:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Saturday, June 20, 2015


හායි යාලුවනේ කොහොමද? අපි www.sarusara.com එකේ යාලුවෝ සෙට් වෙලා එක එක විදියේ එක එක ජාතියේ ඉන්ඩිකේටර් ගොඩාක් ටෙස්ට් කලා. හැමෝම වගේ ගොඩක් මහන්සි උනා. මොකද අපිට ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක්ගේ සිග්නල් ගන්න තරම් වත්කමක් නැති නිසාත් අපිට අපේම කියලා ක්‍රමයක් අවශ්‍ය නිසාත් අපිට උනේ අපේම කියලා ක්‍රමයක් හොයන් යන එක තමයි.


කතාවට බහිමුකෝ.. අපේ සරුසාර ෆෝරම් එකේ www.sarusara.com/forum ගොඩාක් යලුවෝ ඒ ගොල්ලො සල්ලි වලට ගත්තු ඉන්ඩිකේටර් වගේම නෙට් එකේ තමන් හොයාගත්තු ඉන්ඩිකේටර් ගොඩාක් දාල තිබ්බා. අපිත් ඒවා යූස් කලා. නමුත් අපට සරල විශ්වාසවන්ත ඒවා අහු උනේ ගොඩක් අඩුවෙන්. ගොඩක් ඉන්ඩිකේටර් වල තිබ්බ ලොකුම වරද උනේ රිපේයින්ට් වෙන සීන් එක. ඒ කිව්වෙ ඉන්ඩිකේටර් එකේ සිග්නල් එක හරියනකම් සිග්නල් එක කැන්ඩ්ල් එකෙන් කැන්ඩ්ල් එකට පැන පැන යන එක. අපි ඉතින් එහෙම එකකට එන්ටර් උනොත් වෙන්නෙ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ?


මං මේ ඉන්න අතරේ අපේ රවීන්ද්‍ර කියන සහෝදරයයි, රෙහාන් සහෝදරයයි දීපු ඉන්ඩිකේටර් දෙක තුනකුයි මම දන්න ඉන්ඩිකේටර් ටිකකුයි මම එකතු කරලා සරල ක්‍රමයක් හැදුවා. ඒක ගැන තමයි ඔන්න කියන්න යන්නෙ. මුලින් පොඩි දල අදහසක් දෙන්නම්කෝ මේක මොන වගේද කියලා. පෙන්නේ නැත්නම් පින්තූරේ උඩ ක්ලික් කරලා සූම් කරලා බලන්න. 


දැක්කම නිකම් පිස්සු වගේද? හෙහේ. අවුල් ගන්න එපා. අපි ඔය ඉන්ඩිකේටර් සෙට් එක දැම්මම අපේ Mt4 එක පේන්නෙ ඔන්න ඔහොමයි.

ටයිම් ෆ්රේම් එක? 
මිනිත්තු 1ට දාගන්න 

මේකට ට්‍රේඩ් කරනන් හොද වෙලාවල්? 
උදේ 11.30- 2.30
හවස 4.30- 6.30
රෑ  7.30-9.30

මේකට ඕන කරන ඉන්ඩිකේටර් ලිස්ට් එකක් තියෙනවා. ඒ ටික මන් පහලින් දාන්නම්..
1. KAZi High Low Break Download (මේක සල්ලි වලට අරන් අපට දුන්නෙ රවීන්ද්‍ර සහෝ)
2. EMA_Cross__SES__BDv8_12_31 Download (මේක රෙහාන් සහෝ)
3. bb_break Download
4. Wave_Entry_Alerts Download
5. Moving Average 14
6. Moving Average 10
7. Stochastic Oscillator
8. Moving Average 130 ඔන්න ඔය ටික ඇඩ් කරගන්න ඕන.
9. HighLow_Exit

UPDATE - Grail ඉන්ඩිකේටරය වෙනුවට High Low Exit ඇතුලත් කරන ලදි.

