි බලන්නෙ Call oder විතරයි. මේකෙදි ඔයාට රතු ලයින් එක ක්‍රොස් කරන් යන Flag Candle එක දකිනව. ඊට පස්සෙ ඊලග එකට අපි දෙවරක් නොසිතාම කෝල් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනව. 

ඒක අපි වින් කරනවා ඒක අපේ Bonus 1 වෙනවා. අපි ඉතින් ඊලගටත් දෙන්නෙ කෝල් එකක්. 2වෙනි එක ලොස්ස්. 3නත් ලොස්ස් 4 Tie (සමානයි) ඒකත් ගන්නෙ ලොස්ස් එකක් විදියට නමුත් 5 වෙනි එක අපි වින්. එතකොට ඔයාල දන්නවා 1ක් වින් කලා කියලා අපි ට්‍රේඩ් සයිස් එක වෙනස් කරන්නෙ නෑ. බෝනස් එක වින් කරපු නිසා අපි ඊලග එකටත් කෝල් එකක් දුන්න. ඒකෙන් අපි 5ක් ලොස්ස්. දැන් ලොස්ස් උන නිසා අපි රිකවරි සිස්ටම් එක පටන් ගන්නවා. ඊලග එකට 10ක් දෙනව. ඒකත් ලොස්ස්. ඊලග 3 වෙනි එක, ඒකට අපි 25ක් දෙනව. ඒක මොකද්ද උනේ 4 Tie ඒකත් ටයි උනා. ඊට පස්සෙ අපි කීයක්ද දෙන්නෙ? ඊලග අපි දෙන්නෙ 100$ ට්‍රේඩ් එකක්. අෆ්ෆට. ඒක වින්..!! Recover Candle එක ලකුනු කරලා තියෙනවා පේනවා නේද? 

so again you can see we start with $5 and win 3.5 as bonus but we take another trade in same direction 3rd candle with $5 and loss 4th with $10 and loss and 5th with $25 and loss and 6th with $100 and recover the cycle.

So we profit (3.5-(5+10+25)+70)=$33 and very easily we have control our emotion and in same direction and get away with the profit. 
මුලින් 3.5 වින් (පලවෙනි බෝනස් එක) ඊලගට අපි එක පිට 3ක් ලොස් පලවෙනි එක 5ක් දුන්න ඒක ලොස්. ඒ නිසා රිකවරි කරන්න පටන් ගත්ත නිසා ඊලග එකට 10ක් දුන්න ඒකත් ලොස්. ඒක රිකවරි කරන්න 25ක් දුන්න ඒක Tie උනා. ඒකත් රිකවරි කරන්න 100ක් දුන්නා ඒක වින්. (3.5-(5+10+25)+70)=$33 ඉතින් ඔයා 33$ ලාබ ගත්තා එතනින්. 

ඔයා මේ වගේ වෙලාවකදි 4 වෙනි ලොජික් එක නොකලොත් බය වෙලා ඇතෑරියොත් ඔයා මෙතන ලොස් එකක් තමයි කරගන්නෙ. 4. After 1 Bonus and Recover any end = STOP! ඔයා ඒක අතාරින්නේ නැතුව ඒ දිශාව වෙනස් නොකරම ඒ අතට ට්‍රේඩ් එක දාපු නිසයි ඔයා මේ ලොජික් 4 වෙනි එකෙන් ගොඩ් ගියේ. තමන්ගේ මනස පාලනය කරන් අවුල් නොවී එක දිගට ගිය නිසා ඔබ සාර්තක උනා. වෙන අයට ඕක මැජික් එකක් වගේ වෙන පුලුවන්. එක පිට ලොස්ස් වෙලා ඒක රිකවරි කරන් ප්‍රොෆිට් ගන්න නිසා. 



5 .Break Entry Break Deny Trend Change (if you go for put go for call in next candle / if you go for call go for put in next candle)  *Do not change trend after 3 candle (Logic No 5) පස්වැනි සින්ඩිය 



මේ මොකද්ද මේ කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන ගිහින් තියෙන්නෙ? අෆ්ෆට.. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ නොවැ.. හික් හික්.. නෑ නෑ බොහොම සරල දෙයක් කියන්නෙ. මේක kazi ගේ E-Book එකේ සදහන් වෙන වඩාත් සාර්තකම ක්‍රමයක්. මගේ ලග ඊ බුක් එක නෑ. එහෙනම් මෙහෙම ලියන්නෙ කොහොමද නිකම් දන්නවා වගේ? මම උගේ වීඩියෝ ටික බලැවනේ කොහොම හරි.. හෙහේ. 

