:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Saturday, July 25, 2015



කලින් Post ඒකෙන් මම Candlestick වර්ග කීපයක් කියා දුන්න. අද Post ඒක කොහොමද මේ Candlestick වර්ග වලින් Trend ඒක ගැන අදහසක් ගන්නේ කියල. කලින් Post ඒක කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මුලින් ඒක කියවල ඉන්න. නැත්නම් ටිකක් අපැහැදිලි වේවි.


Candlestick වර්ග 3 කින් අදුන ගන්න පුළුවන්.

Candle 1 ක් සහිත (Lone Rangers)
Candle 2 ක් සහිත (Double Trouble)
Candle 3 ක් සහිත (Three's Not A Crowd)



Candle 1 ක් සහිත (Lone Rangers)

  • Hammer (මිටිය)


බොහෝ වෙලාවට Down Trend එකක් අවසානයේ දැකගන්න පුළුවන්. කොහොමද Hammer Candle එකක් ඇදෙන්නේ ?. ඒක දැනගත්තොත් ටිකක් මේ ගැන අදහසක් ගන්න ලේසි වේවි, කලින් Post ඒක හොදට කියෙව්ව අයට නම් මේක ලේසි වේවි.

Pic එකේ සදහන් කරපු විදියට Open Price එකේ ඉදන් මිල පහල ගිහින් මොකද මේක Down Trend එකක්. ඒ එක්කම Candle ඒක ඉවර වෙලා තියෙන්නේ Open Price එකට ඉහල අගයකින් (සුදු පාට Candle Up කලු පාට Candle Down). ඒ කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Selling Power එකට වඩා Buying Power ඒක වැඩියි දැන්. සාමාන්‍යයෙන් Shadow ඒක Real Body එකට වඩා 2 - 3 ගුණයක් විශාලයි. Upper Shadow එකක් නැහැ. (ඉතාමත් කුඩා Shadow එකක් තියෙන්න පුළුවන් සමහරවිට)
Hammer එකකින් Bull Trend (Up Trend)  එකක් ගැන Alert එකක් දෙනවා. එත් Hammer එකක් ආපු ගමන් Buy Orders (Binary වල Call) දාන්න එපා.


  • Hanging Man (එල්ලෙන මිනිසා)


Hanging Man Candle ඒක දැකගන්න පුළුවන් Up Trend එකක අවසාන හරියේදී. මේකෙ Open Price එකට වඩා Close Price ඒක අඩු අගයක්. ඒ වගේම විශාල Down Shadow ඒකෙන කියන්නේ තවමත් Buying Power ඒක තියෙනවා නමුත් Selling Power ඒක වැඩිවෙලා. ඒක නිසා Trend ඒක Bearish (Down) වෙන්න යනවා කියන Alert එකක් දෙනවා Hanging Man. Hammer ඒක වගේම මේකෙත් Shadow ඒක 2-3 ගුණයක් විශාලයි Real Body එකට වඩා. ඒ වගේම Sell Order (Binary වල Put) දාන්න යන්නත් එපා Hanging Man එකක් ආව කියල. It is just an Alert. ;)


  • Inverted Hammer (පෙරලුනු මිටිය)



Inverted Hammer එක Hammer එකෙන් වෙනස් වෙන්නේ Shadow එක තියෙන පැත්ත අනුව. Hammer එකෙ Lower (Down) Shadow එකකුත් Inverted Hammer එකෙ Upper (Up) Shadow එකකුත් තියෙන්නේ. Inverted Hammer එකක් අවනම් Bullish Trend (Up Trend) එකක් ගැන Alert එකක්. නමුත් විශාල Upper Shadow ඒකෙන් කියන්නේ තවමත් Selling Power ඒක සැලකිය යුතු මට්ටමක තියේ කියල (Open Price, Close Price, Lower or Higher Price Theory ඒක අනුව). ඒක නිසා Inverted Hammer එකට වඩා Hammer Candle ඒක Bullish (UP වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි).


  • Shooting Star





තවත් Powerful Bearish (Down) Candle එකක්. Hanging man වලට වඩා Bearish (Hanging man එකේ විශාල Lower Shadow ඒක නිසා Buying Power ඒක ඉවර නැහැ කියල පෙන්නනවනෙ). 
කොහොම හරි මේ කියපු Candlestick Pattern 4 ම දෙන්නේ Alerts. ඒ Alerts වලින් Hammer And Shooting Star Alerts ප්‍රභලයි.



Candle 2 ක් සහිත (Double Trouble)


  • Bullish Engulfing


සිංහල තේරුම Bullish ගිල ගැනීම. ගිලිනවා කිව්වට මේකෙ ගිලින්නෙ Bearish Candle නේද? ඇයි ඉතින් මෙහෙම උනම් පස්සෙ යන්නෙ Bullish (Up Trend) එකක්නේ. වචනේ තේරුම වැඩක් නෑ. සිද්දිය මතක තියාගන්නකෝ. Engulfing Patterns සාමාන්‍යයෙන් හොද Alerts දෙනවා. 
Down Trend එකකදී කුඩා Bear Candle (Down Candle) එකකට පසුව විශාල Bull Candle (Up Candle) එකක් තමයි ඒ Pattern ඒක. සාමාන්‍යයෙන් මේ Bull Candle ඒක Mazubuzu (කලින් පෝස්ට් එකේ මේ Candle එක ගැන දාල තිබුනා මතක ඇතිනේ) Or Long Body Candle එකක්. ඒ වගේම Bearish Candle එකේ සහ Bullish Candle එකේ Real Body එකේ Lower ends සාමාන්‍යයෙන් එකම Level එකේ පවතින්නේ. 


