:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Wednesday, January 20, 2016


හා යාලෝ කොමද? හොදින් සිටීද? සිටි සිටි නේද? හරි එහෙනම් අද දෙන්න යන්නේ වෙනම සිස්ටම් එකක්. එක ලග සිස්ටම් ගොඩක් දානවා කියල බය වෙන්න එපා. ඔයාට ගැලපෙන එක බලලා කරගන්නයි තියෙන්නේ ගානට මිම්මට. 


අද දෙන්න යන්නේ මගේ ගෘප් එකේ වැඩක්. මගේ කිව්වම බලයි මුගේ මොන එකද කියලා. නෙහ්. මට තියෙනවා බුකියේ පුංචි පහේ යාලුවෝ 1000 කට කිට්ටු වෙන්න ඉන්න එකක්. ඔව් ඔව් බයිනරි ට්‍රේඩින් කරන අය විතරයි ඉන්නේ. මමත් ඇඩ්මින් කෙනෙක්. ඉන්නේ වැඩිපුරම World Wild යාලුවෝ. ලංකාවේ අයනම් ඉන්නවා. ඉන්න ටිකත් ADD කලේ මම. යමක් කමක් ඉගෙනගන්න. ඔය උඩ දාල තියෙන්නේ ගෘප් එකේ කවර පුටෝ එක.

ඔකේ ඉන්නවානෙ ඉතින් එකී මෙකි නොකී ට්‍රේඩර්ස් ලා. එහෙම කෙනෙක් තමයි Helio Manel කියන්නේ. එයා ගොඩක් කල් ඉදන් Rainbow කියල එකක් ටෙස්ට් කළා. මමත් කළා. මට එඩිට් කරලා තව Develop කරන්න අදහසක් තිබ්බේ නෑ. එත් මෙයා එකේ Version 1, 2 කළා. ඊට පස්සේ ඔන්න අපිත් ටෙස්ට් කළා. දැන් ඇවිත් තියෙන්නේ ෆයිනල් එක. අවසාන එක නිසා ඔයාලට දෙන්න හොදම වෙලාව තමයි මේක. 


පොඩි පුටෝ එකක් දාන්නම් මුලින් බලාගන්න 




වැඩි කතා බතා මොකටද බහුමුකෝ වැඩේට නේද අපි අවේ සිහිනගේ බයිලාවන් අහන්නය නෙහ්? හිහි හරි හරි හිටං අපි කතාවටම බහිමු 

මේක මිනිත්තු 1, 5, 15 කියන ටයිම් ෆ්‍රේම් වලට පාවිච්චි කරන්න පුළුවන්. පිලිවෙලින් මිනිත්තු 5, 15, 1 hour Trade තමයි දන්නේ. තේරුනා නේද? ඒ කිව්වේ මිනිත්තු 1 ටයිම් ෆ්‍රේම් එක බලනවානම් මිනිත්තු 5 trade එකක් තමයි දන්නේ. 5 නම් 15 එකක්, එහෙම හොදේ. 

දැන් හැරෙමු Indicator දිහාවට. මුලිකව සුසර කරගන්න ඕනේ ඕ ඕ ටියුන් කරගන්න ඕනේ indicator තමයි මෙන්න මේවා. ඔයාල මුකුත් කරන්න ඕනේ නෑ, මේකේ ටෙම්ප්ලේට් (tpl) ෆයිල් එක template folder එකට දැම්මම හරි. tpl එකක් හදන්නේ ඔක්කොම සුසර කරලා නෑ නෑ tune කරලා. දෙකම එකයි හිටං ඈ.. හිහි හිහි 

Indicators settings:  
Advanced_ADX = period 3 
Stochastic = 10.4.3 

MBFX SYSTEM = number bars 100 • aferrufx = trend box = X 20 and Y 15 •

All the other should be default. only have alerts on the indicator CYCLE IDENTIFIER WALERT1 MAJOR since it will help to know when the price touches the higher highs or the lower lows. 