හරි හරි විහිලු ඇති ඔන්න කියන්නෙ මේකයි kazi High Low රතු ලයින් එක ක්‍රොස්ස් කලා ඒක අපි දන්නවා Flag එක කියලා ඉතින් අපි දෙවරක් නොසිතාම යන්නෙ ඊලග එකට කෝල් ඕඩර් එකක් බව දැන් ඔයාල දන්නවනේ. එහෙම යන්නෙත් බලන්නකො ක්‍රොස් කරපු ඒ flag එක strong body එකක්. (ශක්තිමත් දේහයක්- සුද්ද සිග්නල හෙන මාන්ජලිකයි නේද බං) ඉතින් කෝල් එකක් දුන්න ඊට පස්සෙ කැන්ඩ්ල් එක ඩවුන් වෙලා. ඉතින් අපි දුන්නෙ කෝල් එකක්. දැන් අපි ලොස්. බලන්න ඒ වෙලාවෙ ඩවුන් උන කැන්ඩ්ල් එක උඩ යන එක ප්‍රෙතික්ශේප කරනව. ඒ කිව්වෙ Deny එකක් වෙලා තියෙනවා. මේ වගේ තැනකදි මොකෝ කරන්නෙ අපි? ඔයා මේක දැක්ක ගමන් සාම්ප්‍රදායික විදියට කෝල් එකකට නොයා පුට් ට්‍රේඩ් එකකට යන්න දිශාව වෙනස් කරලා.  අපි එහෙම කෝල් එකකට නොයා පුට් එකකට යන්නෙ. එතනදි Deny එකක් වෙලා. එතකොට අපි දන්නවා ඊලග කැන්ඩ්ල් එකට මේ අවස්තාවේ හැටියටනම් පුට් එකක් ඊලග කැන්ඩ්ල් එකට දෙන්න ඕන කියලා. හැමෝම දැන් දන්නවා ඩිනයි එකක් උනාම ඒ යන අතටම ට්‍රේඩ් එකක් දෙන එක තමයි කරන්න ඕන කියලා. 

 "So wait to do in this position? Remember that you must change your trend direction in very next candle min you will go for Put against Call, till 4th level of your risk recover and stop. (මෙතනදි කියනවා 4 වෙනි ක්‍රමයෙදි වගේ 4රේ මොකද්ද කිව්වෙ? After 1 Bonus and Recover any end = STOP! (Logic No 4) එක බෝනස් එකක් අරන් නවත්තන්න රිකවරි කරපු ඕන වෙලාවක. ඒ කියන්නෙ රිකවරි කලා එතනින් ට්‍රේඩ් එක දිගටම නොයා නැවැත්තුවා. පැහැදිලියි නේද ඒ කතාවත්? . 

So in this example we lost the trade in 2nd candle for call what was start $5 then as we see the deny we go for a put in 3rd with $10 size and recover the cycle in profit with $2.5" 

අපි මේ උදාහරනෙ බලමු. මේකෙදි අපි 2වෙනි කැන්ඩ්ල් එකට කෝල් එකක් දුන්න කියමු. එතකොට අපි ඒක ලොස්ස්. 2 වෙනි එක පහලට ඇවිත්. (දෙවෙනි එකට කියලා කියන්නෙ flag candle එකට පස්සෙ අපි එන්ටර් වෙන පලවෙනි කැන්ඩ්ල් එක.) හරි අපි ඒක ලොස්නේ. කෝල් එකක් දීපු නිසා. නමුත් අපි 3 වෙනි එකට පුට් එකක් දෙනවා. ඇයි ඒ? අපි දකිනවා මෙතන Deny එකක්. ඒ නිසා වහාම අපි ලොස් උන 5 හොයන්න recover සිස්ටම් එක බාවිතා කරල 10$ ක පුට් ට්‍රේඩ් එකක් දානවා. එතනින් අපි අර කෝල් එකක් දීල ලොස්ස් උන එක පුට් එකක් දීල වින් කලා 

Break Entry Break Deny Trend Change (if you go for put go for call in next candle / if you go for call go for put in next candle)  *Do not change trend after 3 candle මේ කියන්නෙ මේකත් එක්කම *Do not change trend after 3 candle මේ කියන්නෙ 3වෙනි කැන්ඩ්ල් එකට පස්සෙ අපි කලින්ම දැකපු ට්‍රෙන්ඩ් දිශාව වෙනස් කරන්න එපා කියල.