හරි මුලින් KAZi High Low Break එක දාගන්න. දාගත්තම රතු සහ කොල පාට දිග ඉරි වදින ඉන්ඩිකේටර් එකක් සෙට් වෙයි. ඒකෙ මුකුත් වෙනස් කරන්න නෑ. ආ Common වල Allow external expert imports ඒ ටික් එක අයින් කරගන්න..

ඊලගට  EMA_Cross__SES එක දාගන්න. ඒකෙත් Common වල Allow external expert imports ඒ ටික් එක අයින් කරගන්න. ඊට පස්සෙ Input වල Fast EMA එක 2 කරන්න. Slow EMA එකට 20 දෙන්න

ඊලගට bb_break එක දාගන්න. මේකෙ අපි එයින් දෙකක් දාගන්නවා. ඒකෙත් Common වල Allow external expert imports ඒ ටික් එක අයින් කරගන්න Input වල ඇති BB per 20 ඊට යටින් BB Dev කියල එකක් ඇති. ඒකට 2.5 දෙන්න
තව එකක් අර වගේම අරන් ඒකෙ BB Dev එකට 3.0 දෙන්න. ඒ දෙකේම තව් පොඩි වෙනසක් කරන්න. ඒ තමයි Show Arrow  true එකfalse කරගන්න. ඒකෙන් පොඩි ඊතයක් එනවා මේ බෝලින්ජ්ර් බෑන්ඩ් දෙක ක්‍රොස් උනාම. ඒක අපට වැඩක් නෑ. ඒකයි ඒකට false දැම්මේ.
මේකෙ Colors වල 4. වෙනි අගයට දේකේම non දෙන්න. මැදින් යන ඉර අපිට වැඩක් නෑ. අපිට ඕන ඉහලම සහ පහලම අගය විතරයි.

ඊටත් පස්සෙ Wave_Entry_Alerts දාගන්න.. ඒකෙත් Common වල Allow external expert imports ඒ ටික් එක අයින් කරගන්න.. ඊට පස්සෙ input වල තියෙන හැම එකටම false දාගන්න

HighLow_Exit


මෙක දැම්මම ධර්ම චක්‍රයක් වගේ එකක් ඒවී අන්න ඒක තමයි අපි පාවිච්චි කරන්නෙ. HighLow_Exit  එකේ Color වලට ගිහින් 0,1,2,3 මේ ඔක්කොටම පාට non දෙන්න. අපි යූස් කරනෙ මේකේ ප්‍රබලම සිග්නල් එක විතරයි. ඒකෙත් Common වල Allow external expert imports ඒ ටික් එක අයින් කරගන්න.. ඊට පස්සෙ input වල තියෙන හැම එකටම false දාගන්න

හරි ඉන්ඩිකේටර් මට්ටමෙන් අලුතින් දාන්නෙ ඔන්න ඔච්චරයි. ඊට පස්සෙ අපි Moving Average ටිකක් දාගන්නවා, 10,14,130 කියලා

ඊට පස්සෙ තව අපි ස්ටොච් එක දාගන්න ඕන. Stochastic Oscillator එක. ඒකෙ අගයන් වලට මෙහෙම දෙන්න. %k period 5, Showing 3, %D period 3 දෙන්න. ඊට පස්සෙ ඒකම Colors වල Main එකට පාටක් දෙන්න. Signal කියන එකට Non දෙන්න. පාට තෝරන එකේ යටම තනි කලු පාට කොට්ටක් ඇති ඒක තමයි non.

ඔන්න ඔච්චරයි අපි යූස් කරන්නෙ. අම්බේ දැන්නම් පිස්සු වගේ නේහ් හෙහෙ.. හරි අපි දැන් ඔය කිසිම සිග්නල් එකකට එන්ටර් වෙන්නෙ නෑ. හෑ.. එහෙනම් මෙච්චර ඒවා දැම්මේ අහවල් එකටද?
ඉන්ට ඉන්ට කියලා ඉවර නෑ නෝ..