  • Bearish Engulfing


සිංහල තේරුම වැඩක් නෑ. ඊට පස්සෙ උබලා පටලගන්නවා. Bearish Engulfing කියන්නෙත් හොද Bear Trend Alert (Down Trend Alert) එකක්. Up Trend එකකදී කුඩා Bullish (Up) Candle එකකට පසුව විශාල Bearish (Down) Candle එකක් සහිතයි.  ඒ වගේම Candle දෙකේම Real Body වල Upper ends එකම Level එකේ පවතින්නේ. (photo එකෙ ඉහලම බලන්න. එකම ලෙවල් එකේ නේද තියෙන්නෙ?) ඔන්න ඕවා තමයි පුන්චි පුන්චි ඔයාල අමතක කරන පුන්චි උනත් වැදගතම දේවල්..!! 


  • Tweezer Bottoms & Tops



Tweezers Patterns කියන්නෙත් තවත් ප්‍රභල Patterns 2 ක්.  එකම විදියේ Bearish සහ Bullish Candles 2 ක් සහිතයි. Pattern එකේ Strength (ප්‍රබලතාව) රදා පවතින්නේ Candles දෙකේ සමානත්වය මත. ඉතාමත් සමාන Candle දෙකකින් වඩාත් ප්‍රභල Alert එකක් දෙනවා.



Candles 3 ක් සහිත (Three's Not A Crowd)


  • Morning & Evening Star


Candlestick 3 ක් සහිත Patterns වෙනත් කිසිම Pattern එකකට වඩා ප්‍රභලයි. මොකද Candlestick 3 ක් වෙනකම් බැලුව කියන්නේ Trend ඒක Clear. Anyway පලවෙනි Candle ඒක Bull Trend එකක්නම් Bullish Candle එකකුත් , Bear Trend එකක්නම් Bearish Candle එකකුත් වෙනවා. නමුත්  2 වෙනි Candle එකේ Body ඒක කුඩා වීමෙන් කියන්නේ මෙතෙක් වෙලා තිබ්බ Trend ඒක දුර්වල වෙලා කියල. සාමාන්‍යයෙන් දෙවෙනි Candle ඒක  Spinning Top එකක්.  3 වෙනි Candle එකට කියන්නේ Confirmation Candle ඒක කියල. මොකද ඒ Candle ඒක තමයි අලුත් Trend ඒක තහවුරු කරන්නේ. 3 වෙනි Candle ඒක සාමාන්‍යයෙන් පලවෙනි Candle ඒක තරම්ම විශාලයි. ඒ වගෙම Mazubuzu, Long Body වගේ Candle, Trend ඒක තවත් ශක්තිමත් කරනවා. (කලින් ඒවට වඩා මතක තියාගන්න දේවල් නම් වැඩියි තමයි. නමුත් සරලයි. හොදට තේරුම් ගන්න. Mt4 එකේ බලන්න මේවා තියෙද ඇත්තද බොරුද කියලා)


  • Three White Soldiers (White = Up Candles)





Three's Not A Crowd, Patterns වලින් ඉතාමත් ප්‍රභල Pattern එකක් තමයි Three White Soldiers & Black Crows. ඒ දෙකෙන් Three White Soldiers කියන්නේ ප්‍රභල Bullish (Up) Pattern එකක්.

1 වෙනි Candle එක, සාමාන්‍යයෙන් එච්චර විශාල  Body එකක් නැහැ. ඒ වගේම ලොකු Shadow එකක් නැති වෙන්නත් ඕන. (Shadow එකක් නැත්නම් සහ Shadow ඒක කුඩා වෙන තරමට හොදයි)
2 වෙනි Candle එක, පලවෙනි Candle එකට වඩා විශාල විය යුතුයි.  පලවෙනි Candle එකේ High එකට ආසන්න අගයකින් දෙවෙනි ඒක පටන් ගන්නත් ඕන. ඒ වගේම Upper Shadow ඒක කුඩා වීම තවත් හොදයි.
3 වෙනි Candle එක, දෙවෙනි Candle එකට සමාන විශාලත්වයක් හෝ වැඩි විශාලත්වයකින් තියෙන්න ඕන. Mazubuzu හෝ Long Body එකක් නම් වැඩිය හොදයි.


  • Three Black Crows


ප්‍රභල Bearish (Down) Candlestick Pattern එකක්. කලින් Three White Soldiers වලදී කිව්ව විස්තර වගේම මේකෙත් විස්තර සමානයි. වෙනස තියෙන්නේ මේක Bearish Pattern (Down) එකක්.



    • Three Inside Up & Down


    කලින් කියපු Three's Not A Crowd Pattern ඒක තරම්ම ප්‍රභල නැතත් අනිත් හැම Pattern එකකටම වඩා ප්‍රභලයි Candles 3 ක් සහිත නිසා. මේක Morning & Evening Star ඒකෙන් වෙනස් වෙන්නේ දෙවෙනි Candle ඒක පලවෙනි Candle එකේ දිශාවට විරුද්ද අතට වීමත්, තුන්වෙනි Candle ඒක Up Trend එකකදී පලවෙනි Candle එකේ High එකට වඩා විශාල අගයකටත් Down Trend එකක්නම් පලවෙනි Candle එකට වඩා අඩු අගයකට යාමත් නිසා. 

    තේරුනේ නැද්ද? මුලින්ම බලමු දෙවෙනි කැන්ඩ්ල් එක පලවෙනි එකට විරුද්ද දිශාවට නේද ගිහින් තියෙන්නෙ? හරි ඊලගට කියන්නෙ තුන්වෙනි කැන්ඩ්ල් එක Up Trend එකක නම් (Three inside up කියන පින්තූරේ බලන්න) පලවෙනි කැන්ඩ්ල් එකට වඩා වැඩි අගයකින් පිහිටනවා කියලා. හරි නේද? Three inside up එකෙ පලවෙනි කලු කැන්ඩ්ල් එකට වඩා 3න් වෙනි සුදු අප් කැන්ඩ්ල් එක උඩින් තමයි තියෙන්නෙ. 

    ආයෙමත් කියනවා Down Trend එකක නම් (Three inside Down කියන පින්තූරේ බලන්න) පලවෙනි කැන්ඩ්ල් එකට වඩා 3න් වෙනි කැන්ඩ්ල් එක අඩු ගයකින් පිහිටන්න ඕන කියලා. ඒකත් හරි නේද. Three inside Down පින්තූරේ පලවෙනි සුදු අප් කැන්ඩ්ල් එකට වඩා 3න් වෙනි කළු ඩවුන් කැන්ඩ්ල එක පහලින් තමයි පිහිටන්නෙ.

    Candlestick Patterns නම එච්චරයි. එත් කියන්න ඕන Candlestick Patterns වලින් විතරක් Trend ඒක තීරණේ කරන්න එපා. ඇත්තටම Candlestick Patterns වැදගත් වෙන්නේ Indicator එකකින් දෙන Signal ඒක හරියටම Sure නැති වෙලාවට. ඒ වගේ වෙලාවට Candlestick Patterns දිහා බලල Sure කරගන්න ලේසි වෙනවා.

    හිතුවද ඉවරයි කියලා. ඉවර නැ පුතෝ තව දහස් ගනන් පැටර්න් තියේ. හොදම ඒවා එකතු කරලා ආයෙ දවසක වැදගත් පෝස්ට් එකක් හදන්නම්. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාට මේ පෝස්ට් එක වැදගත් උනානම්. 
    ජය වේවා..!!


    20 comments:

    1. මං නම් මේ ඔක්කොම දන්නවා බං. කමක් නෑ හොද වැඩක් .......

      (ලොකු seen එකක් දැම්මේ බං ) ගොඩක් දේවල් දැන ගත්ත මචෝ. sarusaren තමා මාත් set උනේ ඒත් සිහිනය මේවා කොටද්දී බලන් සද්ද නැතුව යන්න බැහැනේ


      මචං මට නම් 1න් ම වැදගත්........

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි සහෝ අදහසට.

        Delete
    2. Replies
      1. ස්තුතියි කමෙන්ටුවට

        Delete
    3. niyemeta yanawa sihina,,,,,,,,,aye mulu idan me man ena gaman e nisa patta wadagath.....jaya mcn

      ReplyDelete
      Replies
      1. එලම මචං. හොදට අල්ලගනින්. බැරි තැනක් නම් නැතුව ඇති. ලස්සනට පැහැදිලි කරලා තියෙනවා

        Delete
    4. එලම තමයි කොල්ලෝ............... ගොඩාක් වටින පෝස්ට් එකක්...........

      ReplyDelete
    5. Replies
      1. ස්තුතියි සහෝ අදහසට

        Delete
    6. Blog eke supiriyata hadala thiyenawa.godak dewal igenagaththa.niyamai bro

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි මචං..

        Delete
    7. Blog eke supiriyata hadala thiyenawa.godak dewal igenagaththa.niyamai bro

      ReplyDelete
    8. Thanks advice walata godak watinawa.mata candlesticks pattern part 1 hoyaganna bari una puluwan nam hoyaganna kohomada kiyala kiyanawada

      ReplyDelete
    9. Thanks advice walata godak watinawa.mata candlesticks pattern part 1 hoyaganna bari una puluwan nam hoyaganna kohomada kiyala kiyanawada

      ReplyDelete
    10. supiriy mcn.. ela wedak.. thawa ewa dapan.. jaya..

      ReplyDelete