මොකද අරම යටට එන්නෙ Deny එකකින් ඉතාම තාවකාලික අවස්තාවකට විතරයි. මං කලිනුත් කියලා ඇති ඒ එහෙම එන්නෙ ලොකු පවර් එකක් එක්ක. ඒ නිසා 3කට වඩා නම් ආයෙ විරුද්ද අතට එන්න බෑ යන්න හදපු අතටම යනවා. ඔන්න ඕකයි සින්ඩිය. මේ ටික තේරුම් ගන්න මට සෑහෙන වෙලාවක් ගියා බොලව්. හෙන අවුල් සහගත තැනක් උනා මට මේක. කඩ්ඩ ඉතින් අපේ මුවහත් නෑ නේ. හික් හික්.. කඩ්ඩ පුලුව්න උනත් තේරුම් ගන්න එක අමාරු වෙනවා. සින්හල පුලුවන් උනත් සමහර දේවල් කිව්වට තේරෙන්නෙ නෑ නේ. ඒක තේරෙන විදියට තේරුම් කරන්න ඕන. තේරෙන්නෙ නැති ඉන්ග්‍රීසියක් තේරෙන විදියට තූරුම් ගන්න එක එහෙනම් කොච්චර අමාරු උනාද කියලා හිතා ගනිවු ඈ.. හික්.. 



6. After 4th Level – No Recovery – Don’t try to Over Size recovery (Logic No 6) හයවෙනි සින්ඩිය 



You must understand that a method can’t win all the time. But you also have to be discipline all the time also in your loss. 

ඒ මොකද්ද ඒ කිව්වෙ? ඔයා හොදට තේරුම් ගන්න ඕන හැම අවස්තාවකදිම අපිට වින් කරන්න බැරි බව හොදද. මොකද කිසිම දෙයක් 100% සාර්තක වෙන්නෙ නෑ. එහෙම සාර්තක උනොත් ඉතින් බෝකර් සමාගම් වැහෙයි. හෙහේ. අයි ඉතින් අපේ උන් ලොස්ස් වෙන්නෙම නෑ නේ. ඔක්කොම ගරලා ගරලා සුද්දගේ සල්ලි සුද්ද කරයි. 

මේකෙදි Main trend line එකට  (නිල් පාට ලයින් එක) පහලින් මාර්කට් එක තියෙන්නෙ. ඒ කියන්නෙ අපි යන්නෙ පුට් එන්ට්‍රි වලට. හරි මෙතන Kazi High Low (Kazi HL කියලා කියන්නම්. දැන් දන්නවානේ ඒක ගැන. දිගට දිගට ලියන්න බෑ අත රිදෙනවා. :D) එක Break වෙලා. ඊට පස්සෙ අපි ඊලග කැන්ඩ්ල් එකට පුට් එකක් දෙනවා. දුන්නට අපි ලොස්ස්. ඊට පස්සෙ වෙලා තියෙන්නෙ දිගටම මර්කට් එක උඩ යෑමක්. දැන් අපි මොකද කරන්නෙ. ඊලග එකටත් පුට්. ඊලග එකටත් පුට්, ඔහොම ඔහොම 100$ රිකවරි වෙනකම් ට්‍රේඩ් 4ක් දානවා. ම්හ්.. මුකුත් උනේ නෑ අපි දිගටම ලොස් උනා. අෆ්ෆට දැන් මොකෝ කරන්නෙ? කරන්න දෙයක් නෑ ලොස්..  
1st entry with $5 loss and 2nd entry with $10 loss and 3rd entry with $25 loss and also the 4th entry with $100 end up with loss.

"I understand that people’s mind get illogical when they lose money real money and try to over the trade and risk but Please Stop your horse!

