:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Tuesday, January 19, 2016



අවුරුද්දකට විතර පස්සේ ආයෙම බ්ලොග් එකට අත ගහන්න හිතුනා හිටං. හිහි. හරි සිස්ටම් හොයන අය වෙනුවෙන් පොඩි පහේ සිස්ටම් කෑල්ලක් දෙන්නයි යන්නේ. හදුවෙනම් මම නෙමි. මම එඩිට් කළා පොඩ්ඩක් මොඩිෆයි කළා හොදේ. හරි නම තමයි  HAS_RIDIDNG_Sihina v1.0

වර්ෂන් 1 තමයි ඉතින් දැනට යන්නේ හොදේ. හොයාගෙන මහා කාලයකුත් නෑ නෙ. හරි මේක කියවනවා ඇති ට්‍රේඩින් වලට අලුත් අය වගේම කප් ගහපු අයත්. එහෙනම් මම පටන් ගන්නම්කො පහලින්

මේක යන්නේ සරල indicator 2k එක්ක. සාමාන්යෙන් පාවිච්චි වෙන indicator 2ක මොඩිෆයි එකක් කිව්වොත් හරි.

1. Heiken Ashi Smoothed
2. RSI Lido

හරි ඔන්න ඔය දෙක විතරමයි.

එතකොට මේක යොදාගන්නේ මිනිත්තු 5 ටයිම් ෆ්‍රේම් එකට. ට්‍රේඩ් එක දන්නේ මිනිත්තු 5කට. හරි එහෙනම් සිසිටම් එක පැත්තට හැරෙමුකො සල ලල ලා කියලා. හිහි

මුලින් අදුනගන්න එපයි අප්පේ මොකද්ද ඔය Heiken Ashi Smoothed කියන්නේ කියලා නේද හිටං.
ඔන්න පින්තුරේ යට තීනවා


පොඩි නම් ක්ලික් කරලා ලොකු කරලා බලන්න. හොදේ 

හරි දැන් බලන්නකෝ මේකේ තීනවා නිල් පාට වගේම රතු පාට ඉරටු වගේ කෑලි, ඕකට තමයි Heiken Ashi Smoothed කියන්නේ. සාමාන්‍ය Heiken Ashi එක තියෙන්නේ අපේ Candle Body එක්ක. එත් මේකේ එහෙම නෑ, Candle වලට පිටින් ඉරි කෑලි වගයක් ගහලා වගේ තියෙන්නේ. ඇත්තටම එක හොදයි. පැහැදිලියි බලාගන්න ලේසියි. 

ඇයි මේ වගේ එකක් හදන්න ඇත්තේ? නැත්නම් Heiken Ashi එක යුස් කරන්නේ මොකටද? 
අපේ මාකට් එකේ වෙන වෙනස් වීම් තමයි එකේ ඔය පාට 2කින් පෙන්නන්නේ. නිල් කියනේ මාකට් එක දැන් UP (ඉහල) යනවා. රතු පාටින් කියන්නේ මාකට් එක Down (පහල) යනවා. 
කොළ රතු කියන්නේ Normal Candle හොදේ. ඒවා මේකට අදාලම නෑ. 

අපි බලන්නේ  Heiken Ashi Smoothed පාට 2ක විතරයි. 

එතකොට මොකද්ද RSI LIDO කියන්නේ? අහන්න එපා මහා ලොකු තේරුමක් දෙන්න මම දන්නේ නෑ. :p
Relative strength Index  (RSI)  සිංහලෙන් කිව්වොත් සාපේක්ෂ ශක්තිය දර්ශකය. ඔ ඔ උබට වගේම මටත් මෙලෝ හසරක් තෙරුනේනම් නෑ. හැමිනෙනවා.. හික් 

දන්න විදියට කිව්වොත් දැනට මාකට් එකේ හැසිරීම් සාමාන්‍ය විදියට පෙන්නුම් කරන දර්ශකයක්. ඒ මදැයි 


සාමාන්‍ය RSI වල ඔහොම ඩොට් නෑ. මේකේ එහෙම අලුත් දේකුත් තියෙනවා. ඒ වගේම ගණිත ක්‍රම වල යම් යම් වෙනස්කම් එහෙමත් දකින්න පුළුවන් සෙට්ටින්ග් බැලුවොත්. 