ට්‍රේඩ්  එකකට එන්ටර් වෙන්නෙ කොහොමද? 

අපි මේකෙ එනට්ර් වෙන්නෙ EMA_Cross__SES ඇරොව් එකට පමනයි.. එතකොට අනිත් එව්වා?
හ්ම්ම් ඒවා තමයි අපේ කලින් එන සිග්නල් එක වෙන්නෙ. ඒ කිව්වෙ මෙහෙමනේ. මෙන්න මේක බලන්න


ඕකේ Pre Signal එක වෙන්නෙ KAZi High Low ,reakWave_Entry_Alertsbb_break,High Low_Exit  මෙන්න මේ ඔක්කොම එකතු උන තැන. පේනවද මම සුදු පාට ඊතලෙන් පෙන්නලා තියෙනවා.?




 අන්න ඒක දැක්කම අපි දන්නවා ඊලගට සෙට් වෙන්න ඕන Call එකකටද (යට කොල පාටනම් KAZi High Low Break එකේ) නැත්නම් Put එකකට (උඩ රතු පාටනම් KAZi High Low Break එකේ) කියන එක. ඉතින් පැහැදිලිවම ඒක දැනගත්තම අපිට ට්‍රේඩ් එකට සූදනම් වෙලා ඉන්න පුලුවන්. හදිස්සියෙ කලබලේ වැරදි කරන්සි වලට එන්ටර් වෙන්නෙත් නෑ. දාන Invest ප්‍රෙමාන ඒවා මෙව්වත් ගානට හදන් ඉන්න පුලුව්න. ඉතින් ඒක පැහැදිලි වාසියක්නේ?

KAZi High Low Break එක විතරක් නෙමේ එකත් Wave_Entry_Alerts,High Low_Exit මෙන්න මේ 3ම එකට සෙට් උන වෙලාවෙදි තමයි අපේ කලින් දෙන සිග්නල් එක වෙන්නෙ.

එතකොට අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නෙ මොකක් බලාගෙනද? පේනවද පොඩි නිල් රතු ඊතල 2ක්..? අන්න ඒවට තමයි අපි එන්ටර් වෙන්නෙ. බොහොම සරලයි.


Pre Signal and 1st Enter


මෙතන පේනවද මංදා එන්ටර් උන පොයින්ට් ටික. සිග්නල් එක ආවා, පලවෙනි ට්‍රේඩ් එකට එන්ටර් උනා. එච්චරයි. ඊට පස්සෙත් හරි ගිහින් තියෙන අවස්තා නැතුව නෙමේ. ඒවටත් එක එක ඉන්ඩිකේටර් හෝ ටෙක්නික් මගින් ඔයාලත් විවිද විවිද ක්‍රම හදන් එනටර් වෙලා බලන්න. 
අවස්තා 3නෙම ස්ටොච් එකත් හොදටම හොදයි නේද? 

උඩම සහ යටම බොලිජර් බෑන්ඩ් ස්පර්ශ කරාට පස්සෙ එන Pre Signal එකට පස්සෙ එන EMA CROSS Signal Arrow එකට එන්ටර් වෙන්නෙ ස්ටොච් එකත් බලලා.. 


අපි අර කොච්චර එව්වා මෙව්වා දැම්මත් අපි එනටර් වෙන්නෙ EMA_Cross__SES සිග්නල් එකට පමනයි..!!

