:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Monday, September 26, 2016




හැමෝටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 
හැමෝම හොදින් ඇති කියලා හිතනවා. මමත් දෙය්යනේ කියලා ඉතින් ඉන්නවා. මේ මගේ නිවාඩුව අවසාන වෙන දවස් ටික. මොනවම හරි වැදගත් දෙයක් දෙන්න බැරි උනොත් ඒකත් නිකම් අඩු පාඩුවක් වගේ දැනෙනවා මට.



Candlestick Pattern and Confirmation 

මුලින්ම කියන ඕනේ, මේක ගොඩක් වැදගත් පොස්ට් එකක් වෙයි. ඒ ඇයි කියලා මේකේ අවසානෙට ඔයාට තේරෙයි. අනිත් දේ දෙයක් ඉගෙනගත්තට වැඩක් නෑ ඒක එදිනෙදා පාවිච්චි කරන්න බැරිනම්, දෙයක් ඉගෙනගත්තට වැඩක් නෑ අපිට ඒ දේ තව කෙනෙක්ට කියලා දෙන්න බැරිනම්. ඉතින් ඉගෙනගන්න ඒවා යොදාගන්න, ඉගෙනගන්න ඔයා වගේම තව කෙනෙක්ට කියලා දෙන්න. එකෙන් ඉගෙනගන්නේ ඔයාමයි. මම මේ බ්ලොග් එක ලියන්න ප්‍රධාන හේතුවත් මම දෙයක් අවබෝධ කරගෙන තව අයට කියල දුන්නම එකෙන් වැඩියෙන්ම ඉගෙනගන්නේ වැඩියෙන්ම දැනුම ගන්නේ මම. ඉතින් ඔයත් එහෙම වෙන්න.   

මම මීට කලින් Candlestick Pattern කියන්නේ මොනවද ඒවායින් වෙන්නේ මොනවද, අදුනගන්නේ කොහොමද වගේ දේවල් කතා කළා. කෙනෙක් කියෙව්වේ නැත්නම් මෙන්න මේ ලින්ක් වලින් ගිහින් මුලින් ඒ ටික කියවලා එන්න, නැත්නම් මේ ටික තේරුම් ගන්න අමාරුයි. 

Candlestick Part 01
Candlestick Part 02

       මට මග ඇරුන Candlestick Pattern ටිකක් තියෙනවා මුලින් එක විතර කරලා ඉන්නම්. 


Piercing and Dark Cloud Cover Pattern 



ම්ම් මෙහෙම ෆොටෝ එකක් දැම්මොත් විතරක් තේරෙයිද? කලින් මගේ ලිපි කියෙව්ව කෙනෙක් නම් දැක්කත් අදුනගන්නවා මේකේ කොහොමද වෙන්න ඕනේ කියලා. 
මුලින් Piercing Pattern එක ගැන කතා කරමු. පැහැදිලි කිරීම් අඩුයි. 
ඒ වෙනුවට Photos ටිකක් දාන්නම් 


1. මාර්කට් එක පහලට එන අවස්තාවක් වෙන්න ඕනේ. 
2. ඊට කලින් Sell (Bearish) Candle එකක් තියෙන්න ඕනේ 
3. Buy (Bull) Candle එක යම් පරතරකින් පහල ඉදන් එන්න ඕනේ 
4. Bull Candle එක ඊට කලින් Sell (Bearish) Candle එකේ සයිස් එක වගේ බාගයක් වෙලා Bull Candle එක close (ඉවර) වෙන්න ඕනේ. 

ඒ සේරම හරි නේද? හරි ඕකෙම අනිත් පැත්ත තමයි Dark Cloud Cover එකේ වෙන්නේ. එකත් විස්තර කරන්න ඕනෙද? නෑ නෙහ්.. එකී මෙකි නොකී Candlestick Pattern තව ගොඩාක් තියෙනවා. වැදගත්ම වෙයි කියල හිතන ටික තමයි දාල තියෙන්නේ කලින්. 