සාමාන්යෙන් 20 ලයින් එක, (යටම තියෙන සුදු කඩ ඉර) පැන්නම ඉගියක් දෙනවා මේ අවස්ථාවේ මාකට් එක ගියපු පහලම අගය මේක කියලා, 80 උඩ ගියාම මාකට් එකේ ඉහලම අගයක් පෙන්නුම් කරනවා හොදේ. සරලයි. 100% තිතට හරි නෑ. ඉගියක් විතරයි. 


හරි දැන් ඉතින් අපි සිස්ටම් එක දිහාවට හැරෙමු. ට්‍රේඩ් දාන හැටි. හරි සරලයි. නමුත් බොහොම අවබෝධයෙන් එක පාර ඔලුවට දාගන්න බලන්න. 

කඩ්ඩෙන් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන හැටි කිව්වොත් මෙහෙමයි. 

Buy rules:

* Heiken ashi smoothed blue
* RSI (2) below 20 level

Sell rules:

* Heiken ashi smoothed red
* RSI (2) above 80 level

ඒ ඒ කඩ්ඩෙන් හොදේ. (දන්නවා කියල පෙන්නන්න දැම්මේ නෑ ඔන්න හිටං :p )

_________________________________________________________________________

පොටෝවක් දාලම පැහැදිලි කරමු. නැත්නම් විකාරයි වගේනේ

Buy rules:


පේනවනේ පුටෝ එක?

RSI Lido එක තියෙන්නේ 20 Line එකට යට. එතකොට අපි බලන්නේ මොනවද? BUY (Call) Trade විතරයි. හරිනේ.
එතකොට ඒක (RSI Lido එක) විතරක් තිබිලා මදි Heiken Ashi Smoothed එක නිල් පාට වෙන්න ඕනේ. හරිනේ? මෙතන මේ අවස්ථා දෙකේම Heiken Ashi Smoothed නිල් පාටින් තියෙන්නේ.


මේ ට්‍රේඩ් එකේ තිරය පිටුපස කතව. තේරුම් ගන්න විතරයි. නොතෙරුනානම් ඔලුව අවුල් කරගන්න එපා. ට්‍රේඩ් එක වින් කලාම මදැයි මේ වල පල් නැතුව නේද? හිහි

මේ ටිකේම මාකට් එක නිල් පාටින් යන්නේ. ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකක යන්නේ. එතකොට අපි බලන්නේ අප් ට්‍රෙන්ඩ් එකක මාකට් එක පහල වැටුන අවස්තාවක, ආයේ මාකට් එක ඉහල යාවි කියලා දාන trade එකක් තමයි මේ. තේරුනාද?


මෙහෙමනේ ගොඩක් සිස්ටම් තියෙන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්දව Trade කරන්නයි හදල තියෙන්නේ. ඒ කිව්වේ ඔන්න දැන් මාකට් එකට උඩටම ගියා හරි දැන් මම පහල යනවා කියල Trade එකක් දාන්න ඕනේ කියලයි ගොඩක් ඒවා හදලා තියෙන්නේ. කවදාවත් මම අනුමත කරන්නේ නෑ ඒ විදිය. මොකද අපිට හරියටම කියන්න බෑ මොන වේලාවේද මේ මාකට් එක උපරිම සීමාවට යන්නේ කියලා. ඔයාට කියන්න පුලුවන්ද හරියටම දැන් තමයි උපරිම, දැන් තමයි පහලම කියලා? සක්කරයාගේ පුතා විමටත් බෑ කිව්වම? ආයේ මොනාද. මාව විශ්වාස කරපිය හිකිස්. (මම විහිලු දන්නේ නෑ, ඕ ඒ උනාට හිනා වෙලා ඉන්න ට්‍රයි කරන පොරක් ඈ)