එතකොට Moving Average? 
ඒවාත් මේකෙදි වැදගත්. ඇයි මම මේකට 10 සහ 14 දැම්මෙ? 10, 20 දැම්මනම් අපිට සියුම් සයිඩ් වේ අදුනගන්න බැරි වෙනවා. නමුත් 10,14 දැම්මම ඒක අපිට ලේසියෙන් අදුනගන්න පුලුවන් වෙනවා.
ඒ වගේම තමයි දැනට තියෙන ට්‍රෙන්ඩ් එකත් ඒකෙන් අදුනගන්න පුලුවන්

එතකොට 130 Moving Average එක? ඒක යූස් කරන්නෙ සමස්ත ට්‍රෙන්ඩ් එක බලාගන්න. 

එතකොට මේක 100% හරිද? 

මේක 100% සාර්තක නොවෙන අවස්තා ගැන මම දැන් කියන්නම්.. 

මතකද මම ස්ටොච් එක ඇඩ් කලා? ඒකත් ඇඩ් කලේ එක හේතුවකට. බලන්න මේ සිග්නල් එක හරි උනත් අපිට වරදින්න පුලුවන් තැන් කීපයක් 



කලින් සිග්නල් එක හරියන්නත් ඊලග එක වරදින්නත් හේතුව මොකද්ද?
1 පලවෙනි එක හරි ගියේ ස්ටොච් එකෙත් ට්‍රෙන්ඩ් එක ඩවුන් නිසා
2 වෙනි එක වැරදුනේ ස්ටොච් එකේ යන්න පුලුවන් පහලම අගය (20 දි) සිග්නල් එක ආපු නිසා

එහෙමනම් පුට් එකකට හොදම ස්ටොච් එකේ මැද හෝ ස්ටොච් එක ඩවුන් වෙන වෙලාවකදි එන EMA Cross ඇරෝව් එක.

තව වරදින තැනක් බලමුකෝ


මං මේ සුදු ඊතල 2ක් දාල තියෙන වෙලාව බලන්නකෝ. බලන්න ඒකෙ ස්ටොච් එක UP වෙලා. නමුත් EMA Cross සිග්නල් එක පහලට (Put Signal) එකක් වෙලා.. ඒක වැරදුනේ අන්න ඒ නිසා..

තව වරදින තැනක් බලමුකෝ




ස්ටොච් එක ඒ ටිකෙත් අවුල් නේද? ඒ නිසා ඊලග කැන්ඩ්ල් එක දුන්න සිග්නල් එකට ප්‍රෙතිවිරුද්ද දෙයක් වෙලා තියෙනවා.. ඊටත් ඒ අවස්තා දෙකම සයිඩ් වේ බව EMA 10,14 බැලුවම පේනවා. 

ඉතින් හොදට මොලෙන් ගේම ගහන්න. පරිස්සමින් 
නැතුව පස්සෙ වැරදියට කරලා ඔන්න මට දෙහි කපන්න එපා..!!

තව වරදින්න පුලුවන් කොහෙදිද? 

අනිවා සයිඩ් වේ වලදි වරදින්න පුලුවන්.



සයිඩ් වේ අදුනගන්න මම Moving Average 10,14 දුන්නා.. ඒ දෙක එක ලග එක උඩ හෝ එකට ඇබරි ඇබරි යනවනම් ඒකෙ තේරුම සයිඩ් වේ කියන එක. එහෙම තැන් වල සිග්නල් එක වරදිනවා

සිග්නල් එකක් හරි ගියාද කියලා දැනගන්නනම් කරන්න තියෙන්නෙ සිග්නල් එක ආපු කැන්ඩ්ල් එකේ දිහාවටම ඊලග කැන්ඩ්ල් එකත් ගිහින්ද බලන එක. බොහෝ විට මේ සිග්නල් එකත් එක්ක කැන්ඩ්ල් 3,4ක් වත් ඒ දිශාවටම යන්න ඉඩ තියෙනවා.

ඉතින් එහෙම බලනකොට ස්ටොච් එකයි Ema Cross සිග්නල් එක තිබ්බත් ඇතිනේ?