හී බය වෙන්න එපා වැඩිය පොඩ්ඩක් කට්ට කොටලා කියල. ඔය කියන්නේ මේ මේ ඒවා මේ මේ level වලයි තියෙන්නේ. තියෙන්න ඕනේ කියලා. ඒක එච්චර වැදගත් නෑ. වැදගත් එක දෙයයි කියල තියෙන්නේ. ඒ තමයි මේකේ යටම තියෙනවා CYCLE IDENTIFIER WALERT1 MAJOR කියල වැදගත් Indicator එකක් අන්න එකෙන් alert එකක් එනවා මාකට් එක පහලම ගියාම සහ ඉහලම ගියාම. එකෙන් අපිට පොඩි දැනුම් දීමක් කරනවා කියල. පොඩි සද්දයක් එක්ක පොඩි pop up box එකක් එනවා. දැකලා ඇතිනේ සමහර indicator දැම්මම එනවා. අන්න එහෙම එකක්. 

DO NOT TRADE WHEN: 

1. The price is between the up and down GRAY line of MBFX SYSTEM. 


2. IF the % of the trend is above 75% (STRONG), DO NOT trade for the reversal even all the indicators tells you so. Only do it when there is a reversal and then you can trade for the reversal but on the same way as the trend.

ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න එපා මාකට් එකේ ප්‍රයිස් එක. එහෙමත් නැත්නම් Candle, MBFX SYSTEM එකේ අළු පාට ලයින් දෙක අතරේ ප්‍රයිස් එක. එහෙමත් නැත්නම් Candles තියෙනකොට. මොකද්ද MBFX SYSTEM එක කියන්නේ කියල උඩ බිම බලනවද? ඉන්න මන් පෙන්නනම් 



මම ඔක්කොම අනිත් දේවල් අයින් කරලා ඔන්න MBFX SYSTEM එක විතරක් ගත්තා පෙන්නන. නොදන්නා අයට හොදේ. මේක කියවනවා ඇති මේවා කලින් පාවිච්චි කරපු අය. ගොඩක් ඇති අලුත්ම අය. පවුනේ ඉතින් අ යන්න ආ යන්නේ ඉදලා මන් කියල දෙන්නම්. බය වෙන්න එපා. :) මේ පේනවනේ මේකේ නිකම් තොරණක් වගේ සින්ඩියක්. හිහි. ඔකේ පෙනවනෙ පාට පාට. ඉතින් ඔකේ අළු පාට මොකද්ද කියල මන් ලකුණු කරන්න ඕනි නෑ නී නෙහ්? හරි candles තියෙන්න ඕනේ ඒ දුබුරු ලයින් වලට උඩින් හෝ පහලින්. Call Trade එකක් දානවනම් පහල අළු එකට පහලින් ඒ කිව්වේ මේ කොළ පාට ලයින් වල තියෙන්න ඕනේ එක candle එකක් හරි. මොකද පහලම හෝ ඉහලම අගයකට ගියාම අපිට කොහොමත් හිතන්න පුළුවන්නේ මාකට් එක දැන් අනිත් අතට යාවි කියල? නේද? 
Put Trade එකක් දානවනම් අළු එකෙන් උඩ. ඒ කිව්වේ රතු ලයින් වල candle ගිහින් තියෙන්න ඕනේ. දැන් එතන නොතිබුනාට කමක් නෑ candle. හැබැයි ඊට නොදුරු වෙලාවක ඒ කිව්වේ ටිකකට කලින් candle ඒ සීමාවට ගිහින් තියෙන්න ඕනේ. ඒ අතරමැද අනිත් indicator හරි වෙලා ට්‍රේඩ් පෙන්නන්න පුළුවන්. එත් මන් මේ කියපු ටික වෙලා නැත්නම් අපි ට්‍රේඩ් කරන්නේ නෑ. හැම එකම ගලපුනාට පස්සෙයි ට්‍රේඩ් කරන්නේ. එක හොදටම මතක තියාගන්න. ඒ සිහි කල්පනාව නැත්නම් පුතේ ලොස් හොදේ.! පස්සේ මට නම් එනම් මනම් කියනවා එහෙම නේම් ඕන්.. 