අපි මේකේ ට්‍රේඩ් කරන්නේ ට්‍රෙන්ඩ් එකට. දැන් මේ උඩ තියෙන උදාහරනේ හැටියට  අපිට කියන්න පුළුවන් එකම එක දෙයයි. මාකට් එක යන්නේ ඉහල. කොහොමද එහෙම කියන්නේ? Heiken Ashi Smoothed එක නිල් පාට නිසා. ඉතින් අපිට කියන්න පුළුවන් දැන්නම් ඉතින් මාකට් එක තව ඉහිල යාවි කියලා.

ආයෙම කියන්නම් BUY (Call) Trade දානවම්, Heiken Ashi Smoothed නිල් පාට වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම RSI  එක 20ට පහලින් තියෙන්න ඕනේ. හරිනේ? ලෙසියි නෙ? එල


Sell rules:



Sell (PUT) Trade  එකක් දානවනම් තියෙන්න ඕන කරුණු 2ක තමයි. Heiken Ashi Smoothed එක රතු පාට වෙන්න ඕනේ. RSI එක 80 ලයින් එකට උඩින් තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් මෙන්න මේ වගේ ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. හරි නේද? ලේසියි

අපි මෙතන කිසිම තැනක Candle Body එක දිහා බලන්නේ නෑ. ඒක මොන පාටද මොන විදියද අපිට ඒවා අදාලම නෑ. අපි යන්නේ * Heiken ashi smoothed එකත් * RSI එකත් එක්ක විතරයි. එහෙනම් තව පොඩි උදාහරණ ටිකක් දාන්නම් පහලින්.. ආ අමතක උනානේ. මේකේ ලොස් නැද්ද?

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු.. 
ඒ වගේම තමයි ලොස් නැති සිස්ටම් නම් මේ ලෝකෙත් නෑලු ඈ.. (ගානට ආව නේද සින්දුව හිහි)




මේ තියෙන්නේ ලොස් එකක්. BUY (Call) Trade දාන්න ඔක්කොම හරි. Heiken Ashi (HA) නිල් පාටයි. ඒ වගේම RSI එකත් 20 පහලින් තියෙන්නේ. පලවෙනි එක ලොස්. පේනවනේ candle body එක රතු. ඔන්න මම හරි ලකුණ දාපු එක තමයි Win කරලා තියෙන්නේ. ඔතනදි මාර්ටින්ගේල් පාවිච්චි කලත් කමක් නෑ.

මාර්ටින්ගේල් ගැන නොදන්නා අයට :-

ඔයා පලවෙනි ට්‍රේඩ් එක 5$ක් දානවා. හැබැයි ලොස්. ලොස් එක කවර් කරගන්න ඊලග ට්‍රේඩ් එකට 10$ දානවා. ඒක වොන්.! එතකොට පලවෙනි එකේ ලොස්ස් 5 ඔයා දෙවෙනි එකෙන් කවර් කරගෙන. 70% payout එකක් දෙනවනම් 10ක් දැම්මනම් ඔයාට 7ක් profit නේද? එතකොට කලින් ලොස් 5 ට අමතරව තව 2$ ලැබිලා. ඇයි 5+2 = 7යි නෙ. ඉතින් ඔයා එතකොට ලොස් නෑ. ලොස් උනා කලින් ට්‍රේඩ් එකෙන්. නමුත් දෙවෙනි එකෙන් කවර්.
හා හා ඕක දැලිපිහියක්. කපාගන්න එපා. මම කපාගෙන මැහුම් දාගෙන දැන් පොඩ්ඩක් බයිනරි කියාගන්නෙත් අමාරුවෙන්. තාම හොස්පිටල් ඕඕ. ඒ නිසා හරි හමන් සිස්ටම් එකක් නැතුව මේවා කරන්න හිතන්නවත් එපාය..! ඈ 

