:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Tuesday, February 2, 2016


ආයෙත් ආව ඔන්න තව සිස්ටම් එකක් උස්සගෙන හිහි. කොච්චර දුන්නත් මදිනේ. මොකද තමන්ට ගැලපෙන එකක් තියෙන්න එපාය නේද? ඒ නිසා නිකම් ඉන්න එකේ මේ දෙන ඒවත් කරලා බලන්නකෝ. හරි එහෙනම් බහිමු කතාවට


මේක පදනම් වෙන්නේ බොලින්ජර් බෑන්ඩ් එකට. දන්නවා ඇතිනේ. එකෙන් කියන්නේ දැනට වෙළදපොල යන්න පුළුවන් උපරිම, අවම සීමාව වගේ හගවන ලයින් එකක්. හරි, අපි මේකට යොදාගන්නේ සම්මත 2 - 2.0  අගය නෙමෙයි. 2 - 3.0 කියන අගය. සාමාන්‍ය අගය හොදයි දළ අදහසක් ගන්න. එත් Binary වගේ කරනවනම් මේ indicator එක පදනම් කරගෙන මේ වගේ විශේෂ අගයන් පාවිච්චි කරන එක තමයි මචන් අගට ගුණ හොදේ. මේක ගැන කියන්න මහා දෙයක් නෑ. අලුත් අය ඉන්නවනම් කියල හිතලා හැමදාම ලොකු හෑල්ලක් ලියනවා. පවුනේ උන් හලන්න පුළුවන්ය. අපිත් ඔහොම කාලෙක උන්න්නනේ දැන් මෙහෙම නිකම් ලොක්කෝ වගේ මේවා ලිව්වට. හිහි. එක වෙනම කතාවක් :D

මේකේ ට්‍රේඩ් දාන්නේ සම්පුර්ණයෙන්ම candle එක මේ ලයින් එකෙන් පිටත අවසාන උනොත්. එහෙම අවසාන වෙන්න ඕනෙත් එකේ දෙපැත්තේම තියෙන Corners (මුළු) දෙකම ලයින් එකෙන් එළියේ තියෙන්න ඕනේ. මුලින්ම Corners අදුනගමුකෝ




ඕක ඉතින් තේරෙනවනේ නේද?

මේකේ ට්‍රේඩ් දන්නේ මිනිත්තු 1 කාල රාමුවේ (time frame) එකේ, මිනිත්තු 1 ට්‍රේඩ් ම තමයි. Update මිනිත්තු 2  ට්‍රේඩ් උනත් කමක් නැහැ, ඒක වඩාත් හොදයි. පොඩ්ඩක් ඔයාගේ MT4/MT5 එක අරන් බලන්න වැඩියෙන් හොදය මිනිත්තු 1 ට්‍රේඩ් ද, 2කේ  ඒවද කියලා.  ඉක්මන් වෙන්න ඕනේ ඉතින්. සන් සන් ගාල හරියට අදුනගෙන ට්‍රේඩ් කරන්න ඕනේ.

හැම cross එකටම දන්නෙත් නෑ. ට්‍රෙන්ඩ් එකේ පවර් එක අනුවයි එකත් කරන්නේ. ලොකු strong trend වල ට්‍රේඩ් කිරීමෙන් වලකින්න.! හොද රෙන්ජින් මාකට් එකක් විතරක් අල්ලගන්න. ඔන්න අමතක කරන්න එපා. කෝනර් දෙක එළියේ තියෙන්නම ඕනේ. එහෙම නැතුව එක කොනක් විතරක් බොලින්ජර් බෑන්ඩ් ටච් කළා කියලා දාන්න ගිහින් අනාගෙන මට එහෙම බනින්න එන්නේ නෑ හරි...