Candlestick Pattern and Confirmation 

Candlestick Pattern ටිකත් ඉගෙනගත්තා කියමු. දැන් මේවා කොහොමද අපි යොදාගන්නේ? ඒ කිව්වේ Pattern එක දැක්ක ගමන් ට්‍රේඩ් කරනවද යන පැත්ත දන්න නිසා? ම්ම් ම්ම් එහෙම කරන්න නම් අමාරුයි රජෝ. එකට නියමිත ක්‍රමයක් පිළිවෙලක් තව සලකා බලන්න ඕනේ කරුණු ගොඩාක් තියෙනවා. මෙතන ඉදලා ඉස්සරහට අපි කතා කරන්නේ අන්න ඒ ගැන. මේ කොටසටත් කලින් කිව්වා වගේම Candlestick Pattern ටික දැනගෙන ඉන්න ඕනේ. 

Doji at Support and Resistance



Support, Resistance ගැන මම කලින් කිව්වද නැද්ද කියලා නම් මතක නෑ. ඒ නිසා මේකෙම කියන්නම්. Support Line එකක් කියන්නේ මාකට් එකේ පහලම ස්ථාන 2ක් යා කරලා අදින Line එකකට. Resistance කියන්නේ එකේ අනිත් පැත්ත බව තේරෙනවනේ. ඉතින් මේ Line වලින් වැදගත් කමක් තියේද? 

අනිවාර්යෙන්. මාකට් එක සමහර වෙලාවට නෙමේ බොහෝ වෙලාවට උඩ පහල යන්නේ මෙන්න මේ Support, Resistance වල තමයි. ගොඩක් වෙලාවට 1h (1 hour), 4h (4 hour), Day chart වල Support, Resistance Manual Draw කරලා තමයි ගොඩක් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය ට්‍රේඩ් කරන්නේ. පොඩ්ඩක් chart එක බැලුවොත් මේ වගේ මාකට් එක බවුන්ස් උන තැන් දකින්න ලැබෙයි. ඒ ඒ තැන වල Support හෝ  Resistance level එකක් තියෙනවා. එකයි එහෙම වෙන්නේ. ඉතින් අපි මේ ඉගෙනගත්තු Doji Candlestick Pattern එක Support හෝ  Resistance level වල ගොඩක් වෙලාවට දකින්න පුළුවන්. එකෙන් අපිට මේක Support හෝ  Resistance level එකක් කියලා තහවුරු කරගන්න පුළුවන්. 



Candlestick Pattern එකක් හැදෙන්න, එහෙම නැත්නම් ඒක හරිම එකක් කියලා නිශ්තිත කරගන්න කරුණු 2ක් බලපානවා. 


1. Candlestick Pattern හැඩය 
2. දැනට ක්‍රියාත්මක වෙන Market Trend එක. එහෙම නැත්නම් දිශාව. උඩද පහලද යන්නේ කියන එක. 



Uptrend or Downtrend එකක Doji Candlestick Pattern එකක් කියන්නේ ඊළගට වෙන්නේ බොහෝ දුරට trend එක අනිත් පැත්තට Reversal වෙන එක, නැත්නම් අපු පැත්ත මාරු වෙන එක. පින්තුරේ හැටියට මේක Uptrend එකක්. Doji Candlestick Pattern එකක් අවොත් අපි හිතනවා ඊළගට trend Reversal එකක් වෙයි කියල. 
එත් සාමානයෙන් ඉහල පහල යන, (සමාන්තර support resistance level එකක් මැද Doji Candlestick Pattern එකක් ආවා කියල අපි ඒ හැටි ඒ ගැන හිතන්නේ නෑ. ඒකෙන් trend Reversal එකක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බැරි නිසා. 