උදාහරණ 



ඔතන අපිට ගන්න පුළුවන් ට්‍රේඩ් 2කයි තියෙන්නේ. එකක් වම් පැත්තේ කොනේ. අනික දකුණු පැත්තේ කොනේ. දෙකම බයි ට්‍රේඩ් 2ක්. ඔක්කොම ගැලපිලා තියෙන්නේ. අවුලක් නෑ වින් කරලා තියෙන්නේ. පේනවනේ?

එතකොට මොකද්ද මේ මැද නිකම් කුබුරේ නියරවල් වගේ ගහල තියෙනේ හිටං? ආ ඒවගේ ඒවා ගන්න බෑ හොදේ. RSI එක ඉහල පහල ගියා කියලම බෑනේ. මන් කලින් කිව්වේ. Heiken ashi smoothed එකත් ගැලපෙන්න ඕනේ. දැන් එතන පුට් එකක් දානවනම් Heiken ashi smoothed එක රතු වෙන්න ඕනේ. එත් තියෙන්නේ නිල් නෙහ්? සෝ ඒ ට්‍රේඩ් ගන්න බෑ.

ගොඩක් අය කරන්නේ ඔන්න ඔහොම RSI උඩ ගියාම දැන් පහල යාවි, දැන් පහල යාවි කියල ට්‍රේඩ් දානවා. එහෙම දැම්මනම් කොහොමද? එක පිට මාකට් එක උඩම යනවා. සදා සොත්ති නෙහ්? ඔන්න ඕකයි ඉතින් කතාව. Indicator ටික පහලින් දාන්නම්. අවුලක් තියේනම් කමෙන්ට් එකක් දාන්න. නිකම් කියවලා මාරු වෙලා උස්සල අරන් යන්න එපා ඉතින් කමෙන්ටුවක් දාන්න කොල්ලගේ මහන්සියට :(
ආ හොදම ටික අමතක උනා. ඉස්සරහට මම මේකට ඇරෝ එකක් හදන්නත් හිතන් ඉන්නවා. හොද හොද Coders ලා අපිටත් ඉන්නවා හිටං ;)

NEWS ගැන හොදට ඇහැ ගහගෙන ඉන්න. නිව්ස් එන්න විනාඩි 30කත කලිනුත් 30 පස්සෙත් ට්‍රේඩ් අතාරින්න. 
මම නිව්ස් බලන්නේ 
http://www.fxstreet.com/economic-calendar/ මේකෙන්. 

http://www.mediafire.com/download/ct1r6w88lt1u5mr/HAS_RIDIDNG_Sihina_v1.0.zip මෙන්න මෙතනින් ගන්න