දෙවෙනියට කියලා තියෙන්නේ ඔයාට පේනවද මන් මේ උඩදී දාපු පොටෝ එකේ දකුණු පැත්තේ තියෙනවා දැනට මාකට් එකේ අප් ඩවුන් එක පෙතිෂතයක් විදියට පෙන්නන්න තැනක්. අන්න එකේ 75% අප් එකක් හෝ ඩවුන් එකක් පෙන්නුවොත් ඒ වෙලාවට විරුද්ද අතට trade එකක් ගන්න එපා. මොකද මාකට් එක ගොඩක් Strong ඒ වෙලාවට. එහෙම වෙලාවට මොන සිග්නල් එක කොහොම හරි ගිහින් තිබ්බත් වරදින්න පුළුවන්. තේරුනාද? 

දැන් මේ රූපේ හැටියට බලන්නකෝ එකේ Down 87% ඒ කියන්නේ Down Trend එක ගොඩක් ප්‍රබලයි. එතකොට ඔයා අනිත් අතට Call Trade එකක් දාන්න යන්න එපා. ඇයි? ඇයි යකෝ මෙච්චර ප්‍රභල ට්‍රෙන්ඩ් එකක් කොයි වෙලී උඩට යාවිද කියල සක්කරයාගේ පුතා වයිමවත් දන්නේ නැහැනේ. හිහි. ආ බොරුද? 
ඔන්න එහෙනම් ඒ ටික තමයි මුලිකම ටික හොදේ. 

Trade එකට එන්ටර් වෙන හැටි බලමු මස්සිනේ. නෑනලා ඉන්නවනම් නැනෝ (අක්කල දෙන්න ඕනේ නෑ මස්සිනා වෙන්න ඈ අර ෆිට් එකට කිව්වේ. හිකිස්) මෙහෙමයි Indicator ටිකක් තියෙනවා. ඒ නිසා එකින් එක ඒවායේ ඉතිහාස කතන්දර, ලට්ට පට්ට (stuff) කියල දෙන්න ගියොත් අද මට මේක ලියාගන්න වෙන්නේ නෑ ඈ, ඒ නිසා අපේ trading වලට ඒ indicator use කරන හැටි විතරක් අපි බලමු. පස්සේ ඔයාල පොඩි අදහසක් ගන්න ආ මේ indicator එක මෙහෙමයි මට මේක මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් කියල. හරිනේ එහෙනම් 


How To Take Call Entry?

මුලින් නීති ටික දාල පස්සේ පින්තුර දාන්නම් නේද?

1. Price should be below the first gray line of MBFX SYSTEM. 

2. The little white squares will appear (also called resistance/support) and a yellow arrow. Please note that the arrow repaints which is not a problem. 

3. Cycle identifier will provide you an alert as shown on the last Indicator window of the Graph. Please note that if there is a green bar inside the little pyramid, it’s almost 100% sure that it will reverse. But if you feel confident and you have experience, please take the trades also only when the pyramid appears with no Bar on it. 

4. Stochastic has to be under 20%. 

5. AC bar has to be GREEN and the Rainbow oscillator (blue line inside AC indicator) to go upwards. 

6. You can confirm with the ADX if the trend will really turn and insert the trade on the next candle with 5min Expiry for 1min Time Frame. Only insert the trade after you have 1 green bar so you will insert the entry on the 2nd green bar of the ADX Indicator, which is does not repaint! 

සිංහලෙන් කියන්නම් නේද හිටං? 