Shadow Confirmation

ඔයාලාට මතක ඇති මම කලින් පොස්ට් වල wick (වික්) එක එහෙම නැත්නම් නැට්ට කියලා Candlestick තියෙන දෙයක් ගැන කතා කළා. දැන් කතා කරන්න හදන්නේ ඒවායින් කොහොමද ට්‍රේඩ් එකකට යන්න Confirmation එකක්, එහෙම නැත්නම් තහවුරු කිරීමක් කරගන්නේ කියලා. 
මුලින්ම හරියට wick (shadow) කියන්නේ මොකද්ද සහ upper shadow and lower shadowඅදුනගෙන ඉන්න ඕනේ. 


Shadow එක වැඩියෙන් තියෙන්නේ මොන අතටද අන්න ඒ පැත්තට තමයි මාකට් එක යන්න බලන්නේ. පහල පින්තුරෙ බලන්න. 






H = High 
L = Low 
O = Open 
C = Close

එත් Bull shadow සහ Bearish Shadow කියන්නේ වෙනම කතාවක්. පටලවෙවිද මන්දා. හොදට ඔලුවට ගන්න. ට්‍රෙන්ඩ් එකක් යන අවතාවක shadow එක තියෙන අතට මාකට් එක යනවා. ඔව් එක තමයි සම්මත නියතය. නමුත් Bull shadow සහ Bearish Shadow කියන්නේ වෙනම කතාවක්. ඒක මෙහෙමයි. ට්‍රෙන්ඩ් එක ගිහින් ට්‍රෙන්ඩ් එක රිවසල් වෙන්න හදනකොට තමයි අපිට මේ Bullish  shadow සහ Bearish Shadow හම්බ වෙන්නේ. උදාහරණ ටිකකින් පැහැදිලි කරගමු. 








දැන් ඒ දෙකම තියෙන උදාහරණක් බලමු.



shadow low උනා රිවසල් පොයින්ට් එකකින්. එක රිවසල් එකක් වෙන්නේ කොහොමද? අයි ඊට කලින් අපුව බලන්නකෝ. shadow low උනා ඊට පස්සේ bull trend එකකට මාරු උනා.

shadow high උනා රිවසල් පොයින්ට් එකකින්. එක රිවසල් එකක් වෙන්නේ කොහොමද? අයි ඊට කලින් අපුව බලන්නකෝ. shadow high උනා ඊට පස්සේ bearish trend එකකට මාරු උනා.

Hammer Confirmation

මම මිට කලින් Hammer ගැන කතා කරලා තියෙනවා. Hammer pattern එන්නෙත් ට්‍රෙන්ඩ් එක පහලට ගිහින් උඩට හැරෙන්න හදන වෙලාවල් වල බවත් ඔයා දන්නවා ඇති එහෙනම්? දන්නේ නෑ? එකනේ එනම් හරියට කියවල ඔලුවට දාගෙන නෑ. Hammer හැදෙන්නේ ට්‍රෙන්ඩ් එකේ පහල තැන වල. එහෙනම් අපිට Hammer pattern supportive level එකක් නිශ්තිව දැනගන්න පාවිච්චි කරන්න පුළුවන්. 

Resistance විදියට පාවිච්චි කරන්න පුලුවන්ද? බෑ. ඇයි බැරි? ට්‍රෙන්ඩ් එක උඩට ගියාම එන්නේ shooting star, hanging man වගේ pattern. ඒවා ගැන ඉස්සරහට කතා කරමු.



මේ වගේ Hammer pattern එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. 


Shooting Star Confirmation

Shooting Star pattern එක කියන්නේ මොකද්ද කියලා ආයේ ආයේ කතා කරන්න යන්නේ නෑ. කලින් කතා කරලා තියෙන නිසා. 


ඔන්න මං අර කලින් කිව්වා කතාව. Resistance Level වලට තමයි අපි shooting star use කරන්නේ. ඉතින් මේ වගේ අපිට යම්කිසි ස්ථානයක් නිශ්චිත හැරුම් ලක්ෂයක් විදියට අදුනගන්න පුළුවන් මේ candlestick use කලාම. 

තව Confirmation ගොඩාක් තියෙනවා. විස්තර කරන්න අවශ්‍ය නෑ වැඩිය. ඒ නිසා photos ටික හොදටම ඇති තේරුම් ගන්න.


Engulfing Confirmation






Dark Could Cover Confirmation


Dark Cloud Cover එන්නේ UPTREND එකක මුදුනේ විතරයි. ඒ නිසා අපිට ගන්න පුළුවන් Resistance level එකක් විදියට විතරයිනේ.



Piercing Pattern Confirmation

මේ පොස්ට් එකේම Piercing Pattern ගැන කතා කළා මතක ඇති. මෙන්න මේ විදියට ඒ Pattern එක යොදාගන්න පුලුවන්නම් නිකම් Pattern එක දැක්ක පලියට trade දානවට වඩා සාර්ථක වෙයි.



Harami Pattern Confirmation


Morning Star Pattern Confirmation



Evening Star Pattern Confirmation





ලිපියනම් ගොඩක් දිග උනා තමයි. එත් මේවා කියල දෙන්නත් එපාය. නැත්නම් pattern ඉගෙනගත්තා දැන් හරි ඔක්කොම සල්ලි ටිකක් දාල දෙන්නම් ජම්බු කියාගෙන ගිහින් අනාගන්න කලින් මේවත් දැනගන්න සහ විශේෂයෙන් ඉගෙනගත්තනම් පාවිච්චි කරන්න. යුද්දෙට නැති කඩුව අර මොකද්ද කොටන්නද කියල අහනවනේ. Trading ලේසි නෑ නෙහ්? පේනවනේ ඉගෙනගන්න තියෙන දේවල්, නිකම් සාගරේ වගේ. අපි එකේ නාවික සැතපුමක් වත් ගිහින් නැති ගානයි. කොයි වෙලේ හරි ගිලෙන්නත් බැරි නෑ? නෙහ්. තව හොද හොද දේවල් ඉස්සරහට. හෙමින් යමු. මගේ වටිනා වෙලාව මේවට කැප කරන්නේ කසනවට එහෙම නෙමේ ඈ. ඒ නිසා හොදට වැඩ ටික කරගෙන යන්න. ජයම හැමෝටම. මටත් ජයම වෙන්න ඕනේ ඉතින්. මෙව්වා කොටලා කොටලා ලැප් එකේ අකුරකුත් ගැලවුනා. අන්න එක අලවගන්න හොද ගම් එකක් කමෙන්ට් කරන යන්න ඒ ඇති හෙහේ.. පිස්සු නෙහ්. එහෙනම් ලගදීම තව පොස්ට් එකකින් හමුවෙමු. හැමෝටම ජය.!

අපේ Telegram Group Chat එකට එකතු වෙන්න Click Here

24 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  3. godak wadagath wenawa.. obata bohoma sthuthi... jaya wewa..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  4. එල මචන් ඔක්කොම කියෙව්වේ නෑ..වෙලාව අරන් හෙමින් කියවල බලන්නම් ..

    ReplyDelete
  5. Good post මචන් බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  6. niyemata thiyenwa sihina,,,,,,,,,,,igaenna dewal godai mcn

    ReplyDelete
    Replies
    1. මේවානම් හැමදාම ඔලුවේ තියාගන්න මචං. වැදගත් වෙනවා ගොඩක්

      Delete
  7. Shadow kathawanam supiri.. eka mamath danagaththe meken thma bro.. Godak pin machan umbata. Jayama weewa.. !!!, thawa thawath me dewal karanna shakthiya dahiriya lebeewaa... !!! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  8. Niyamai Machan . Welawa thiyena widihata thawa post Danna. Appreciate your hard work bro.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීමට :)

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. Niyamai bro,,,thanks ! thavath danna deval apita kiyala denna

    ReplyDelete