එහෙනම් ඉතින් උදාහරණ ටිකක් බලමුකෝ



හොද උදාහරණයක්. පේනවනේ corner දෙකම එළියේ තියෙන්නේ පලවෙනි කහ ඩොට් එක තියෙන candle එකේ නෙමේ. දෙවෙනි එකේ. ඉතින් මිනිත්තුවේ Call (buy) trade එකක දැම්මනම් ගොඩ. ඒ එකක්. 
ඒ වගේම මේ කහ ඩොට් එක එන්නත් ඕනේ. කහ ඩොට් එක ආවට මදි  corner දෙකම එළියේ තියෙන්නත් ඕනේ හොදේ. ඩොට් එක හදල තියෙන්නේ බොලින්ජර් බෑන්ඩ් එකට තමයි. ඔයාට බෑන්ඩ් එක බලන්න බැරිනම් ඩොට් එක බලන්න. ඩොට් එකේ ඇලර්ට් එකක් එනවා. නමුත් ඩොට් එකම ශුවර් කරන්න එපා. බලන්න මෙතන ඩොට් එක විතරක් බැලුවනම් ලොස් පලවෙනි එක. අපි බොලින්ජර් බෑන්ඩ් එකත් පෙන නිසා දන්නවා ආ මෙතන කෝනර් 2කම පිට ගිහින් නෑ. (ඩොට් එකට කුනුහර්පෙකුත් කියන් ඔන්න අපි එතනින් බේරුනා හිහි) 

තව උදාහරණ ටිකක් බලමු


මේත් අර වගේම වෙන එකක්. මෙතනනම් කිසිම අවුලක් නෑ ගානට තියෙනවා. call trade පොටෝ ටිකක් විතරයි හිටං අහු උනේ. පුට් ඒවා තියෙන්න ඇති දැක්කේ නෑ. ඒවා දන්නේ ඉතින් උඩ ගියාම අරම අරම වෙලා අරම ට්‍රේඩ් එකක් දානවා. ඔව් ඔව් එහෙම. හෙහෙ (කියන්න ඕනේ නෑ නී සිම්පල් නෙ?) ඒකනේ මන් කිව්වේ 

හරි අපි මේකේ ට්‍රෙන්ඩ් එක බලාගන්නත් පොඩි indicator එකක් පාවිච්චි කරනවා. 


ඔකේ Down 70% වැඩිනම් NO CALL TRADE
ඔකේ UP 70% වැඩිනම් NO PUT TRADE

මෙන්න මන් අර කිව්වා වගේ strong trend market වල ට්‍රේඩ් දැම්මොත් වෙන සිද්දිය. එකත් බලාගන්නකෝ 


මේක අනිවා එක්කෝ මාර්කට් එකක් Open time එකක් වෙන්න ඕනේ. බලන්න ඊට කලින් ආපු candles හරිම පොඩියි. පේනවනේ. ඉතින් ඒවා ගැනත් නිව්ස් ගැනත් අවදානෙන් ඉන්න. එහෙම කලොත් මේකෙන් ගේමක් ගන්න බැරි නෑ හොදේ. එහෙනම් අදට කපෙන්නම්. පශ්ශේ හම්බෙමු ඈ

2016.09.03 Update ඔන්න මම වීඩියෝ කෑල්ලකුත් ඇමුනුවා. බලන්නකෝ මේකත්. කිසිම දෙයක් සල්ලි දීලා ගන්න ඕනේ නෑ. ඔක්කොම මම මේකේ දාලයි තියෙන්නේ. නිකම් බලන්න. එතකොට ගොඩක් තේරෙයි.


කමෙන්ටුවක් කොටන් යන්න හොදේ. අවුලක් නම් කියන්න. ලින්ක් එක අමතක වෙනවා තව පොඩ්ඩෙන්. මෙන්න මේකෙන් ගන්න.. 

ජය වේවා හැමෝටම. මට තවත් පොස්ට් ලියන්න සත්තිය දයිරිය ලැබේවා.!
හිහි. යන්ටම් ජය වේවා


7 comments: