:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Monday, August 29, 2016


හලෝ කස්ටිය... 

හුග කාලෙකින් මේ පැත්තට ආවේ. කොහොමද ඉතින් ජිවිතේ? මල් 8යි ද? ඈ...
අද එහෙනම් පොඩ්ඩක් කතා කරමු තව ජනප්‍රිය සිස්ටම් එකක් ගැන. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. සමහරවිට නොදන්නවත් ඇති. Hubba Hubba's Style (5-15 mins) කියන්නේ ගොඩක් අය පාවිච්චි කරන සිස්ටම් එකක්. ලේසියි වැඩිය දේවල් නෑ, බොහෝවිට London, New York market වල හොදට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක දෙන්න ගොඩක් පරක්කු උනා කියලයි මමනම් හිතන්නේ. 100% නැතත් සැලකියයුතු මට්ටමක හොද වින් රේට් එකක් ගන්න මේ සිසිටම් එක හොදයි. 




ඇයි  මේ ස්ටාර් වෝර් ෆිල්ම් එකේ පොටෝ ටිකක් දාල තියෙන්නේ? ඈ 
ආ Hubba Hubba කියන මේ සිස්ටම් එක දීපු කෙනා ෆෝරම් එකේ පාවිච්චි කරන්නේ ඔය මාස්ක් එක. ඒකයි. 

මේක හරිම සිම්පල් දැනගන්න ඕනේ දේවල් ටිකක් කෙටියෙන් කියන්නම්. ඊටත් මම පහලින් ෆෝරම් එකේ ලින්ක් එක දානවා, ඔයාටම කියවලා බලන්න පුළුවන්. 

1. මේක 5මින්  චාර්ට් එකට හදපු එකක් 

2. මාකට් එකේ Over sold, Over bought මත පදනම් වෙනවා 

3. Engulfed Candle Pattern එක ප්‍රධාන Pattern එක වෙනවා 

4. Support , Resistance Cross මතත් පදනම් වෙනවා 

5. VC3 කියන Indicator එක පාවිච්චි කරනවා 

6. මාකට් ඕපන් ටයිම්, නිව්ස්, සදුදා දින බොහෝවිට ට්‍රේඩින් වලින් අයින් කරනවා, ඒ කිව්වේ ඒ ඒ දේවල් වෙන වෙලාවට ට්‍රේඩ්න් කරන්නේ නෑ

7. එකී මෙකි නොකී ගොඩක් දේවල් ගොඩක් පහල පොටෝ 16න් බලාගන්න පුළුවන්..!

 Candle Pattern ගැන මුලින් හොදට ඉගෙනගන්න වෙනවා. ඒවා ගැන මගේ බ්ලොග් එකේ මම ලියල ඇති පොස්ට්, ඒවා කියවල බැලුවම මේ ඔක්කොම අහු වෙයි. Engulfed Candle Pattern එක ගැන කියලා වැඩක් නෑ ඉතින් සුපිරිම Pattern එක කිව්වත් හරි 

මෙන්න කලින් ලියපු Candle Pattern පිළිබද ලිපි 
1. candlestick-patterns-part-01.html
2.  candlestick-patterns-part-02.html

අමතක උනා මාර්කට් ඕපන් ටයිම්, ඒ ඒ වෙලාවල් වල Trade Activity ඔක්කොම බලාගන්න මෙන්න මේ සයිට් එක පාවිච්චි කරන්න 
analysis/market-hours Time Zone කියල තැනක් ඇති. එතන 5:30 GMT කියාලා හදාගන්න. එතකොට අපේ වේලාවෙන් ඒ ඒ රටවල් වල මාර්කට් ඕපන් ටයිම්, ඒ ඒ වෙලාවල් වල Trade Activity  බලාගන්න පුළුවන්. 






New York session - Result: 14 ITM - 2 OTM

ඇයි මේ ට්‍රේඩ් ගත්තේ මොනවද ඒවට හේතු කියල සරලව තියෙනවා. කියවලා තේරුම් ගන්න. 
ඒවා Won ද Loss ද කියලත්  තියෙනවා 

ITM = In The Money (Won)
OTM = Out of The Money (Loss)

මේකේ පොඩි පොඩි කට ඉරි වලින් තියෙන්නේ කලින් තිබුන Support , Resistance ලයින්. ඒවා ක්‍රොස් උනාමත් (බොහෝ විට Candle Pattern එකත් සලකලා) ට්‍රේඩ් කරනවා. 

මෙන්න ලින්ක් එක > hubba-hubbas-style-5-15-mins

කියවගෙන යන්න දිගටම ගොඩක් දිගයි. ඔයාට අහුවුනොත් අලුත් රුල්ස් වගේ දේවල් මේකට දාපු පහලින් කමෙන්ට් කරන්නත් කියලා ඉල්ලනවා.

මේ සිස්ටම් එක ෆලෝ කරන ලංකාවේ සෙට් එක ඉන්න ගෘප් එකේ ලින්ක් එක පහලින් දාන්නම්. එකට යන්න ඔයාට Telegram Account එකක් හදාගන්න ඕනේ (Free) ඒ හදාගන්න විදිය මෙන්න මේ පොස්ට් එකේ තියෙනවා. ඒක මුලින් කියවල, Account එකක් හදාගෙන ඇවිල්ල මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න ඊට පස්සේ Chat Group එකට යන්න පුළුවන් 

Update :- 2017.03.04 

How to create Telegram Account https://sihinaindicatortest.blogspot.com/2016/08/blog-post.html


Click to Join Chat group https://telegram.me/joinchat/DyeeGgos4LCdXoN25fb9xw

අපි කැපුනා. Mt4 එක ගත්තා එත් එතනින් එහාට කරගන්න තේරෙන්නේ නෑ කියලත් සමහරු කිව්වා, මගේ උපදෙස පොඩ්ඩක් යන්න යු-ටබ් එකට. ගිහින් බැරි ඕනම දෙයක් ගහල බලන්න. වැඩේ සිම්පල්. අයෙ මෙහෙම හම්බ වෙන්න වෙන එකක් නෑ. කමෙන්ට් වලට රිප්ලයි පරක්කු වෙයි. මෙත් වැකේෂන් නිවාඩුව නිසා මෙහෙමවත් ලියන්න පුළුවන් උනේ. අයෙ පටන් ගත්තම ඉතින් නො කතා නො සිනා මම වාෂ්ප වෙනවා. 

හැමෝටම ජය.  

9 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  2. set up 14 image - මාර්කට් RANGING එකක් නේද. එහෙනම් දාන්න ඕනේ 15 ට්‍රේඩ් එකක්. නමුත් දාල තියෙන්නේ 5 මින් නේද ? Can you please explain ?

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන් වල 5 මින් ට්‍රේඩ් තමයි දාල තියෙන්නේ නේද? එතන විතරක් නෙමෙයි

      Delete
    2. 15 min දාන්න ඔඅ trending market වලටනේ?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මටනම් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. රුල්ස් ටිකයි, අනිත් දේවලුයි මෙතන දාන්න පුලුවන්නම් හොදයි

      Delete
    2. This comment has been removed by the author.

      Delete