තර්කය සාදාරනයි. නමුත් ඔයාට දැනගන්න බෑ කලින්ම පුට් එකකටද කෝල් එකකට ලෑස්ති වෙලා ඉන්න ඕන කියන එක. අපි ඒක දැනගන්න තමයි අනිත් ඉන්ඩිකේටර් සියල්ලම පාවිච්චි කලේ කියලා ඔයාට දැන් තේරෙන්න ඇති. ඔය උඩ දීපු හැම ඉන්ඩිකේටර් එකම හුගාක් සාර්තක ඒවා. KAZi High Low Break එහෙම සල්ලි දීල ගන්න ඕන. ඒකට ට්‍රේඩ් දාන හැටි ඉගෙනගන්න වෙනම සල්ලි දීල මෙම්බර්ශිප් ගන්න ඕන. අනේ අපිට සල්ලි තියේනම් ඕවා කොරන්නෙ නෑ. ෆ්රැන්කො හරි Night Owl Live Trading Room එකකට සෙට් වෙනවනේ නේද? ඉතින් මං කලේ ඒ ඔක්කොම ලට්ට පට්ට එකතු කරලා එකක් හදපු එක තමයි.

විශේෂයෙන්ම..!!

පුලුවන් තරම් ඉවසිල්ලෙන් ඉන්න සියලුම ඉන්ඩීකටර් සෙට් වෙලා දෙන Pre Signal එක ගන්න. ඊලගට ඉවසිල්ලෙන් සහ ස්ටොච් එක දිහා බලන්න මේක Pre Signal එක කියපු දිහාවටද යන්නෙ කියලා. යනවනම් ඒ අතටම EMA cross සිග්නල් එකත් ආවනම් එන්ටර් වෙන්න.

මුලින් ඩෙමෝ කරන්න. අඩු පාඩු දැක්කොත් කියන්න. හරි  නෑ කියලා කපලම දාන්න එපා. EMA Cross එකට මුලින් ස්ටොච් එක හොදනම් ට්‍රේඩ් කරලා බලන්න. පස්සෙ තේරෙයි මේකට High Power Per Signal ටිකත් සෙට් උන වෙලාවක දැම්මනම් ඊට වඩා සාර්තකයි නේද කියල හිතෙයි. මමත් මුලින් නිකම් ස්ටොච් එක හොද වෙලා EMA Cross එකත් ඒ දිහාවටම ආපු නිසා දාල බැලුවා. නමුත් ඒව පවර් මදි. එක්කො නූලෙන් බේරෙන්නෙ. හැබැයි මං අර කියපු සේරම ඉන්ඩිකේටර් සෙට් වෙලා දෙන පලවෙනි Ema Cross එකනම් සුප්ප කඩාගෙන යෑමක් තිබුනා. මං නිර්දේශ කලේ ඉන්ඩිකේටර් සෙට් වෙලා දෙන පලවෙනි Ema Cross දාන්න කියලා..!! 
වෙන විදියකටත් බලන්නකෝ.. :) 

බොහෝමයක් වුර්තිමය ට්‍රේඩර්ස් ලා. 20 Moving Average එක පාවිච්චි කරනව. ආදුනික අයටත් ඒක යූස් කරන්න පුලුවන්. නමුත් අපිට එන්ටර් වෙනන් ඕන තැන් හොයාගන්න බෑ. ඒක තමයි අපිට තියෙන ගැටලුව. මං හිතනවා ඒකට හොද පිලිතුරක් මම මේ ලිපියෙන් ලිව්ව කියලා. ඔයාලගේ අදහස් සහ කොච්චර දුරට හරි ගියාද කියන එක මේක යටින් හරි ෆෝරම් එකේ මං දාපු ටොපික් එකට හරි දානවනම් ගොඩක් වටිනව. නිකම් බලලා යන්න එපා ඩෝ.. මොකක් හරි කියලා පලයන් ඉතින් හිහී...

Update....
ප්‍රශ්න වගයක් අහලා තිබුනා. 

EMA cross signal එක රිපේයින්ට් වෙනද? නෑ.. 

අනිත් ඒවා රිපේන්ට් වෙනවද? ඔව්
අනිත් ඒවා රිපේයින්ට් උනාට අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද අපි ඒ දෙන සිග්නල් වලටද එනටර් වෙන්නෙ නෑ. මං කිව්වෙ EMA cross signal එකට එන්ටර් වෙන්නෙ කියලා. ඔය නිත් ඉන්ඩිකේටර් යන දිහාවකට රිපේන්ට් බැරිනම් ඕන විදියක යන්න දෙන්නකෝ. ගිහින් නැවතිලා ඊට ප්‍රෙති විරුද්ද  අතට යනවනේ. ඊට පස්සෙ ඒ යනකොට EMA ක්‍රොස් උනොත් විතරනේ Stoch එකෙත් හරිනම් එන පලවෙනි සිග්නල් එකට එන්ටර් වෙන්නෙ? 
පැහැදිලියි නේද? ඒ නිසා අනිත් ඉන්ඩිකේටර් නටන පිස්සු දිහා බලන්න එපා. ඒවා ඕන අඩව්වක්, නාඩගමක් නටාගන්න දෙන්න. :) 

මේ Pre සිග්නල් ගන්න ඉන්ඩිකේටර් වෙනුවට වෙනත් ඉන්ඩිකේටර් යූස් කරන්න අදහසක් තියෙනවා. හොද ඒවා අහු උනොත් මටත් කියන්න. 

අපි මෙතනදි අපේ ප්‍රෙදාන අවදානය දෙන්නෙ EMA Cross සිග්නල් එකට. අනිත් ඉන්ඩිකේටර් පිස්සු නටනවනම් ඔයාට සැටිස් නැත්නම් අයින් කරලා දන්නකෝ. ඔයාට ශුවර් මොනා හරි තියෙද? දල අදහසක් ගන්න පුලුවන් (ඊලග EMA Cross එක පුට් හරි කෝල් හරි වෙයිද කියලා දැනගන පුලුවන්?) ඕනම එකක් ඇඩ් කරගන්න.
මම අනිත් ඉන්ඩිකේටර් ගැන 100ක වගකීමක් දෙන්නෙ නෑ..!!
ඒත් ඒ සේරටම වඩා EMA Cross එක මම යූස් කලා. තව අය යූස් කලා. ඒ නිසා ඒක මට හුරුයි. ඒකෙ හැසිරීම දන්න නිසා ඒකටනම් වගකීමක් දෙන්න පුලුවන්. 
කලින් ඉදන් ඒක දැනන් උන්නට ඒක හරියට යූස් කරන්න ක්‍රමයක්, ඒවායෙ සෙටින්ග් වලට දෙන්න ඕන හරි අගයක් හොයාගන්න බැරිව තමයි උන්නෙ. පස්සෙ තමයි මෙහෙම සෙට් එකක් එකතු කලේ.ඒකත් කියන්න එපයි. 

මොකක් හරි වරදක් තිබුනොත් අනේ සමාවෙන්න. මොකද දන්න දෙයක් බෙදුවා මිසක් අපිනම් ප්‍රෝ ට්‍රේඩස්ලා නෙමේ ඕන්..!! එහෙනම් ජය වේවා..!! මගෙන් අහන්න එපා මේක කොච්චර Successes ද කියලා. මං කියන්නෙ නෑ.
තමන් තමන්ගේ මහන්සියෙන් කැප වෙලා කරලා බලන්න. ඒක තමයි වටින්නේ, මොකක් හරි ගැටලුවක් තොබ්බොත් අහන්න.
sarusara.com එකටත් අපේ කොල්ලො කෙල්ලො සෙට් එකටත් ජයම වෙවා.!! 

දැනට මේ ලිපිය මෙපමනයි. ඒත් තව අලුතින් දේවල් දාල ඉස්සරහට ආයෙම අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තව සාර්තක කරගන්න ක්‍රම හොයමින් යනවා ඒකයි. 
ජය වේවා.!!


59 comments:

  1. පොස්ට් එක නම් පට්ට මචන් වැඩේ කරලම බලමුකො නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. කරලම බලමුකො.. කරලා කියන්න ඈ.. ;)

      Delete
  2. godak sthutheee,....sarthakathwayen sarthakathwayata pathwewaa!!

    ReplyDelete
  3. godak hodayi sarthakayi kiyanna puluwan demo trade 10n 7kma win kara ithuru 3 loss une side way eke trade karala passeyi dekke side way kiyala.

    ReplyDelete
    Replies
    1. එල එල ඔහොම් යමු. උබ ආපු ඔක්කොම සිග්නල් වලට එන්ටර් උනාද නැත්නම් කොහොමද. පොඩ්ඩක් අනිත් අයටත් දැනගන්න කියන්නකෝ පොඩ්ඩක්

      Delete
    2. man 24 option stokpaire dekema trade kara kalin USD 2500k withara nethi karan inne ewage trade size wedi nisa binary.com use karanna beluwe. oyage system eka hodayi man hema ekakatama wage trade danawa hebeyi ude kale hawasa trade echcharama sarthaka une ne. getaluwa thama binary.com wala trade karanna wela yanawa speed eka madi

      Delete
  4. patta signal godak enne kalpana karoth hodata okkoma goda da ganna puluwan

    ReplyDelete
  5. api mona signal ekata trade demmath ape thiyenna one iwasima

    ReplyDelete
  6. ela kiri post ekkak godak watinawa.. hebei thama mama nam mekata aluth.. mama hithanawa meka hemotama watinawa kiyala..
    matanam thama meke kiyana widihata setting tika goda daganna beri una..
    balamu try karala .. good luck machooo...

    ReplyDelete
  7. mata podi aul wagayak thiyenawa puluwannam help karanna..
    1. me kiyana widihata settings hadaganna be. puluwannam tp no ekak denawada. online hari kamak ne meka godadala denawada

    ReplyDelete
    Replies
    1. උදාර මට ඔයාගෙ ස්කයිප් අයිඩී එක එවන්නකෝ

      Delete
  8. Me indicators Forex wala use karanna berida

    ReplyDelete
    Replies
    1. එකෙක් යූස් කරලා සුපිරි කිව්වා. පොඩ්ඩක් බලහන් ;)

      Delete
  9. මේ ක්‍රමය දවසේ ඕනෑම වේලාවක යොදාගන්න පුළුවන්ද ?

    ReplyDelete
  10. මේ ක්‍රමය forex වලට යොදාගත් අයෙක් විස්තර කියනවද කරුණාකරලා.

    ReplyDelete
  11. Great effort!
    "Fractal support & resistant indicator" may help the guys who are not in a position to buy Kazi High & Low indicator.

    ReplyDelete
  12. meka galapenneh mona times trade walatada? mama test karenam 2min.. sarthakai. athi sarthakai..

    ReplyDelete
  13. බොහොම අපූරුයි මචන්... Demo කරල බලන්නම්. බොහොම ස්තූතියි...! :) :)

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. api meken danna ona 1 min trades da? wadath sarthaka mona ewadada kiyala kiyanna puluwannam loku udawwak.

    ReplyDelete
    Replies
    1. 30min demo karanna... dharmackare wage eka ena thanin macd eka balala trade danna.. macd eka danna widiya sarusara eke tynawa..

      Delete
  16. mage eke dharmachakraya wage ekak enne nane. podi rawuma witharai(High low Exit).

    ReplyDelete
  17. Thanks bro.mama mekata aluth... eth oya dunna denuma watinawa.indicators repaint kiyanne mokakda

    ReplyDelete
  18. mewa FXCM ekatawath nordFX ekatawath add karanna bene ai a

    ReplyDelete
  19. ane kiyannako mewa download karata add karaganna bene.......... oy dala thiynne fxcm nisa mn ekath download kara eth hariyanne ne

    ReplyDelete
  20. Oya high low exit indicator eka hoyagaththe kohenda kiyala kiyanna puluwanda? eka gana thorathuru internet eke nane.

    ReplyDelete
  21. wade karalama kiyannam bro. anyway godak thanks

    ReplyDelete
    Replies
    1. Uba admin dammama Post eka liyapu mama moderator da yaku? hehe.. ela ela

      Delete
  22. machan sahan mage "Wave Entry alerts" indicator eka vada karanne na. eka drag and drop kalata mokuth enne na. mokakda danne na case eka

    ReplyDelete
    Replies
    1. ehema aulak wenna widiyak nam na machan..

      Delete
    2. api 1 minute chart eka use kaloth trade expiry eka 5 minutesda?

      Delete
  23. me settings kohomada hada ganne plz help karanko

    ReplyDelete
    Replies
    1. Amuthuwen hadanna one na ne. template eka use karanawanam.

      Delete
  24. Meka IQ OPTION walata wada karanawada
    Mama Binary Option walata aluth
    Uda thiyana Software danne kohomada

    ReplyDelete
  25. Me link eken Trade eka balanna << Screenshot >>

    http://imgur.com/a/MDLjI IQoption wala wada hondata..

    ** Stoch ekak godak hodai 50% eke tiyenne.. down indicater eka awa gaman put trade ekak danna 1min or 2min... aniwa win

    ReplyDelete
  26. Yaluwa oyage mulu blog ekama kiyewwa. Godak igenaganna dewal thiyenawa api wage aluth ayata. meka Demo karanna patan gannawa mama Monday idan. Digatama me wage knowledge eka bedaganna ethakota kawadawath waradinne na.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ අදහසට

      Delete
  27. good job. i'll try with demo. thank.

    ReplyDelete
  28. admin aiyoo
    mn IQ Option PC app eka use karanne..
    kohomada me indicators add karaganne??

    ReplyDelete
    Replies
    1. Iq kiyanne apita ape indicator dala wada karanna puluwan ekak neme machan. eke dila thiyenawa indicator 5,6k ewa samnyen mt4 walata ena ewa. so IQ ekata mewa danna ba. mewa daanna puluwan mt4 walata witharai.

      Delete
  29. Niyamai saho,mama forex walin godak loss una,mama ea robot gaththa salli walata awain loss una,me lipi pela maru,mata forex apa wela thibune,ayeth patan ganna hithenawa,thanks saho,thanks...jaya wewa,...

    ReplyDelete
  30. Niyamai saho,mama forex walin godak loss una,mama ea robot gaththa salli walata awain loss una,me lipi pela maru,mata forex apa wela thibune,ayeth patan ganna hithenawa,thanks saho,thanks...jaya wewa,...

    ReplyDelete
  31. Machan mn meka test kara
    podi aulak tiyenawa....
    5Min chart eke tamai dala beluwe.... pre signal rauma enne peyakata 1k 2k wage machan.... eta passe ena signal walat stoch eka beluwama pita penala....
    etakota uba kiwwa wage pita penapu ewa risk eka wedi nisa (trend eka anit petta herenna puluwan nisa) mis karoth, trade danna lebenne godak aduwen....

    mekata wisadumak nedda machan?????????

    ReplyDelete
  32. I can't understand this language... Please can someone explain in English

    ReplyDelete
  33. මචන් වික්ස් ට්‍රේඩ් කරන්න නම් පට්ට මේ සිස්ටම් එක... MT5 වලට මේ ඉන්ඩිකේටර් ටිකම හොයා ගන්න බැරි වෙයිද

    ReplyDelete