Binary ALPHA is a logical system and be with the logic. this type of 4th level loss show very few so please don’t deny the system and make your own logic.

I have spent 2 years in this and i follow my own system like God so i am profitable today. I hope you will too.

But let me show you trick, did you see that the Flag candle is deny by 2 candle? so this mining that if you remember the Key Number 5 you can easily recover in the 3rd trade with $25 Right.
So Be with the logic of Binary ALPHA all the time to be 99% time winner. But if you fail to recall Key Number 5 please stop in your 4th loss" 

ගොඩක් අය දැන් මේක හොද ක්‍රමයක් නෙමේ කියල අතාරිවී ඔව්. එහෙම කරයි. ඒත් දැන් පෙන්නන්න යන්නෙ හොයාගත්තු මේ ලොස් එක කවර් කරන්න පුලුවන් විදියක්. ඔයාට මේකෙ පේනවා නේද 2 වෙනි කෝල් වෙන කැන්ඩ්ල් එක යන්නෙ කලින් deny (ප්‍රෙතිරෝදයක් දක්වපු ලයින් එකක් ක්‍රොස් කරන් කියලා. ඉන්න මං පෙන්නන්නම් 


පේනවා නේද කලින් Deny එක? ඒක ක්‍රොස්ස් කරන් යනකොට අපි කෝල් එකක් දුන්නනම් මොකද වෙන්නෙ? අපිට බෝනස් 3ක් යනකම් ලොස්ස් රිකවරි කරගන්න පුලුවන්. මේක 5 වෙනි ලොජික් එක අදාලයි. ඔයාල Deny එකක් දැක්ක ගමන් ඊට පස්සෙ එකට දෙන්න කිව්වෙ මොකද්ද ඒ යන අතටම ට්‍රේඩ් එකක්. ඒත් ඒකෙදි කිව්ව 3 වෙනි එකෙන් පස්සෙ යන දිශාව වෙනස් නොකර ඒ කලින් ආපු අතටම දන්න කියල. දැන් මෙතන ගත්තොත් ආවේ පුට් එකකට. නමුත් Deny එකෙන් පස්සෙ ආයෙම පුට් එකක් දුන්නට වැඩක් නෑ. ඒ ක්‍රමේ එහෙම්මම යොදාගන්න එපා. Deny එකක් ක්‍රොස්ස් උනා ඊලග එකට මෙතන නම් කෝල් එකක් දුන්න. ලොස් එක එවෙලම කවර් කලා. හරි නේද? 5ක් ලොස් උනා. Deny එක දැක්කා වහාම දුන්න එකට ප්‍රෙති විරුද්ද ට්‍රේඩ් එකක් ඊලග කැන්ඩ්ල් එකට දුන්නා. අපි වින් කලා.. එහෙනම් අපි දන්නව එතනිනුත් බේරෙන්න. ;) 

අමතර කරුනු :- 

ගොඩාක් වෙලාවට මෙහම දේවල් සෙට් වෙන්නෙ මෙන්න මේ Main line එක (නිල් පාට ලයින් එක ලගදි) ඉතින් එහෙම වෙලාවට Kazi නම් එයාගෙ වැඩි ආරක්ශාවට ට්‍රේඩ් කරන්නෙ නෑ. ඒත් එයාගෙ සිස්ටම් එකේ හැටියට එතන වරදින්නෙත් නෑ. මං කියලා දුන්නනෙ එතන සාර්තක කරගන්න හැටිත්. මං තව අමතර දෙයක් කියන්නම්. දන්න නොදන්න හැමෝටම


මේක පොඩ්ඩක් ලොකු කරලා බලන්න හොදේ. ඔය Kazi කිව්ව දේ තව ඔයාට හොදට කරගන්න පුලුවන් මෙන්න මේ කැන්ඩ්ල් පැට්ර්න් එක අදුනගත්තනම් බලන්න ඔය කැන්ඩ්ල් එකේ නැට්ට (නැත්නම් ඕකට කියනව Wick/ Shadow කියලත් කියනවා. ජපන්නු තමයි මෙහෙම කැඩ්ල් වලින් මාර්කට් එක බලන්න ක්‍රමයක් හොයාගත්තේ. 


