:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Monday, February 29, 2016






අද අපි බලමු අපේ Trading වල වැදගත්ම දේ එහෙම නැත්නම් ප්‍රධාන මෙවලම වෙන දේ ගැන.
ඒ තමයි Meta Trader 4 මෘදුකාංගය. අපි මේ මෘදුකාංගය භාවිතා කරලා තමයි Currency Market එක හැසිරෙන විදිය බලාගන්නේ. මම Meta Trader 4 මෘදුකාංගයේ Interface එක පහලින් දාන්නම්


මේ තියෙන්නේ මගේ Meta Trader 4 එක. අපි දැන් බලමු කොහොමද මේ වගේ එකක් අරගන්නේ කියලා. මේකට කිසිම ගානක් අය වෙන්නේ නෑ. අපිට පුහුණු වෙන්න Meta Trader 4 එකක් Broker කෙනෙක්ගෙන් ඉල්ලගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු කොහොමද එකක් Open කරගන්නේ කියලා.

මුලින්ම ඔයා www.alforex.com (Click the Link) වෙබ් අඩවියට යන්න ඕනේ. ඒකෙ තියෙනවා Open Demo Account කියලා. අන්න ඒක Click කරන්න.


ඊට පස්සේ MT4  (Meta Trader 4 මෘදුකාංගය) Download වෙන්න පටන් ගනීවි. (566kb)


Download උනාට පස්සේ ඒක Double Click කරලා Open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම Window Box එකක් ඒවි. 


මේකේ මේ License Agreement එකට Tick එකක් දාල Next Click කරන්න 

ඊට පස්සේ Data Base එකෙන් Meta Trader 4 මෘදුකාංගය අදාළ ෆයිල් එහෙම Download වෙයි. 

ඊටත් පස්සේ 



මේ වගේ Window එකක්  ඒවි. එකේ මේ  AL Forex Server එක තෝරලා ඒකෙ Demo Account එකක් හදන්නයි තියෙන්නේ. මේකේ මේ අපු Server එක තෝරාල Next Click කරන්න 


ඊළගට අපි Demo Account මේ Meta Trader 4 මෘදුකාංගයේම හදාගන්නවා කලින් Window එකේ Server එක තෝරලා Next Click කලාම මේ වගේ Window එකක් එන්නේ. මේකේ අපි New demo account කියන එක තෝරලා Next Click කරන්න  ඕනේ.

ඊට පස්සේ අපි පරිස්සමින් පුඅරවන්න ඕනේ තැනක් එනවා. මේක Demo Account එකක් නිසා ලොකුවට හරිම තොරතුරු දාන්න ඕනේ නෑ. එත් අපි Real Trading කරන්න යනවනම් මෙතන මේ තොරතුරු ටික හරියටම පුරවන්න ඕනේ හොදේ. 



  • Name     - සම්පුර්න නම 
  • Country - ජිවත් වෙන රට 
  • City       - ජිවත් වෙන නගරය 
  • State      - පළාත/ රට විදියටත් ගන්නවා. පළාත දෙන්න 
  • Zip Code - තැපැල් අංකය (Postal code) Postal code SL මේ ලින්ක් එකෙන් ඔයාගේ නගරේ code එක හොයාගන්න. නැත්නම් නෙට් එකේ ගැහුවත් එනවා. 
  • Address - ලියාපදිංචි ලිපිනය 
  • Phone  -  දුරකථන අංකය (වැඩ කරන එකක් දෙන්න)
  • Email  -  හරි මේල් එකක් දෙන්න. වැඩ කරන එකක්. 
  • Account Type - Forex 
  • Currency - USD
  • Leverage - 1: 500 
  • Deposit - ලිස්ට් එකේ තියෙන ඕනෑම ගානක් ගන්න. ඕවා බොරු සල්ලි නිසා ප්‍රශ්නයක් නෑ 😝
පහල තියෙන Newsletters Agreement එකටත් Tick එකක් දාලා Next Click කරන්න. 

ඊළගට ඔයාට මෙන්න මේ වගේ Window එකක් ඒවි 


මෙන්න මේ විස්තර ටික මේ විදියටම කොහේ හරි පරිස්සම් තැනක තියාගන්න. ලියාලා තියාගන්න. මොකද මේවා තමයි ඔයාගේ Meta Trader 4 මෘදුකාංගයට Log වෙන්න දෙන තිරතුරු. මේවා ආයේ ගන්න බෑ..! ඒ නිසයි මේවා ආරක්ෂා කරගන්න කිව්වේ. දැන් ඔක්කොම හරි නම්  Finish Click කරන්න.
කාටවත් මේ ID, Password දෙන්නත් එපා. මොකද මේ ID, Password වලින් වෙන Al forex MT4 එකකින් උනත් ලොග් වෙන්න පුළුවන්. උදාහරනෙකට ඔයාගේ මුහුණු පොතේ FB ACCOUNT එක කියලා හිතන්නකෝ. ඔයාගේ Mobile Phone එකෙන් Computer එකෙන් විතරක් නෙමේ Email, Password දන්නවනම් ලෝකේ ඕනෑම තැනකින් Log වෙන්න පුළුවන්නේ. 
ඔයාලට ආයේ ආයේ තව ගිණුම් හදන්න ඕනේ නෑ. AL forex mt4 එක ගත්තා මේ ගත්තු ID, Password දීලා ලොග් වෙන්න පුළුවන්. එකත් දැනගෙන ඉන්න. නැත්නම් මැෂින් එක ෆෝමැට් වෙලා හරි මොකක් හරි උනු ගමන් සයිට් එකට ගිහින් තව  Demo Account open කරලා වෙලාව නාස්තිකරගනිවිනේ. 




ඊළගට මේ වගේ Window එකක් ඒවි. දැන් ඔක්කොම ඉවරයි.

මේ MT4 එක Close කරලා ආයේ ගන්නකොට මෙහෙම Window එකක් අවොත් 



Exiting trade account කියන එක Click කරලා අර කලින් අපි ගත්තු Id, Password කියන 2ක මෙතනට දීලා Next Click කරන්න  ඕනේ. ඊට පස්සේ MT4 එකට යන්න පුළුවන්. 

හරි එහෙනම් ඔන්න අපි ඒ කොටස දැනගත්තා. ඊලග ලිපියෙන් මම කියල දෙන්නම් සම්පුර්න විදියට MT4 එකක් භාවිතයට සුදුසු විදියට හදාගන්නේ (customize) කියලා. එහෙනම් ඊලග ලිපියෙන් හමු වෙමු. 

0 comments:

Post a Comment