මගේ ආඩපාලි කොටස කැමතිනම් කියවන්න මේ ස්යිස්ටම් එකට අදාළ නෑ :-

අපිට (මට) වරදිනකම් බුදු අම්මේ හෙන සෙට් එකක් බලන් ඉන්නවා. ඒවා මේ ආත්මෙට නොවෙන නිසා මම බොහොම උපේක්ෂාවෙන් ඒවා බලන් ඉන්නවා. අපිට හතුරෝ නැතුව නෙමේ. අපිට මඩ ගහපු, මුල අමතක උන් මේ ෆීල්ඩ් එකේ නැතුව නෙමේ. මම දන්නා සෙට් එක ගැන කියන්නේ. තව ලංකාවේ ඕන තරම් අය ඇති. හොද traders ල ඇති. මන් දන්නවා ඉන්නවා. මගේ ලගත්. මන් උගන්නපු ඒ කිව්වේ මං Trading කියල දුන්න උන් මටත් වඩා හොදට කරනවා. මොකද මේක තම තමන්ගේ මයින්ඩ් එක එක්ක ගහන සෙල්ලමක් මිසක් මාකට් එක එක්ක ගහන ගේම් එකක් නෙමේ. සතුටුයි. පල ඇති රුකටයි ගල් ගහන්නේ. හොද කරන්න ගිහිල්ලයි අපි කතා ඇහුවේ. තරහක් නෑ මගෙනම්. කරන්න පුළුවන් උදව්වක් තියේනම් ඉස්සරහටත් කරන්නම්. අය්යලාට නෙමී සිස්ටම් එකක් හොයාගන්න බැරි, තිබ්බත් කරගන්න බැරි අසරණ කොල්ලොන්ට, පොඩ්ඩක් විතර ඉන්න සුටි කෙල්ලන්ට හිකිස්. කෙල්ලෝත් අහු උනා. 1% වගේ. ඊටත් අඩුයි. හරි එහෙනම් ජය. sahan.pasindu3 මගේ ස්කයිප් අයිඩි එක. ඕන වෙලාවක කතා කරන්න. දන්නා දෙයක් කියල දෙන්නම්. සිහින එදත් එහෙමයි අදත් එහෙමයි. දන්නෝ දනිති මන් ගැන. ඒ නිසා අවුලක් ඇත්තෙම නෑ හිටං. එහෙනම් ටෙස්ට් කරලා බලන්න. රිසාල්ට් මටත් කියන්න. කස්ටියක් මගේ ස්ක්රිල් එකත් හැක් කරන්න  ට්‍රයි කරලා තිබ්බ. (මහා ගානක් නෙමේ 172$ වගේ සුළු මුදලක්) සල්ලිනම් ගන්න උනේ නෑ (ඒ නිසා මට හිනහත් ගියා හිහි පවු කොල්ලා කියලා. කියක් හරි ඉල්ලුවානම් දෙනවනේ බං) , ආයෙම ඒවා මට ලැබුනා. නම විස්තර තියෙනවා. ලංකාවේ පොරක්. ඔය විස්තර දුන්නනම් හිතන්න එපා කුඩුවට ගිහින් මිසක් නැවතී කියලා ඈ. බල්ලෝ කෑවට අපිව අපි කයිද මචන් පිස්සු සුනකයෝ?  ණයත් නෑ බයත් නෑ. නැද්ද කොල්ලෝ. මේ සිස්ටම් උස්සන් ගිහින් තමන්ගේ වගේ කියවන්න එපා කියලත් කියනවා. මං දැක්කා ලංකාවේම එකෙක්, මගේම ටෙම්ප්ලේට් එකක් යුස් කර කර සුද්දෝ එක්ක හරි හරියට ට්‍රේඩ් කරලා තිබ්බ. සතුටුයි. මන් බනින්න ගියේ නෑ. හැම වෙලාම මට මේවා මතක් වෙන්නේ අපි කොච්චර බොක්කෙන්ද උන්නේ උන් අපිට කොහොමද බෙලෙක්කෙන් දුන්නේ ඔලුවට කියලා. :D නැව ගිලුනත් බෑන් චූන් මචන්. තව ගිලුනත් එත් චූන් හොදේ. යන්නම්

ජයම වේවා..!

V2.0 (වර්ශන්) ඉස්සරහට එනවා. වෙනම පොස්ට් එකකින් හම්බ වෙමු. අප්ඩේට් කරපු ගමන් සරුසාර එකට පොස්ට් කරනවා. එතකන් පොඩ්ඩක් කලබල නොවී ඉන්න හොදේ. ලොස් එක තිබ්බට ගණන් ගන්න එපා. පොඩ්ඩක් ඉම්ප්රෝව් කරන්න ට්‍රයි එකක් දෙමු  ජය 

3 comments:

  1. Thnks bro......!
    Digatama liyanna.
    Jaya wewa.....!

    ReplyDelete
  2. thanks yaalu moving avarages walin trade karala epa wela hitiye issarahata oyaage strategy eka try karanawaa

    ReplyDelete