බලන්න මේ වගේ එකක් නේද මේ කලින් පෙන්නපු අවස්තාවේ ඇවිල්ලා තියෙන්නෙ. Kazi HL line එක හිට් කරල තියෙන්නෙ තරමක් දිග ලොවර් වික් එකක් තියෙන බොඩි කැන්ඩ්ල් එකක් නේද? ඕවත් ඔලුවට ගන්න. ඒකට හිට් උන ගමන් මේ වගේ වික් එකක් අනිත් අතට ගිහින් තියෙනවා. ඒවා පෙරනිමිති වගේ තමයි හොදේ. කැන්ඩ්ල් ස්ටික් පැටන් ගැන හොදට ඉගෙනගන්න. ඒක අපිට ලොකු වාසියක් සාර්තක ලොකු දිග ගමනක් යනවනම්. මං ඔය රවුම් කරලා ලකුනු කරලා තියෙන තැන් වලත් එහෙම වෙලා තියේ. 

මේ තියෙන්නෙ හැමර් එකක්. මිටියක් වගේ නිසයි එහෙම කියන්නෙ. එක එක නම් වලින් එක එක කැන්ඩ්ල් පැටන් තියේ. බලන්න මේ ලෝවර් වික් වැඩි හැමර් එකට පාස්සෙ ආපු දිශාව වෙනස් වෙලා යට ආපු එක උඩ යන හැටි. ඉතින් කොල්ලනේ කෙල්ලනේ මේවා ඉගෙනගනීමේ වාසිය ඔබටම තමයි. 


______________________________________________________

මේ මෙතන තියෙන්නෙ ශූටින් ස්ටර් එකක්. බලන්න මං රවුම් කරපුවගේ මේ වගේ ඒවා තියේ නේද? බලන්න උඩදි මේ Kazi HL ලයින් හිට් කලාම ඊට පස්සෙ ගොඩාක් කැන්ඩ්ල් ඩවුන් වෙලා නේද? 
ඔන්න ඕවත් ඔලුවට ගන්න. ඕවා ගොඩාක් වැඩගත් වෙනවා මේ වැඩේ නෙමේ මාරකට් එකේ මොන වැඩෙ කලත්.. හරි නේද එහෙනම්? මේ ටික මං මේ වැඩි හොදට අතින් දැම්මේ හොදේ. උදේ ඉදන් ලියනවා ලියනවා ඉවරයක් නෑ ඉතින්. කවුරු හරි මේකෙන් එක වචනෙක හරි වැඩක් ගත්තනම් ඒ ඇති අප්ප මටනම්.. :)




7. Bounce Back Handel By Current Market Judgment! (Logic no 7) 7 වැනි සින්ඩිය 


KEY (Variation 1) After Flag Candle : If you see a Pin bar on the KAZi HL break and a Body half or inside 2nd Moving AVERAGE and if it is 2nd loss cycle then 3rd trade and 4th trade direction is opposite to recover.

කාසි හයි ලෝ ලයින් එකක් ක්‍රොස් කරන් Flage කැන්ඩ්ල් එකක් හැදුනම අපි දන්නවා ඊලග එකටත් අපි දෙන්නෙ ඒ අතටම යන ට්‍රේඩ් එකක් කියලා. ට්‍රෙන්ඩ් අප් නම් කෝල්. ඩවුන් නම් පුට්. ට්‍රෙන්ඩ් එක බලාගන්න හැටි මං කලින් වතාවල් ගනනාවකදි කියලා ඇති. ඊට පස්සෙ කාසි හයි ලෝව් බාර් එක ඉන්වැලීඩ් කැන්ඩ්ල් එකක් හිට් කලාම,, ඒ කිව්වෙ ඒ ලයින් එකට වැදුනම ඒ වදින කැන්ඩ්ල් එකෙ බාගයක් හෝ ඒ කැන්ඩ්ල් එක තියෙන්නෙ 2 වෙනි මූවින්ග් ඇවරේජ් එක ඇතුලෙනම් වහාම ඊලග එකට ඊට ප්‍රෙතිවිරිද්ද ටේඩ් එකක් දෙන්න කියලයි මෙතනදි කියන්නෙ. ඉන්වැලීඩ් කැන්ඩ්ල් කියන්නෙ මොකද්ද 2 වෙනි මූවින් ඇවරේජ් කියන්නෙ මොකද්ද කියලා පහල ඇති. එක කියෙව්වම මේකත් තේරෙයි උදාහරන සහිතවම