1. Prize එක තියෙන්න ඕනේ පහල අළු ලයින් එකට පහලින් 

2. ඒ වගේම සුදු පාට කඩ ඉරි පේලියක් ඇවිත් තියෙන්න ඕනේ. සුදු කඩ ඉරි කාසිගේ සිස්ටම් එකෙන් ගත්තු එකක්. එකෙන් කියන්නේ සපෝර්ට් ලෙවල් එකක් මාකට් එකේ දැනට තියෙනවා කියල. 

3. Cycle identifier (පහලම තියෙන indicator එක) එකේ පිරමිඩ හැඩයක් තියෙන්න ඕනේ. 100% හොදයි එකේ කොළ පාට පොඩි ඉරකුත් එක්ක තියෙනවනම් එක non repaint ඒ වගේම කලින් කිව්වා වගේ alert එකක් දෙනවා. 

4. Stochastic indicator ලයින් එක 20 level එකෙන් පහල තියෙන්න ඕනේ. 

5. AC බාර් එන indicator එකේ කොළ පාට බාර් ඇවිත් තියෙන්න ඕනේ. ඒ වගේම Rainbow oscillator (blue line inside AC indicator) එක නිල් පාට ලයින් එකක් යනවා AC indicator box එකේ. එක උඩ අතට ගිහින් තියෙන්න ඕනේ. 

6. අවසාන වශයෙන් Advance ADX indicator එකේ කොළ පාට බාර් 2ක් තියෙන්න ඕනේ. එහෙම ආවයින් පස්සේ තමයි ට්‍රෙන්ඩ් එක ෂුවර් කරගන්නේ. 

අමතක උනා මේකේ අරෝව් එකක් එනවා. කහ පාට. ඒක නම් රිපෙන්ට් වෙනවා. ඒ කිව්වේ තැනින් තැනට candle එකෙන් candle එකට ගිහින් හරියටම මාකට් එක වෙනස් වෙන තැනින් නවතිනවා. ඒක කොහෙන් කොහොම කඩුලු පැන්නත් අපිට කමක් නෑ හොදේ. එකත් එක alert එකක්. 




පොඩි නම් ක්ලික් කරලා ලොකු කරලා බලන්න. 

බලන්න දැන් මම කිව්වා ඒවා සේරම තියේද කියලා? 
ඔක්කොම හරි නේද? ඔන්න ඔහොමයි ට්‍රේඩ් එකක් ගන්නේ. 

තව පොඩි උදාහරණයක් බලමුකෝ 




ඕවා මේවා ඔක්කොම ගලපලා තමයි Call trade එකක් දාන්නේ හොදේ. mt4 එකට ඔයා මේක දාගත්තට පස්සේ පොඩ්ඩක් චෙක් කරලා බලන්නකෝ එහෙම තැන ටිකක් මුලින්. මන් කිව්වේ හරි entry points ටිකක්. එතකොට ඔයාට මේක අල්ලගන්න පුළුවන්. මුලින්ම අරන් බලන්න . පස්සේ පුරුදු වෙන්න.  


How To Take Put Entry 


1. Price should be above the first gray line of MBFX SYSTEM.  

2. The little white squares will appear (also called resistance/support) and a yellow arrow. Please note that the arrow repaints which is not a problem. 

3. Cycle identifier will provide you an alert as shown on the last line of the Graph. Please note that if there is a RED bar inside the little pyramid, it’s almost 100% sure that it will reverse but if you feel confident and you have experience, please take the trades also only when the pyramid appears with no Bar on it.

4. Stochastic has to be over 80%.  

5. AC bar has to be RED and the Rainbow oscillator (BLUE line inside AC indicator) to go downward. 


6. You can confirm with the ADX if the trend will really turn and insert the trade on the next candle with 5min Expiry for 1min Time Frame. Only insert the trade after you have 1 red bar so you will insert the entry on the 2nd red bar of the ADX Indicator, which is does not repaint!

කලින් කිව්වා එකේ අනිත් පැත්ත. දැන් ළමයි indicator ටික අදුරනවනේ? නම් වලින්. එහෙනම් දැන් ලේසියි හොදේ. 

1. Prize එක තියෙන්න ඕනේ පහල අළු ලයින් එකට ඉහලින් 

2. ඒ වගේම සුදු පාට කඩ ඉරි පේලියක් ඇවිත් තියෙන්න ඕනේ. සුදු කඩ ඉරි කාසිගේ සිස්ටම් එකෙන් ගත්තු එකක්. එකෙන් කියන්නේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් මාකට් එකේ දැනට තියෙනවා කියල.

3. Cycle identifier (පහලම තියෙන indicator එක) එකේ පිරමිඩ හැඩයක් තියෙන්න ඕනේ. 100% හොදයි එකේ රතු පාට පොඩි ඉරකුත් එක්ක තියෙනවනම් එක non repaint ඒ වගේම කලින් කිව්වා වගේ alert එකක් දෙනවා. 

4. Stochastic indicator ලයින් එක 80 level එකෙන් උඩ තියෙන්න  ඕනේ.

5. AC බාර් එන indicator එකේ රතු පාට බාර් ඇවිත් තියෙන්න ඕනේ. ඒ වගේම Rainbow oscillator (blue line inside AC indicator) එක නිල් පාට ලයින් එකක් යනවා AC indicator box එකේ. එක පහල  අතට ගිහින් තියෙන්න ඕනේ. 

6. අවසාන වශයෙන් Advance ADX indicator එකේ රතු පාට බාර් 2ක් තියෙන්න ඕනේ. එහෙම ආවයින් පස්සේ තමයි ට්‍රෙන්ඩ් එක ෂුවර් කරගන්නේ.



හරි නේද එහෙනම්? හොදට බලල එකින් එක තේරුම් ගන්න :) 

තව පොඩි උදහාරණයක් දාන්නම්.




මේ මම පෙන්නලා තියෙන්නේ මිනිත්තු 1 චාට් එකේ මිනිත්තු 5කට  ට්‍රේඩ් දාන හැටි. මිනිත්තු 5 චාට් එකෙත් මේ විදියටමයි ට්‍රේඩ් දාන්නේ. නමුත් expire time එක මිනිත්තු 15 හෝ ඊට ඉහල 15-30 අතරේ වගේ. ඔයාට ගැලපෙන වෙලාවක් කරලා බලන්න. 

ගොඩක් වෙලාවට මිනිත්තු 5 ටයිම් ෆ්‍රේම් එක තෝරන් මිනිත්තු 15 ට්‍රේඩ් දාන්න කියලයි කියන්නේ. අනිවාර්ය දෙයක් නෑ. ඔයාට ගැලපෙන විදියට තෝරාගන්න :)

මෙන්න ලින්ක් එක. ගන්නකො එහෙනම් සිස්ටම එක 
>> http://www.mediafire.com/download/fjt2otiqz1zapjc/%21Rainbow+oscillator+by+zooky+-+FINAL+VERSION%21.rar