ඔන්න බ්‍රීක් කැන්ඩ්ල් එක, ඔන්න ඊට පස්සෙ බාර් එකට කැඩ්ල් එක පින් වෙලා, ඕකට කෝල් දුන්නනම් අපි ලොස්ස්, ඉතින් ඒක කවර් කරගන්න ඊලග එකට ප්‍රෙතිවිරුද්ද එකක් දෙන්න කියන්නෙ පුට් එකක්. බලන්න පුට් කැඩ්ල් 3ක් එක පිට ගිහින් තියේ. පින් උනොත් බොහෝ දුරට මෙහෙම වෙනවා. 2nd Moving AVERAGE තමයි ඔය ලා නිල්, සහ රතු පාටින් කැඩ්ල් අතරින් ගිහින් තියෙන්නෙ.

තේරුනේ  නැද්ද? 

මටත් තේරුනේ නෑ ඒ නිසා ඔන්න තව එකක් ඊට වඩා පැහැදිලිව බලමුකෝ. 



7. Bounce Back Handel By Current Market Judgment! (Logic no 7) ඔහොමනේ තියෙන්නෙ. මේකෙදි අපි අදුනගන්න ඕන කරුනු 2ක් තියෙනවා. කැන්ඩ්ල් ගැන.
1. Valid Candle 
2. Invalid Candle 
මොකද්ද වැලීඩ්, මොකද්ද ඉන්වැලීඩ් Kazi ට අනුව? බලන්න උඩ පින්තූරේ. ලොකු Upper Wick එකක් තියෙනවා නේද Kazi High Lowe Bar එක හිට් කරපු? ඒක Invalid Candle (අවලංගු) එකක්. ඒකට අපි ඊට පස්සෙ කෝල් එකක් දෙන්නෙ නෑ. ඇයි? ඒක Invalid Candle නිසා. 

ඊට පස්සෙ ආයෙම ටිකක් වෙලා ගියාම බලන්න හොද බොඩි එකක් තියෙන හොද පිරුනු වික් දෙපැත්තෙම අඩු එකක් Kazi High Lowe Bar එක ක්‍රොස් කරනවා. අන්න ඒකට අපි කෝල් එකක් දෙනවා. මොකද ඒක Valid Candle එකක් නිසා. Bounce Back Handel කියන්නෙ ඔන්න ඕකට සරලව. 

උඩින්ම කියපු 2nd Moving AVERAGE කතාව පැහැදිලි මදිනම් ආයෙත් කියන්නම්කෝ. බලන්න මේ දෙවෙනි වතාවෙත් (උඩම හිට් කරපු තැන බලන්න) එතනත් තියෙන්නෙ Invalid Candle එකක්. ඒකෙ මැදින්  Moving AVERAGE එක ගිහින් තියෙනවා. (මේ රූපෙනම් කහ, තැබිලි රේකාව) ඉතින් එතකොටත් අපි දන්නව Bounce Back වෙනවා කියලා. 

නොදැන එතනත් කෝල් එකක් දුන්න කියමු. කලින් Kazi HL එක ක්‍රොස් කරන් එහෙමනේ ඇවිත් තියෙන්නෙ. ඉතින් එතකොට අපි ලොස්. පින් බාර් එක හිට් කලාම ඊලග එක පුට් වෙලා. ඒ නිසා 2nd loss cycle then 3rd trade and 4th trade direction is opposite to recover. මෙන්න මේ කියන්නෙ 3න් වෙනි සහ 4 වැනි ට්‍රේඩ් එක ඊට විරුද්ද අතට දෙන්න, ඒ කිව්වෙ පුට් එකක් දෙන්න කියලා, 3න කෝල් උනොත් 4ට හරි පුට් එකක්. කොහොම හරි 3,4 ඒ කැන්ඩ්ල් 2න් එකක් පුට් වෙනවා කියලා තමයි ඒ කියන්නෙ? දැන් හොදටම පැහැදිලියි නේද? 

ඉතින් ඔන්න ඔච්චරයි බේසික් එක.. මේක ඇඩ්වාන්ස් විදිඅයට හිතලා බලලා යොදාගන්න එක ඔයාලට බාරයි හොදේ. 

දැනට මේ ලිපිය මෙපමනයි. මේ තමයි බේසික් ටික. ඒත් එයාගෙ වීඩියෝ බලලා තව තේරුම් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා මේක ඉස්සරහටත් ලියන්න හිතාගෙන ඉන්නවා. තව් පොඩ්ඩෙන් ඉන්ඩිකේටර් එකත් ටෙම්ලෙට් එකයි දෙන්න අමතක වෙනවා. Download Alpha

අත රිදෙනව දැන්නම්. මොකක් හරි ඉතින් කොටන් යන්න. මෙච්චර ලියලත් මුකුත් නොකිය යන්න එපා. හොදේ.

2016.09.02 Update බයිනරි ඇල්පා මේ දවස වෙනකොට 7 වෙනි සංස්කරණය ඉදිරිපත් කරන්නයි ඉන්නේ. එතකොට මේ මේ නීති රීති ගොඩක් වෙනස් වෙලයි තියෙන්නේ. සහ ගොඩක් පහසු වෙන විදියටයි තියෙන්නේ. ඒ ගැනත් මතකේ තියාගන්න හැමෝම.!

23 comments:

  1. godak wedagath aiya digatama liyanna!

    ReplyDelete
  2. තැන්කු බන්. ගොනාට වගේ තේරුණා

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සගයනි. මම ඉංග්රීසි දී මා ශ්රමික යැවීමට ඔබ අහන්න පුළුවන්ද?

      මම ඉතා වැදගත්ය වනු ඇත! මගේ තැපැල

      gefforce092@mail.ru or Facebook

      Delete
  3. ela kiri machan.. jaya wewa...

    ReplyDelete
  4. good work. try to do compleate

    ReplyDelete
  5. machan oya indicator aka iq option wala use karanna puluwanda?

    ReplyDelete
  6. kollo meka iq walata use kranna puluwanda

    ReplyDelete
  7. mokedahoda kollo.. mn iq eke kranne kiyana vidihatanmtiak puluwan mokakda hoda?

    ReplyDelete
  8. ඒක තීරණය වෙන්නේ මචන් උබේ කැපිටල් සයිස් එකයි ට්‍රේඩින් විදියයි වගේ දේවල් එක්ක

    ReplyDelete
  9. oke mokenda bn karanne man me iq optiondan inne oya download karaganna dunne mkakda bn threnne na .ex4 file kiyanne monawada poddak link ekak denna pulwanda oka yoda ganna hati balanna

    ReplyDelete
  10. Mc ayrex optin kohomada.....anit eka eke trayaal version eke candles nane....

    ReplyDelete
    Replies
    1. අහන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ මට

      Delete
  11. Hi guys. Can I ask you to send me the manual in English?

    I will be very grateful ! my mail - gefforce092@mail.ru or Facebook

    ReplyDelete
  12. ආයුබෝවන් සගයනි. මම ඉංග්රීසි දී මා ශ්රමික යැවීමට ඔබ අහන්න පුළුවන්ද?

    මම ඉතා වැදගත්ය වනු ඇත! මගේ තැපැල

    gefforce092@mail.ru or Facebook

    ReplyDelete
  13. macho.. kazi ge indicator tika expire wenawa ne.... mokada karanne?

    ReplyDelete
  14. I have some questions.
    Can you tell me is there any deference between binary.com real account and a virtual account?   When I use a bot in Binary.com will there be any deference result in virtual and real account? or it should be the same?  When I trade in the virtual account using a bot I won every time. But when I move to real account I win some trades but eventually I will lose all my money. That is like the binary.com knows what I am doing. what is my next move is I feel like they know it.  It's like they let me to win in the virtual account and take my money in the real account. I don't understand this. Can you explain me this situation. In that situation I used only 100 USD for my deposit. . What if I deposit 2500 USD and set the  Martingale level to 12 and set the stake value to 0.35 and earn only 100 USD per day. I tested in the virtual account I earn 100 USD in 3.5 hours. I want to know even though I use a huge deposit and do all those things, will they manipulate the result and take all my money. 

    ReplyDelete