**Update අමතක උන ඒවා පස්සේ ලියන්නේ ඔහොම හොදේ. 
මෙන්න මේ වගේ ට්‍රේඩ් ගන්න එපා.!



හේතුව මම පොටෝ එකේ දාල තියෙනවා. ඕනෙනම් කියන්නම්. මෙහෙම වෙලාවක සේරම හරි තමයි ට්‍රේඩ් එකක් ගන්න. එත් මොකද වෙලා තියෙන්නේ මාකට් එක පහලම අළු ලයින් එකටත් ගිහින්. ඉතින් ඒ කියන්නේ පහලම අගයටත් ගිහිල්ලනේ. ඉතින් තව පහල යාවි කියල නේද අපි මෙතන ට්‍රේඩ් එකක් දාන්න හදන්නේ? එකනම් ඉතින් වෙන දෙයක් නෙමේ කියලා ඔයාලටම තේරෙනවනේ. ඒ නිසා මේ වගේ ට්‍රේඩ් ගන්න යන්න එපා. උඩම රතු, අළු ලයින් අතරේ ට්‍රේඩ් එක දාන්න සෙට් උනානම් ලොවෙත් ගොඩ යන්න තිබ්බ මෙතන මේ පුට් එකේ හැටියට. ඒ නිසා ඔක්කොම හරි ගියාට විතරක් මදි දැනට මාකට් එක තියෙන තැනත් බොහොම වැදගත්.

තව දෙයක් තියෙනවා. ඔයාල කැමතිනම් Donate කරන්නත් පුළුවන්. ඔයාල කවද හරි සාර්ථක උනොත් එහෙමත් කරන්න. අපි ගෘප් එක නොමිලේ කරන යන්නේ. එත් ඇඩ්මින්ලා (මම) ඇතුළුව ලොකු සප් එකක් දෙනවා හැමෝටම, ඔය උඩ දුන්න එකෙන් සිස්ටම් එක ගත්තම English PDF එකත් ඇති. එකේ සේරම විස්තර ඇති. ගෘප් ලින්ක් එහෙමත්. එහෙනම් හැමෝටම ජය 
වෙන ඉතින් කියන්න තියෙන්නේ ඔයාල කමෙන්ට් දානකොට පුලුවන්නම් ඇත්තම email address එක පාවිච්චි කරන්න කියල. සම්බන්ද කරනගන්න පුළුවන් එකක්. ඒ වගේම ඕනෑම වෙලාවක මම ස්කයිප් ඉන්නවා. sahan.pasindu3 add කරගන්න. ඕනෑම දෙයක් අහන්න. මෙච්චර දේවල් ලිව්වා කියල මට සත පහක ලාබ ප්‍රයෝජනයක් නෑ. මම දන්නවා. එත් නොදන්නා අය කොයි තරම් ඉන්නවද. මේ ෆීල්ඩ් එකේ අතරමන් නොවී සතයක් හරි බ්රෝකර්ගෙන් ගන්නවනම් අන්න ඒකනේ මචන් අපේ සාර්ථකත්වය කියන්නේ. සාර්ථකත්වය කියන්නේ පිටින් පෙන දේට නෙමේ. ඔයා ඔයාට ලබා ගන්න දේවල්. සල්ලිම නෙමේ වෙන්න පුළුවන්. සමහර විට දැනුම. ඒ හැමදේම දවසක ඔයාලට රුකුලක් වෙයි. තව දෙයක් පොස්ට් හොරෙන් උස්සන්න එපා. 
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්, දැනට පිනට දුන්න නොවේ. හිතේ මනාපෙන්. හිහි. මන් ඒ කිව්වේ හොරුන්ට. ඔයාලා නෙමේ ඈ 
හැම වෙලාම පුලුවන්නම් සහෝදර යාළුවන්ට උදව් කරන්න. අනිවාර්යෙන් දවසක ඔයා ඒ කරන උදව් නිසාම ඉහලට යනවා. කුහක වෙන්න එපා. දන්නා දෙයක් නිතරම කියල දෙන්න. අපි ජිවත් වෙන්නෙත් හරිම ටික කාලයයි. කෙනෙක් ඉහල යනකොට බලන් සතුටු වෙන්න. ඉරිසියා නොකර. ඉරිසියා නොකර උත්සාහයෙන් ඒ තැනට එන්න ඔයාටත් බැරි නෑ මචන්. ඇති නේද ආඩ පාලි මගේ හිහි 
එහෙනම් ජයම වේවා. 

කියෙව්වොත් හිතෙන දේ ගැන කමෙන්ට්ටුවක් කොටන් යන්න. තැන්කු 

1 comment: